පෘථීවියේ චුම්භක ක්ෂේත්‍රය මාරුවී ලෝකය විනාශවීමට ඉඩ ඇතැයි යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නැතැයි තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. සූර්යයා වෙන පැත්තකින් පායතියි කියන කතාව ද මිත්‍යාවක් බව ඔහු කියයි. චන්දන ජයරත්න මහතා පවසන්නේ වරින් වර පෘථීවි චුම්භක ක්ෂේත්‍රයේ උතුරු දකුණ මාරු වීම සිදුවන දෙයක් බවයි. සෑම වසර කෝටි 25 කින් පමණ පමණ මෙලෙස පෘථීවි චුම්භක ක්ෂේත්‍රය මාරුවිය හැකියැයි පර්යේෂකයෝ පවසති. මේ පිළිබඳ මහාචාර්ය චන්දන ජයරත්න මහතා මෙසේ කීවේය. ‘ලෝකය විනාශවේයැයි බියෙන් ප්‍රචාරය කැරෙන කතාවල කිසිදු සත්‍යතාවක් නැහැ. සූර්යයාට ඉහළින් තවත් සූර්යයකු දක්නට ලැබුණු බවට ඡායාරූප පවා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වුණා. ඒය කිසිසේත්ම සිදුවන්නට හැකි දෙයක් නොවේ. ඒ වගේම සූර්යයා පායන දිශාව වෙනස් වනවායැයි කියමින් කතා ප්‍රචාරය කරනවා. මේවා මිත්‍යා පමණයි. එය වෙමින් පවතින දෙයක් හෝ සිදුවිය හැකි දෙයක් හෝ නොවේ. ‘ පර්යේෂකයන් පවසන්නේ චුම්භක ක්ෂේත්‍රය මාරු වුවත්එහි විශාල බලපෑමක් නොවන බවයි. කුරුල්ලන්ට දිශාව සොයා ගන්නට අපහසුවක් ඇතිවීම හැර ගුවන් මාර්ගවලට හෝ හානියක් සිදුනොවන බව ඒ පිළිබඳ පර්යේෂණ පවත්වන පිරිස් පෙන්වාදෙති.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැනටමත් ඉන්නේ විනාස වුණු ලෝකෙක තමයි (ස)
ප්‍රබල ජන මතයක් සාදන ලද මාතෘකාවකි (අ)
අද හෙට හිරු බටහිරින් පායන්නේ නැත එහෙත් දිනක එයද සිදුවිය හැක (දී)