විදේශගත ශ්‍රී ලාංකික දරුවන්ගේ සිංහල භාෂා ඇල්ම බැල්ම වැඩි දියුණු කිරීම, සිංහල සංස්කෘතිය පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීම, ශ්‍රී ලංකාවට ලාංකිකයකු ලෙස නැවත පැමිණෙන දරුවකු බවට පත්කිරීම ආදී කරුණු මුල් කැරගෙන දෙවැනි වරටත් මිලානෝ සාහිත්‍ය කලා උළෙල දොන් බොස්කෝ ශාලාවේදී නොවැම්බර් 3 වැනි දා පැවැත්වීමට නියමිතය. සංස්කෘතික ඇමැති ටී.බී. ඒකනායක මහතා ප්‍රධාන ආරාධිතයාය. අවුරුදු 6 -16 අතර දරුවන්ගේ තරග පසුගිය දා නිමා විය.
කවි, ගීත, නාට්‍ය, ජන නැටුම් ද, චිත්‍ර ඇඳීම, අත් අකුරු, රචනා, කථික තරග ද, අභිරූපන තරග ද ඒ අතර විය. රෝහණ බැද්දගේ සහ මුදියන්සේ දිසානායක මහත්වරු තරග විනිශ්චය කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය පෞද්ගලික දෙයක්ද? පොදු දෙයක්ද? ටිකක් පැහැදිලි කරන්න. (නි)
දුරු රටක වෙසෙන අපිට, අපේ දරුවන්ට ශ්‍රී ලංකාව නැමැති සුන්දර දිවයින සහ අපේ සිංහලකම කියාදෙන්න. අ-ආ යන්න ඉගෙනගන්න,ඉතාලියෙ ඉපදුනාට,ඉතාලි කතා කළාට සිංහල අපටත් අපේ කියල භාෂාවක් හැදියාවක් තියෙන බව යුරෝපයෙ ඉපදුන සුන්දර මල් කැකුළු වන් අපේ අනාගත පරපුරට උරුම කර දෙන්න මෙවන් දෙයක් සංවිධානය කළ සංවිධාන කමිටුවට අපගේ ප්‍රණාමය...ලංකාවේ සිට මෙම උළෙලට පැමින අපේ දරුවන්ට සහයෝගය දුන් මුදියන්සෙ දිසානායක මහතාටත්,රෝහන බැද්දගේ මහතාටත් ස්තුතියි...... (නි)
ජයවේවා
හොද වැඩක්
සුභපැතුම්
ජයවේවා
ලංකාවේ අපි සුභපතනවා
සුභපැතුම්
වැඩිය සෙල්ලං පෙන්නන්න ගිහින් මිලානෝ වල ඉන්න ත‍්‍රස්තවාදී කල්ලියක් කියල අපේ කට්ටිය නම් කරයිද දන්නෙ නෑ ..... පරිස්සමෙන් හොඳේ....(ස)
කල්‍යාණි නරකද මුලින්ම කසාදයක් කරගත්ෙතාත්?(ස)
ගජිත කුන්ද: තරිකිට කුන්ද: තා .....(ස)
ඔය මහත්තයෙක් සර්පිනාවට මයික්1 අල්ලන එකත් තරඟයක්ද?සර්පිනාව වාදනය කරන නෝනා ටයර් දැන්වීමකට නම් මරු (ස)
ඉතාලියේ ඉදගෙනත් මෝඩ කතා කියන්න එපා කෙමින් (ස)
කෙවින් ඔබත් මේ ලොව බලන්න බිහිවුණ අම්මා කෙනෙකුගෙ කුසින් ඒ නිසා තවත් කවදාව්ත මේවගේ දෙයක් ප්‍රසිද්ධ පත්තරයක් ලියන්න එපා..!(නු)
ලංකාවේ සංස්කෘතිය ලෝකෙට (දී)
ගිය අයගෙන් කී දෙනෙක් ලංකාවට ඇවිත්ද (ස)
සුභ පැතුම් අපෙන්! (නි)
ලාල් ගලබඩත් මේ උත්සවයට සහභාගි වෙලා වගෙයි.... (නි)
අගය කල යුතු වැඩක්
හොද වැඩක්
ලාල් ගලබඩ සන්තෝසයි,මෙහෙම දෙයක් තිබුණ බව දන්නේ මෙම දැන්විමෙන්ය.මම ඉන්නේ මිලානෝ වලට කිලෝ මීටර් 50 ක් දුරින්ය.කාරනා එසේනම්?(ස)
ගොඩක් සතුටුයි. සාහිත්‍ය කලා උළෙල සංවිධානය කළ සියලු දෙනාටම තුති...!! සූභ පතනවා...(ස)
ලස්සන එකමුතු ශ්‍රී ලංකා හමුවක් ,සැමට ජය (ස)
අගය කල යුතු දෙයක්. මේ ටිකේ අපි ලංකාවේ ඉන්නවා වගේ දැනෙන්නේ (ස)