IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඉන්දීය පිලට කඩුලූ 4 ක පහසු ජයක්

‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන් කොන්  එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පර්ත්හිදී ඊයේ (08) පැවැති පළමු තරගයෙන් ඉන්දීය ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක ජයක් ලැබීමට සමත් වූහ. ලකුණු 234 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 46.4 කදී කඩුලූ හයක් දැවී සම්පූර්ණ කිරීමට ඉන්දීය පිල සමත් විය. රවින්ද්‍ර ජඬේජා (නොදැවී 24) සහ රවිචන්ද්‍රන් අෂ්වින් (නොදැවී 30) හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 53 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ඉන්දියාව ජයග‍්‍රහණය දක්වා කැඳවාගෙන ගියහ. අන්තර්ජාතික ශතක 100 ක් රැස්කරමින් ලෝක වාර්තාවක් පිහිටුවිමේ බලාපොරොත්තුවෙන් සිටින සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ඊයේත් ලකුණු 48 ක් ලබා සිටියදී දැවී ගියේය. ලකුණු 45 ක් තුළ ප‍්‍රබලතම පිතිකරුවන් වන රෝහිත් ශර්මා (10), සුරේෂ් රයිනා (24) සහ මහේන්ද්‍ර සිං දෝනි (4) දැවී යෑමෙන් ලකුණු 167 කට කඩුලූ පහක් බවට පත්විය. විරාට් කෝලි පන්දු 94 කදී හතරේ පහර අටක් සහ හයේ පහරක් සමගින් ලකුණු 77 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමෙන් ඉන්දීය පිල තරමක පසු බෑමකට ලක්විය. ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා පිල මෙහිදී කිසිඳු විශේෂඥ දඟ පන්දු යවන්නකු නොමැතිව මෙම තරගයට ක‍්‍රීඩා කිරීම කැපී පෙනුණි. ශ්‍රී ලංකා පිලට වේග පන්දු යවන්නෝ පස්දෙනෙක් ක‍්‍රීඩා කළහ. ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වූ යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 81 කදී හතරේ පහර හතරක් සමගින් ලකුණු 64 ක් රැස් කළේය. මෙය 22 හැවිරිදි චන්දිමාල්ගේ සිවුවැනි එක්දින අර්ධ ශතකය වේ. චන්දිමාල් මේ වන විට එක්දින තරග 23 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක හතරක් සමගින් ලකුණු 715 ක් රැස්කර තිබේ. ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරගය හෙට (10) පර්ත්හිදී පැවැත්වේ.  



අදහස් (0)

ඉන්දීය පිලට කඩුලූ 4 ක පහසු ජයක්

චන්දිම Wednesday, 08 February 2012 07:31 PM

පැරදුනාට හොද තරගයක් දුන්නා

:       0       0

නදීශා මදුශානි Wednesday, 08 February 2012 09:38 PM

බොරුවට ලංකාව මැච්වලට යන්නේ..

:       0       0

illanka Thursday, 09 February 2012 02:38 AM

ඇතුලෙ තමත් කචල් තිබෙන එක තමා පැරීමට හේතුව

:       0       0

සම්පත් Thursday, 09 February 2012 02:44 AM

හොදයි මහේල ඔහොම යන්..

:       0       0

සමන් කුමාර Thursday, 09 February 2012 08:09 AM

එකක් නම් පරාද උනාට කමක් නැහැ සේරම පරාද වෙන්නෙ නැතුව. අපිට අපේ කොල්ලො ටික වස්වාසයි

:       0       0

මොහොමඩ් Thursday, 09 February 2012 09:18 AM

අපි ඉතුරු තරගයන් අනිවාර්යෙන්ම දිනනවා..

:       0       0

අමිල Thursday, 09 February 2012 09:36 AM

අපිට අපේ කොල්ලෝ ගැන විශ්වාසි මොන ප්‍රශ්නේ තිබුනත් අපේ කොල්ලොන්ට කොන්ද පන තියෙනවා ලංකාව ගොඩ දන්න.පරදින එක සාමාන්‍ය දෙයක් යාලුවනේ. කණ්ඩායම හොදට හදහදා ගමු ඊ ළග ලෝක කුසලානෙට. මහේල ඔයාට ලොකු වගකීමක් තියෙනවා රට වෙනුවෙන් කරන්න.කව්රු මොන කිව්වත් මොලේ තියෙන අය දන්නවා අපේ කොල්ලෝ දක්ෂයි.ඔබට ජය.

:       0       0

වසන්ත Thursday, 09 February 2012 10:08 AM

මෙය තවත් එක් අහඹු පරාජයක් නම් කමක් නෑ... එහෙත් 181-6 ක් වූ ඉන්දීය ඉණිමේ ඉතිරි කඩුලු 4 දවා ගන්න බැරී වීම නම් හිතාගන්න බෑ... තරඟයක් දිනාගන්න හැටිත් ලංකාවට අමතක වෙලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 119 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 77 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1653 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site