IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉන්දීය බොක්සිං කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක

දෙරට අතර පැවැත්වෙන බොක්සිං තරගාවලියකට සහභාගිවීම සඳහා ඉන්දීය බොක්සිං කණ්ඩායමක් මේ මස 30 වැනිදා දිවයිනට පැමිණෙයි. දෙරට අතර තරගාවලිය දෙසැම්බර් මස 1 වැනිදා පස්වරු 5 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. තරගාවලිය බර පංති හතකින් සමන්විතය. සංචාරක ඉන්දිය බොක්සිං කණ්ඩායමට ක‍්‍රීඩකයෝ සිවු දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ තිදෙනෙක් ඇතුළත්වෙති. තරගාවලිය කිලෝග‍්‍රෑම් 49, 52, 56 සහ 60 යන බර පංති හතරකින් පිරිමි ඉසව්ද, කිලෝග‍්‍රෑම් 48, 51 සහ 54 යන බර පංතිවලින් කාන්තා ඉසව්ද පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් මසක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරගාවලියේදී මෙම බර පංතිවලින් දස්කම් දැක්වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ හත්දෙනා ශ්‍රී ලංකා පිලට ඇතුළත්ව සිටිති. ලබන වසරේදී ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අන්තර්ජාතික තරග අත්දැකීම් ලබා දීමේ අරමුණින් තරගාවලිය සංවිධානය කෙරේ.   තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම: පිරිමි එරංග මධුෂාන් (කි.ග‍්‍රෑ. 48 ලයිට් ෆ්ලයි), පී.ඞී.සුරේෂ් (කි.ග‍්‍රෑ. 52 ෆ්ලයි), එන්.ජී.එස්.ජයවීර (කි.ග‍්‍රෑ. 56 බැන්ටම්) සහ ඒ. ඞී. ගුණතිලක (කි.ග‍්‍රෑ.60 ලයිට්)   කාන්තා අනුෂා කොඩිතුවක්කු (කි.ග‍්‍රෑ. 48 ලයිට් ෆ්ලයි), එරන්දි සිල්වා (කි.ග‍්‍රෑ. 51 ෆ්ලයි) සහ විදුෂිකා ප‍්‍රබාදි ( කි.ග‍්‍රෑ. 54 බැන්ටම්)



අදහස් (0)

ඉන්දීය බොක්සිං කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක

හේමන්ත Tuesday, 20 November 2012 10:19 AM

වැටෙන්න බොක්සින් පාර දෙන්න ළමයිනේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 854 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site