ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ අහ්මදාබාද්හිදී පැවැත්වෙන පළමු තරගයේ දෙවැනි දිනය වූ අද (16 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 41 ක් ලබා සිටියේය. ඉන්දීය පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 521 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීය. ඉන්දියාව වෙනුවෙන් 24 හැවිරිදි චෙටිෂ්වර් පුජාරා අති විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 389 කදී හතරේ පහර 21ක් සමගින් නොදැවී ලකුණු 206 ක් රැුස්කිරීම කැපී පෙනුණි. ඉන්දියාව පළමු ඉනිම  ඕවර 160 කදී කඩුලූ 8 ට 521 (ගෞතම් ගාම්බීර් 45, විරේන්ද්‍ර සෙවැග් 117, චෙටිෂ්වර් පුජාරා නොදැවී 206, යුවරාජ් සිං 74, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 23, ගේ‍්‍රම් ස්වාන් 144/5) එංගලන්තය  ඕවර 18 කදී කඩුලූ 3 ට 41 (ඇලෙස්ටියාර් කුක් නොදැවී 22, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 21/2)