(අංජුල මහික වීරරත්න)

විස්සයි-විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරඟය නැරඹීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණියේය.

ආසියා ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි,ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ,විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහත්වරු ද ජනපති සමග තරඟය නැරඹීමට එක්ව සිටියහ.