(රන්ජන් කස්තුරි)

තෙතින නිල සංචාරයක් සඳහා දිවයින්ට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජා නාද්සිං මහතා අද පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල නිරත විය.

ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය  කිරිඳේ අස්සජී නාහිමියන් බැහැ දැක කෙටි  සාකච්ඡාවක නිරත වූ අතර ඉන් පසුව ආගමික වතාවත් වල නිරත විය.

කිරින්දේ අස්සජී නා හිමියෝ ඉන්දියා ආරක්ෂක ඇමතිවරයාට සෙත්පතා ආශිර්වාද කළහ.  

ඡායා ජයමාල් චන්ද්‍රසිරි