IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉර අනෙත් පැත්තෙන් පායන්නේ නෑ

පෘථීවියේ චුම්භක ක්ෂේත්‍රය මාරුවී ලෝකය විනාශවීමට ඉඩ ඇතැයි යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නැතැයි තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. සූර්යයා වෙන පැත්තකින් පායතියි කියන කතාව ද මිත්‍යාවක් බව ඔහු කියයි. චන්දන ජයරත්න මහතා පවසන්නේ වරින් වර පෘථීවි චුම්භක ක්ෂේත්‍රයේ උතුරු දකුණ මාරු වීම සිදුවන දෙයක් බවයි. සෑම වසර කෝටි 25 කින් පමණ පමණ මෙලෙස පෘථීවි චුම්භක ක්ෂේත්‍රය මාරුවිය හැකියැයි පර්යේෂකයෝ පවසති. මේ පිළිබඳ මහාචාර්ය චන්දන ජයරත්න මහතා මෙසේ කීවේය. ‘ලෝකය විනාශවේයැයි බියෙන් ප්‍රචාරය කැරෙන කතාවල කිසිදු සත්‍යතාවක් නැහැ. සූර්යයාට ඉහළින් තවත් සූර්යයකු දක්නට ලැබුණු බවට ඡායාරූප පවා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වුණා. ඒය කිසිසේත්ම සිදුවන්නට හැකි දෙයක් නොවේ. ඒ වගේම සූර්යයා පායන දිශාව වෙනස් වනවායැයි කියමින් කතා ප්‍රචාරය කරනවා. මේවා මිත්‍යා  පමණයි. එය වෙමින් පවතින දෙයක් හෝ සිදුවිය හැකි දෙයක් හෝ නොවේ. ‘ පර්යේෂකයන් පවසන්නේ චුම්භක ක්ෂේත්‍රය මාරු වුවත්එහි විශාල බලපෑමක් නොවන බවයි. කුරුල්ලන්ට දිශාව සොයා ගන්නට අපහසුවක් ඇතිවීම හැර ගුවන් මාර්ගවලට හෝ හානියක් සිදුනොවන බව ඒ පිළිබඳ පර්යේෂණ පවත්වන පිරිස් පෙන්වාදෙති.



අදහස් (0)

ඉර අනෙත් පැත්තෙන් පායන්නේ නෑ

පුෂ්පානන්ද Monday, 17 December 2012 04:25 PM

අපි දැනටමත් ඉන්නේ විනාස වුණු ලෝකෙක තමයි (ස)

:       0       0

රසිකා චන්දිමා බ්‍රාහ්මණගේ Tuesday, 11 March 2014 09:26 PM

ප්‍රබල ජන මතයක් සාදන ලද මාතෘකාවකි (අ)

:       0       0

චින්තක Sunday, 16 December 2012 07:29 PM

අද හෙට හිරු බටහිරින් පායන්නේ නැත එහෙත් දිනක එයද සිදුවිය හැක (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site