‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන් කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පර්ත්හිදී ඊයේ (08) පැවැති පළමු තරගයෙන් ඉන්දීය ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක ජයක් ලැබීමට සමත් වූහ.
ලකුණු 234 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 46.4 කදී කඩුලූ හයක් දැවී සම්පූර්ණ කිරීමට ඉන්දීය පිල සමත් විය. රවින්ද්‍ර ජඬේජා (නොදැවී 24) සහ රවිචන්ද්‍රන් අෂ්වින් (නොදැවී 30) හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 53 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ඉන්දියාව ජයග‍්‍රහණය දක්වා කැඳවාගෙන ගියහ.
අන්තර්ජාතික ශතක 100 ක් රැස්කරමින් ලෝක වාර්තාවක් පිහිටුවිමේ බලාපොරොත්තුවෙන් සිටින සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ඊයේත් ලකුණු 48 ක් ලබා සිටියදී දැවී ගියේය. ලකුණු 45 ක් තුළ ප‍්‍රබලතම පිතිකරුවන් වන රෝහිත් ශර්මා (10), සුරේෂ් රයිනා (24) සහ මහේන්ද්‍ර සිං දෝනි (4) දැවී යෑමෙන් ලකුණු 167 කට කඩුලූ පහක් බවට පත්විය.
විරාට් කෝලි පන්දු 94 කදී හතරේ පහර අටක් සහ හයේ පහරක් සමගින් ලකුණු 77 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමෙන් ඉන්දීය පිල තරමක පසු බෑමකට ලක්විය.
ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා පිල මෙහිදී කිසිඳු විශේෂඥ දඟ පන්දු යවන්නකු නොමැතිව මෙම තරගයට ක‍්‍රීඩා කිරීම කැපී පෙනුණි. ශ්‍රී ලංකා පිලට වේග පන්දු යවන්නෝ පස්දෙනෙක් ක‍්‍රීඩා කළහ.
ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වූ යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 81 කදී හතරේ පහර හතරක් සමගින් ලකුණු 64 ක් රැස් කළේය. මෙය 22 හැවිරිදි චන්දිමාල්ගේ සිවුවැනි එක්දින අර්ධ ශතකය වේ. චන්දිමාල් මේ වන විට එක්දින තරග 23 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක හතරක් සමගින් ලකුණු 715 ක් රැස්කර තිබේ.
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරගය හෙට (10) පර්ත්හිදී පැවැත්වේ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරදුනාට හොද තරගයක් දුන්නා
බොරුවට ලංකාව මැච්වලට යන්නේ..
ඇතුලෙ තමත් කචල් තිබෙන එක තමා පැරීමට හේතුව
හොදයි මහේල ඔහොම යන්..
එකක් නම් පරාද උනාට කමක් නැහැ සේරම පරාද වෙන්නෙ නැතුව. අපිට අපේ කොල්ලො ටික වස්වාසයි
අපි ඉතුරු තරගයන් අනිවාර්යෙන්ම දිනනවා..
අපිට අපේ කොල්ලෝ ගැන විශ්වාසි මොන ප්‍රශ්නේ තිබුනත් අපේ කොල්ලොන්ට කොන්ද පන තියෙනවා ලංකාව ගොඩ දන්න.පරදින එක සාමාන්‍ය දෙයක් යාලුවනේ. කණ්ඩායම හොදට හදහදා ගමු ඊ ළග ලෝක කුසලානෙට. මහේල ඔයාට ලොකු වගකීමක් තියෙනවා රට වෙනුවෙන් කරන්න.කව්රු මොන කිව්වත් මොලේ තියෙන අය දන්නවා අපේ කොල්ලෝ දක්ෂයි.ඔබට ජය.
මෙය තවත් එක් අහඹු පරාජයක් නම් කමක් නෑ... එහෙත් 181-6 ක් වූ ඉන්දීය ඉණිමේ ඉතිරි කඩුලු 4 දවා ගන්න බැරී වීම නම් හිතාගන්න බෑ... තරඟයක් දිනාගන්න හැටිත් ලංකාවට අමතක වෙලාද?