
(ටී.කේ.ජී.කපිල)
නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්, එම දෙපාර්තමේන්තුවෙන් ලද බුද්ධි තොරතුරු මත මීගමුව , පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වටලා අද (20) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් සංචාරක වීසා සහ ව්‍යාපාරික වීසා පහසුකම් යටතේ මෙරටට පැමිණ තිබූ අතර, ඉන් 36 දෙනෙකුගේ වීසා කාළය කල් ඉකුත් වී තිබුණි .
ඉතිරි ඉන්දුනීසියානු ජාතිකයන් 40 දෙනා වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැදී සිටින්නන් විය .
මෙම ඉන්දුනීසියානු ජාතිකයන් වයස අවුරුදු 25 ත් 35 අතර පසුවන්නන් වන අතර ඔවුන් අතරින් 06 දෙනෙකු කාන්තාවන් වේ .
මෙසේ අත් අඩංගුවට ගත් ඉන්දුනීසියානු ජාතිකයන් පිරිස , ආගමන විගමන පාළක ජනරාල් චමින්ද පතිරාජ මහතාගේ උපදෙස් මත මේ වනවිට වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා ඇති අතර ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගනිමින් සිටිති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd