ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ අහ්මදාබාද්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දීය පිල කඩුලූ 9 ක පහසු ජයක් ලැබීය. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (19 වැනිදා) ඉන්දීය පිල ලකුණු 77 ක ජයග‍්‍රාහි ඉලක්කය එක කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. සිවුවැනි දිනය අවසන් වන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 340 ක් ලබා සිටි එංගලන්ත පිල ලකුණු 406 කට දැවී ගියේය. ඉන්දියාව පළමු ඉනිම ඕවර 160 කදී කඩුලූ 8 ට 521 සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 77 (විරේන්ද්‍ර සෙවැග් 25, චෙටෙෂ්වර් පුජාරා නොදැවී 41) එංගලන්තය ඕවර 74.2 කදී සියලූ දෙනා දැවී 191 සහ දෙවැනි ඉනිම ඕවර 154.3 කදී සියලූ දෙනා දැවී 406 (ඇලෙස්ටියාර් කුක් 176, නික් කොම්ප්ටන් 37, ජොනතන් ට්‍රොට් 17, ඉයන් බෙල් 22, මැට් ප‍්‍රයර් 91, ටිම් බ්‍රෙස්නන් 20, ගේ‍්‍රම් ස්වාන් 17, උමේෂ් යාදේව් 70/3, ප‍්‍රගයන් ඕජා 120/4, සහීර් ඛාන් 59/2)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්දියාව කඩුලූ 9 කින් එංගලන්තය පරදවයි