(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගිය පසු මීළඟ උත්තරීතර නායකයා ලෙස තමන්ව පත් කිරීමට ඉරාන වැසියන්ගේ කැමැත්තක් තිබූ වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

එම යෝජනාව තමා ප්‍රතික්ෂේප කළ බවත් ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා වීමට තමන්ට අවශ්‍ය නොවූ බවත් ජනපති ට්‍රම්ප් සඳහන් කළේය.

ඉරානයට සටන් විරාම ගිවිසුමකට එළැඹීමට දැඩි අවශ්‍යතාවයක් තිබෙන බවත් ඉරානය ඇමෙරිකාව සමග සාකච්ඡා පවත්වන බවත් ඔහු කීවේය.

කෙසේ නමුත් ඉරානය ප්‍රසිද්ධියේ ඒ බව ප්‍රකාශ කිරීමට බියත් දක්වන බවද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්‍ ට්‍රම්ප් ප්‍රකාශ කළේය.