
ඉන්දියාවේ චතිස්ගාර් සහ මිසෝරාම් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ අද (7) ආරම්භ වෙයි.
චතිස්ගාර් යනු මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්තයකි. චතිස්ගාර් ප්‍රාන්තයේ ජනගහනය මිලියන 30 කි. චතිස්ගාර් ප්‍රන්තයේ බලයේ සිටින්නේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයයි. චතිස්ගාර් ප්‍රාන්ත සභාව ආසන 90 කින් සමන්විතය.
මෙම මැතිවරණය ද ජය ගනිමින්, දිගටම බලයේ රැඳී සිටීමට කොංග්‍රස් පක්ෂය උත්සාහ දරයි. චතිස්ගාර් මහ ඇමැති ලෙස කටයුතු කරන්නේ භුපේෂා භාගෙල් ය. මෙවර මැතිණරණයේ දී භාගෙල් ට අභියෝගයක් එල්ල වී ඇත්තේ භාරතීය ජනතා පක්ෂ අපේක්ෂක නාරායන් චන්දෙල්ගෙනි.
චතිස්ගාර් මැතිවරණය අදියර දෙකක් යටතේ අද (7) සිට ලබන 17 වැනිදා තෙක් පැවැත්වෙනු ඇත. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ බියක් පවතින බැවින්, මැතිවරණ කටයුතු පැවැත්වෙන්නේ විශේෂ ආරක්ෂාවක් යටතේය. චතිස්ගාර් මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරුණු ඇත්තේ දෙසැම්බර් 3 වැනිදාය.
මිසෝරාම් ප්‍රාන්තය ඉන්දියාවේ වයඹ දෙසින් පිහිටා ඇති ප්‍රාන්තයක් වන අතර, ජනගහනය මිලියන 1.116 කි. මිසෝරාම් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ‘මිසෝරාම් ජාතික පෙරමුණ’ පක්ෂයයි. මිසෝරාම් ප්‍රාන්ත සභාව ආසන 40 කින් සමන්විත වෙයි. කොංග්‍රස් පක්ෂය මෙන්ම අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ද මැතිවරණයට තනි තනිව ඉදිරිපත් වෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක මැතිවරණ