IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉල්ලා අස්වෙන්න’යි කිසිවකු මට බලපෑම් කළේ නෑ

දේශපාලනයෙන් හෝ කිසිදු අයුරකින් නායකත්වයෙන් ඉවත්වන ලෙස තමන්ට බලපෑමක් සිදු නොවු බව තිලකරත්න ඩිල්ෂාන් පවසයි. මාධ්‍ය ඔස්සේ තමන් ගැන ප‍්‍රකාශ වු දේවල් සහ දකුණු අප‍්‍රිකානු සංචාරය තෙක් නායකත්වයට පත් කර තිබීම ඉල්ලා අස්වීමේ ලිපිය යැවීමට හේතුවක් වු බවද ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අද (26* පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. ”මාව නායකයා ලෙස පත් කළේ දකුණු අප‍්‍රිකානු සංචාරය ඉවරවෙන තෙක් පමණයි. සංචාරය ඉවර වෙන්න තරග දෙකකට උඩදී මාධ්‍යයෙන් නොයෙක් දේවල් ප‍්‍රකාශ වුණා. ඉතිං මම හිතුවා මේක ප‍්‍රශ්ණයක් නොකර එරට සිට මගේ ඉවත්වීම බාර දෙන්න” ”ඉන් පසුව අවශ්‍ය නම් අලූතෙන් පත් වුණ තේරීම් කමිටුවට පුළුවන් යළිත් මාව පත් කරන්න. නැත්නම් අලූත් කෙනෙක් පත් කරන්න” ”මම හරි දේ කරලා බලන් හිටියා මොකද වෙන්නේ කියලා. ඔවුන් තීරණයක් ගෙන තිබෙනවා. මම ඒ දෙයට කිසිම දෙයක් කියන්නේ නැහැ. අලූත් නායකයාට මම උපරිම සහයෝගය දෙනවා” යයිද ඩිල්ෂාන් පැවසීය. තමන්ට දුරකතනයෙන් පවා යම් යම් දේවල් අසන්නට ලැබුණු බවත්, නව තේරීම් කමිටුවට තීරණයක් ගැනීමේ අවස්ථාව දුන් බවත් හිටපු නායකයා වැඩිදුරටත් පැවසීය. තමන් නායකයා වශයෙන් පත්කළේ දකුණු අප‍්‍රිකා සංචාරය සඳහා පමණක් හෙයින් ඉල්ලා අස්වීමේ ලිපියක් යොමු කිරීමේ අවශ්‍යතාවක් නොමැති වුවත්, තමන්ගෙන් ඉවත්ව යන ලෙස පැවසීමට පෙර ලිපියක් ඔස්සේ තම තීරණය යොමු කළ බවත් ඩිල්ෂාන් අද (26 වැනිදා* මාධ්‍ය හමුවේදී පැවසීය. ”මම නායකයකු හැටියට මහේලගෙන් පස්වැනි ස්ථානයේ කී‍්‍රඩා කරන්න යැයි පැවසුවාම මහේල කිව්වා මම චන්දිමාල්ට ඒ අවස්ථාව දෙන බව කිව්වා. එය මහේලගේ හොඳ ගතිගුණයක්. යැයිද හිටපු නායකයා පවසයි. ”මම ගොඩක් සතුටු වෙනවා මහේල වගේ පලපුරුදු ක‍්‍රීඩකයෙක් නායකත්වයට පත්වීම ගැන. ඔහු පවසනවා වසරක් වැනි කාලයකට බාර ගත්තා කියලා. මහේල තව වසර දෙකක්වත් නායකත්වයේ සිටිය යුතුයි” ”නායකත්වය දැරිය හැකි කී‍්‍රඩකයෙක් තව වසර දෙක තුනකටවත් පෙනෙන්නේ නැහැ. ජේ්‍යෂ්ඨයන් හැටියට අපට නවකයන් ඒ සඳහා පුරුදු කරන්න  ඕනේ. ඒ දේ මහේලට කළ හැකි යැයි මම සිතනවා” යැයි ද ඩිල්ෂාන් පවසයි. ලෝක කුසලාන තරගාවලියේදීත් තමන් පන්දු යවන්නෙකු ලෙස දස්කම් දැක්වු බවත්, නායකයකු වු පමණින් සිය තුන් ඉරියව් දස්කම් අපතේ නොයා රට වෙනුවෙන් ක‍්‍රීඩා කිරීම සිය අරමුණ වු බැවින් පන්දු යැවීම ද මුලික කටයුත්තක් වු බවද ඔහු පවසයි. දකුණු අප‍්‍රිකාවට එරෙහිව අවසන් එක්දින තරග දෙක ජය ලැබීම නිසා තමන්ට  ඕස්ටේ‍්‍රලියානු තරග සංචාරයේද නායකත්වය හිමි වුවා නම් එය හොඳින් කිරීමට තිබුණා යැයි ද ඩිල්ෂාන් පවසයි.



අදහස් (0)

ඉල්ලා අස්වෙන්න’යි කිසිවකු මට බලපෑම් කළේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site