ලන්ඩනයේ ”ඉකොනොමිස්ට්” ආර්ථික විද්‍යා සඟරාව පවත්වන ලද සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත්තේ 2013 වසරේදී උපදින්නට හොඳම රට ස්වට්සර්ලන්තය බවයි. මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව නැත.
ඔවුන් පවසන්නේ ස්විට්සර්ලන්තයේ ජීවත්වන්නන් ඉහළ ගුණාත්මක භාවයක් බුක්ති විඳින බවය. ඉතාමත් සතුටින් ජීවත්වන බවය. දෙවැනි තැන ඕස්ට්‍රේලියාවටත් තෙවැන්න නෝර්වේ රජයටත් හිමිවී ඇත.
මෙම සමීක්‍ෂණයෙන් ඇමෙරිකාවේ 16 වැනි තැනටත් එංගනත්තය 27 වැනි තැනටත් පත්ව ඇති අතර මුල් රටවල් හතරම ස්කැන්ඩිවෙනියා රටවල් වෙයි.
මේ රටවල ජීවත්වන්නන් මෙවන් තැනකට පත්වීමට මුල්වී ඇත්තේ පෞද්ගලික ආදායම් මට්ටමට වඩා රටේ ඇති රාජ්‍ය ආයතනයන්ගේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ මහජනයා අතර ඇති දැඩි විශ්වාසය, අපරාධ අඩුවීම, ඉහළ මට්ටමක ඇති පවුල් ජීවිතය සහ පරිසරයේ ඇති පවිත‍්‍රභාවයයි. ඒ ඒ රටවල ස්වභාව සෞන්දර්යය, ජන විකාශනය, සමාජයික හා සංස්කෘතික හැඩතල මෙන්ම ආර්ථික තත්ත්වයද මෙම සමීක්‍ෂණයේදී සලකා බලා ඇත. 2013 දී උපදින දරුවන් වැඩිහිටියන් බවට පත්වන 2030 වර්ෂයේදී ඒ රටවල ඒක පුද්ගල දළ ආදායම පිළිබඳවද මෙහිදී සලකා බලා ඇත.
මුලට තේරී ඇති රටවල් සියල්ලම වාගේ කුඩා ආර්ථිකයන් සහිත රටවල් වීමද විශේෂත්වයකි.
ඉපදීමට නරකම රට නයිජීරියාවයි.



1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහේ ඉන්න දේශපාලකයොත් එක්ක මොන සංවර්ධනද අනේ? (නි)
ලංකාවට මම ආදරෙයි (දී)
ආශ්චර්යවත් ලංකාව ලොවෙත් නැහැ නේද? (නි)
යන්න නම් එපා අපේ අය එහේ ගියොත් ඒ රටෙත් වෙයි වගේ මෙහේ... (නි)
අනේ මාත් ස්විට්සර්ලන්තයේ ඉපදුනා නම්... (නි)
ශ්රී ලංකාව කීවෙනියද? 63? ආපෝ! (නි)
අයියෝ ලංකා (දී)
ලබන ආත්මයේදී එහෙනම් මෙහේ ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. (නි)
ශීතලනේ උහුලන්න බැරි. (නි)
ඉක්මණින්ම මැරෙන්න ඕනෑ රට නම් ලංකාව. (නි)
කවුද ඔය ලැයිස්තුව හදලා තියෙන්නේ (දී)
අපි ඉපදෙන්නෙත් ම්රෙන්නෙත් මගේ උත්තම ශ්‍රී ලංකාවේ පමණයි (දී)
පිනක් තිබ්බොත් හොදයි (දී)
සහතික ඇත්ත (දී)
අපිට කොහෙද එච්චර පිනක් මහත්තයෝ (දී)
හරියට ලිස්ට් එක බලන්න... ලංකාවයි, ඉන්දියාවයි නැද්ද කියලා (ස)
ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක් (ස)
අපි කොහොමද ඉති ලොකු අතු අල්ලන්නේ (දී)
මොකද්ද මේ වාර්තාව (දී)
ලෝක ඉතිහාසයෙන් බිඳක් (ස)
අයියෝ සල්ලි
"මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව නැත." (දී)
නියමයිනේ සැපට ජිවත් වෙන්න පුළුවන් (දී)
මමනම් කැමති මේ රටින් යන්න (දී)
මම ලංකාවට ආදරෙයි (දී)
ලංකාව නැ කිව්වට ඔය 63 ට තියෙන්නේ
මගේ රට තරම් රටක් මට නැත. ඔය සමීක්ෂණ කරන අය මනින්නේ මිනිසුන්ගේ සල්ලි වත්කම් ආධායම් නේ. මිනිසුන්ගේ මානසික සුවය දෙමාපියන්ට සැලකීම වැනිදේ ඔවයේ හොයන්නේ නැහැ ඔවා එතරම් සැලකිය යුත නැහැ (ස)
ලංකාවමේ තත්වයට ගන්න අපි මොනවද කරන්න ඕනේ (දී)
අනේ මටනම් මගේ සිරිලංකාව හොඳයි (ස)
ඉපිද මැරේ යලි ඉපිදේ
ලෝකෙන් උතුම්රට ලංකාවයි කියලා කිව්වට දැන් ඒක වෙනස් වෙලා (ස)
ආසියාවේ ආශ්චර්‍යය කොතනද තියෙන්නේ (ස)
සංක්‍රමණය වෙනවනම් හොඳම රට කුමක්ද ? (ස)
මමනම් කියන්නේ ඉපදුනොත් ලංකාව කියලා (දී)
මමනම් ප්‍රාර්ථනා කරන්නේ හොද තැනක ඉපදෙන්න කියලා (දී)
අයියෝ මම හිතුවේ 1 බලුකිස්තානය කියලා, 2 ස්වාසි ලන්තය, 3 උගන්ඩාව කියලා..(ස)
අපිට කොහෙන්ද ඒ තරම් පිනක් (දී)
එතකොට ජිවත් වීම තිතම රට අපේ රට ද? ඇත්ත නේ! (ස)
ඉංජිනේරුවෙක් වශයෙන් මම කීයක් හරි ඉතුරු කලා ලංකාවෙදි , කැනඩාවට ආවට පස්සේ සතයක් ඉතුරු කරන්න බැහැ. පරිසරය පිරිසිදුයි , දුෂණය අඩුයි . සල්ලි අතේ නැත්නම් , රටේ ලොකුව කන්නද . ලංකාව ඉතා හොදයි , මිනිස්සු ආචාරසීලි නම් වටිනවා.(ස)
ලංකාවේම ඉපදේවා (දී)
ලංකාව තරම් රටක් කොහෙන්ද අපිට
ලංකාවත් මේ වගේ තමයි කොතරම් නම් සුන්දරද? නමුත් මිනිසුන්ගේ ක්‍රියාකලාපයන්..?(නු)
ඇත්තටම ලෝකයේ බොහොම නිහතමානී මිනිස්සු ඉන්නේ මේ ස්විස් වල තමයි..!(නු)
ඇත්ටම ලෝකයේ හොදම මිනිසුන් ඉන්නේ ස්විස් වල බොහොම නිහතමානී මිනිසුන් තමා මේ අය..!(නු)
මේකේ අදහස් දාන අයට ලංකාව වටින්නේ නැති උනාට ලංකාව තරම් උතුම් රටක් වෙන කොහෙවත් නැහැ.. ඔයිට වැඩියෙන් හොදයි උඩබලාගෙන කෙල ගහගත්තානම්..!(නු)
කිසි ගැටලුවක් නැහැ මම හැමදාම ආඩම්බරයි ලාංකිකයෙකු වීම ගැන.. ඔවුන්ට තියෙන්නෙ මුදල් පමණයි.. නමුත් අපට මුදලට වඩා වටිනා බොහෝ දේ තියෙනවා..!(නු)
එතකොට 63 හා 66 මොනවාද?(නු)
පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය , ලොව අන් සියලු දිවයින් මේකට යට ය !!(නු)
මොන පිස්සුද. මිනිස්සු කොච්චර හොඳ උනත් අයිස් වැටෙන සීතල හය මාසයක් වගාවක් කල නොහැකි කබල් රටවලට වඩා ලංකාව කොච්චර හොඳද. අපි හැදෙමු එතකොට රට හොඳ වෙයි අඳුරට නොබැන තම තමන්ට හැකි ලෙස එක පහනක් හෝ දල්වන්න.(නු)
මේ පුවත වැරදියි. ජීවත් වෙන්න හොදම රට ලංකාවයි.. මේක ආසියාවේ ආශ්චර්යය..අනික ඕස්ට්‍රේලියාව ස්කැන්ඩියන් රටක් නෙමෙයි. (නු)
බොක්ෂිං වගේ ක්‍රීඩාවක නම් හොදම පරාජිතයා තෝරලා එයාටත් තෑග්ගක් දෙනවානේ... ඒ වගේ දෙයක්වත් අපේ ලංකාවට දෙන්න බැරිද?(නු)
අපේ රට සම වෙලා තියෙන්නේ මස් කන රටක් එක්කනේ..!(නු)
ලක් මාතාව මේ තරම් හෑල්ලුවට ලක් උනේ බල ලෝභී දේශපාලනය නිසයි..!(නු)
මේ ලැයිස්තුවේ 63 ස්ථානයට තියෙන්නේ ලංකාව.. හොද තත්ත්වයක්.. ආසියාවෙන්මෙ දෙවැනි ස්ථානයට ඉන්නවා තව වසරකින් බලන්නකෝ.. ලංකාව ඉස්සරහට යයි ඔහොම යං...!(නු)
මට මගේ රට ඔය මොනලන්තයටත් වඩා හොදඉ.මම යුරොපේ රහ හොදට දන්නො.තමන් උපන් රටට අපහාස නොකරන්න යාලුවනේ.(නු)
මමනම් නැවත ඉපදෙනවානම් ලංකාවේම ඉපදේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ..කොච්චර සැප ලැබුනත් පිරිසිදු බුදු දහම නැති රටක ඉපදිලා මිථ්‍යා දුෂ්ටියෙන්ම අන්ධයෙක් වගේ මිය යන එකේ තේරුමක් තියෙනවාද?(නු)
ඔය ගොල්ලන්ට සාමාන්‍ය දැනීමවත් නැද්ද? ඕස්ට්‍රේලියාව ස්කැන්ඩිනාවියා රටක් නෙවෙයි..!(නු)
මේ කතාවනම් හරියටම හරි මම වැඩ කරන ආයතනයට සේවා ලබා ගැනීමට නිතර එන ස්විස් ජාතික යුවලක් මගෙ මතකයට ආව මේක දැක්කම, ඔවුන්ගේ හැසිරීම කතාබහ සහ පහල මට්ටමේ පුද්ගලයෙකුට වුවත් සලකන විදිය දැක්කම මේක ඇත්ත බව මටනම් පැහැදිලියි.මේ ස්කැන්ඩිනේවියානු රටවල පුද්ගලයන් කොහොමත් මිත්‍රශීලි එවගේම අනිත් අයට ගරුකරන මිනිසුන්..(නු)
ලංකාවෙ ඉඳන් එහෙ ඉපදෙන්නෙ කොහොමද..?(නු)
ඉපදීමට නරකම රට නයිජීරියාවලු. මේ ලැයිස්තුවෙ ශ්‍රි ලංකාව හෝ ඉන්දියාව නැතිලු. එතකොට ලංකාව නයිජීරියාවටත් වඩා අන්තයි ද...? (මට තේරුණ හැටි)(නු)
අංක 63 ලංකාව සහ 66 ඉන්දියාව..
අවුරුදු පහලොවක්ම මේකේ ඉඳලා අද තමා දැනගත්තේ ඕස්ට්‍රේලියාවත් ස්කැන්ඩිවෙයන් රටක් කියලා. දැන් ඉතින් ඒයි බුරුතු පිටින් මේකත් ලංකාවක් හරි ඉතාලියක් හරි කරන්න.(නු)
මොනවා ආසියාවේ ආශ්චර්ය 63 වෙනියා. හැබැයි සිංගප්පුරුව ඉන්නවා 6 වෙනියට. වෙන්න බෑ. මේක අන්තර්ජාතික කුමන්ත්‍රණයක්.(නු)
මැරුණ විගස ස්විස්ටර්ලන්තයේ උප්පත්තිය සහතික නම් දැං මැරෙන්න කවුද ලැහැස්ති කියා දන්වන්න.. මට නම් ඕන සිනමා නළු ජෝන් වෙයින් හෝ මර්ලෝන් බ්‍රන්ඩෝ ගේ කාලෙට ගිහිංලා ඇමරිකවෙ නලුවෙක වෙන්න..(නු)
සාමාන්‍ය දැනීම නැති නිසානෙ ලංකාවෙ ඉපදුනේ..(නු)
මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව නැත.- එතකොට 63 හා 66?(නු)
ආශ්චර්යය ලොවෙත් නැහැ.. ලොවි ගහෙත් නැහැ..!(නු)
ලංකාව කෝ
ලංකාව නැහැනේ (දී)
ලංකාව මේ ලයිස්තුවේ උඩට ගන්න උත්සාහ කරමු (දී)
හලෝ ලංකේෂ්වර, ඕස්ට්‍රේලියාව ස්කැන්ඩිනේවියන් රටක් නොවේ. (නි)
මේකට අනුව, අඩුම වශයෙන් දකුණු ආසියාව ගත්තොත් ලංකාව තමා හොඳම රට තවමත් උපදින්න. (ස)
මේ ලැයිස්තුව කොහෙන්ද (දී)
ඇත්ත කතාවක් (දී)
"මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව නැත." මේ දාල තියන ලිස්ට් එකේ සම 63 වෙනි ස්ථානෙ පිලිපීනෙත් එක්ක "SRI LANKA" කියල තියන රට මොකක්ද එතකොට? 66 ඉන්දියාව ත් තියනවා (ස)
මට නම් හිනාත් යනවා (දී)
සුභපතනවා මම එවන් රටකට යන්න ඔබට (දී)
මමත් කමති එවන් රටක ඉපදෙනවානම් (දී)
ලංකාව හොදයි දැන් කෝ යුද්දය (දී)
අපිට පුළුවන් අර අය නැත්නම් .....(ස)
මේ රට අපිට හොදයි
මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව නැත.(ස)
මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව නැත.63 ,66
මේවා රටවල් ද
ජයවේවා
මෙන්න රටවල්
මේකේ තියෙන්නේ රටවල් 80 ක් විතරයි. ඉතින් ඉපදීමට නරකම රට නයිජීරියාව වෙන්නේ කොහොමද ?? (ස)
මමත් ඔය කතාව අහලා තියෙනවා (දී)
කොහොම හරි ලංකාව නැති එක හොඳයි (ස)
අපි ඉපදෙන මැරෙන රටයි (ස)
දෙයියෝ පිළිගන්න
ඔබ ලංකාවත් ඔය තැනට ගෙන්න කැප වෙන්න (දී)
ලංකා මාතා මාගේ (දී)
සිංහලයෝ උපදින්නේ ලංකාවේ විතරයි. ඒකම මදැයි (ස)
කවුරු මොනව කිව්වත්, අපිටනම් ලංකාව තරම් ලස්සන, ජීවත්වෙන්න හොද රටක් නැතෝ.... මමත් රටවල් තුන හතරකට ගිහින් තියෙනව. සසදනකොට වැරැද්දක් පොනේනම් රටේ නෙවේ. දේශපාලුවන්ගෙ විතරයි..(ස)
අපි උත්සාහ කරන්න ඕනේ මෙම වෙන්න( දී)
නැත අපි ලංකාව කොහොමහරි මේ තත්වයට ගන්න ඕනේ (දී)
අපේ රට ගෙන අපිට ආඩම්බරයි. මතක තිය ගන්න මේ රට උතුම් රටක් , ඉවසන්න මේක යුද්දයක් තිබුන රටක් , එක ඉවරයි ඉන්න , අපේ රටේ එකම සම්පතක්වත් ප්‍රමාණවත් අදායමක් ගෙන්න පුළුවන් හැකියාවක් නැහැ , හැබයි සම්පත් ගොඩයි , මගේ රටට ජය (ස)
අප හද පණ ගැහෙන රටයි..පණනම් ගැහෙන බව ඇත්ත.(ස)
සුභපතනවා මම
යක්කුන්ට බයනම් ලංකාවේ ඉන්න බෑ රකිත (ස)
ඒ ටොප් ලිස්ට් එකේ රටවල් අනිත් රටවල් වලට ගිනි දීලා ආතල් එකේ ඉන්න රටවල්... ඉතින් එයාලගේ ජීවිත ෆන්ම තමා...(ස)
ලබන පාර බලමු
මට ලංකාව හොදයි (දී)
එතකොට ලංකාව
ලංකාවේ දේශපාලකයෝ රටේ ජනතාවගේ මුදල් හොරා කන්නේ නැතුව රට හදන්න අවංකවම කැප වෙනවා නම් අපි මේ තරම් පහළ අඩියකට යන්නේ නැහැ. එයාලා බලන්නේ කීයක් හරි හොරා කන්න. කාලා උපාසකයෝ වගේ ඉන්නවා. පන්සල් පල්ලි වල ලොකුවට පූජා කරනවා. ජනතාව ගොනාට ඇන්දවෙනවා. මේවා නැති වෙනකම් අපි හැමදාම වලේ. කාටවත් බැනලා වැඩක් නැහැ. අවංක චේතනාවෙන් හැම දෙයක්ම කරනවානම් මැරෙනකොට හරි සතුටු වෙන්න පුළුවන්. (නි)
සහතික ඇත්ත (දී)
ආසියාවේ අස්චාර්ය තියෙන්නේ ස්විස් වලද?. (ස)
නැවත වරක් බලන කොටයි දැක්කේ සිංගප්පුරුව 6 වෙනි තැන කියල. ඒ අනුව බලන කොට මේ දත්තයන් ගැන පොඩි සැකයක් ඇති වෙනවා. (ස)
කොහොමද ඒ රටවල් ඒ තරම් හොද උනේ (දී)
හැම රටකම හොඳ නරක දෙකම තියෙනවා. හැබයි අපි තමා හොඳම අය, අනිත් අය හොඳ නැහැ වැනි කමෙන්ට් දාපු අය පොඩ්ඩක් හිතන්න: මාර්ග නීති හරියට රකින, නලාව පාවිච්චි නොකර නිහඬව වාහන එලවන, කැෂියර් කෙනෙක් නැති වෙළඳ සලකින් තමාම ගෙවා බඩු ගන්න, පිළිවෙලට පෝලිමට ගිහින් වැඩක් කරගන්න - අපේ රටේ මිනිස්සු මෙහෙම ද ?(ස)
මමත් ආසයි වෙන රටකට පදිංචියට යන්න (දී)
මටත් ඒ කාරනාවනම් හිත්තිලා තියෙන්නේ (දී)
පින් කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතුවාසනා වේවා (දී)
ඔය කොච්චර කියුවත් ලන්කාව තරම් මොන රටක් වත් හොද නැහැ (දී)
අනේ වාසනාවන් (දී)
කෝ ලංකාව
උතුම් ලංකාව හැර යන්නේ නැහැ (දී)
ලෝකෙන් උතුම් රට ලංකාවයි (දී)
මොන ප්‍රශ්නය තිබ්බත් තමන් ඉපදෙච්ච රට තරම් හොද රටක් වෙන නැහැ (දී)
එහෙම කියනවාට මම විරුද්දයි (දී)
සල්ලි තියෙනවානම් ඕනා රටක් හොදයි (දී)
මේ ප්‍රවෘත්තිය හොඳයි, එත් ලංකාව සහා ඉන්දියාව මෙහි තියෙනවා
මමත් යනවා ඒ රටට (දී)
ලෝකෙන් 63 වෙනියට උතුම්ම රට ලංකාවයි (ස)
මටත් ඉපදෙන්න ඇත්නම්....ලබන ආත්මෙවත් ඉපදෙනවා (ස)
ලංකාවත් මේ තැනට ගෙන්න (දී)
මමනම් කියන්නේ ලංකාවට ගහන්න රටක් නැත කියලාමගේ මව් රටට ජයවේවා (දී)
හොදින් ජිවත් වෙනවානම් කොයිම් රටත් එකයි (දී)
අපේ රට වාගේ සම දේශගුණික තත්වයක් තියෙන රටක් මේ ලෝකෙ කොහෙවත්නැ ඒවාගේම අපේ රටේ වාගෙ කම්මැලි මිනිසුන් ඉන්න රටක් මේ ලෝකේ කොහෙවත් නැතුවඇති ????(ස)
ලංකාවට පළමුවැනි තැනට එන්න නම් තව කල්ප ගණනාවක් බලාගෙන ඉන්න වෙනවා. (නි)
මම දන්න විදියට සංචාරයට සුදුසු රටවල් 3 යි. නොර්වේ, ස්වීඩන්, පින්ලන්තය (ස)
ලංකාවත් මෙහි ඉහල ස්ථානයකට ගන්න උත්සාහ කරන්න (දී)
ස්විට්සර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව ස්කැන්ඩිනේවියන් රටවල් නොවේ. (නි)
ඔක්කොටම කලින් ලද දෙයින් සැහෙන්න හිතන්න. එතකොට ලොකේ කොහෙත් ජීවත් වෙන්න පුලුවන්. (ස)
ලංකාව දාල ගිය අයටයි,රැකියාවකට හරි පිටරටක ගිය අය විතරයි මේ පින් බිමේ සැබෑ අගය දන්නෙ. පොදුවෙ ආසියානුවන්ට සලකන විදිහ දන්නෙ ඒ අය විතරයි. ඊට අමතරව පිටරටවල උදවියත් 1505 ඉඳලම මේ රටේ අගය දන්නවා....තුන් වෙනි තැන ලබාගෙන ඉන්නවා කියන නොර්වේ උනත් මේ රටේ අගය...දැනගෙන තමයි කොටි එක්ක එකතු වෙලා ඉල්මනයිට් ඇතුළු ඛණිජ සම්පතයි,මත්ස්‍ය සම්පතයි බිලි ගන්න හැදුවෙ.....(ස)
ඉපදීමට නරකම රට ශ්‍රී ලංකාවයි .(ස)
සම්පත්, අපිට වඩා යක්කු තව කොහෙද ඉන්නේ? අපිනේ මේ රට හදපු සහ නැති කරපු දේශපාලකයෝ පත්කලේ. රට 63 වුනේ අපේම වරදින්.(දී)
ලංකාව කීවෙනි තනටද ඉන්නේ (දී)
දැන ගත්ත එක හොදයි (දී)
මම විරුද්දයි , ලාංකිකයෝ හැටියට අපි කවදාත් ඉඅපදෙන්න ඕනේ ලංකාවේ (දී)
නිදාහසේ ඉන්න ලැබෙන රටක් නම් එච්චරයි (දී)
මම හිතන්නේ ශ්‍රී ලංකාව තමයි නියම රට. ලංකාව ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා (ස)
ලංකාව හොද නැද්ද (දී)
අනේ වාසනාවන් (දී)
ලංකාවට එහා රටක් කොහෙද මල්ලි (දී)
මේඩවෙලා වෙන රට වලට යන්න එපා. තව ටික දවසකින් අපේ අට අසියාවේ ආශ්චර්ය වෙනවා අමතකද? (ත)
මෙහෙත් දැන් මෝඩයොද මන්දා ඉන්නෙ? (නි)
ඔය මොනවා කියුවත් ලංකාව තරම් හොද රටක් තියෙනවාද (දී)