ශ්‍රී ලංකාවේ මං කොල්ලකෑම් හා මිනිස් ඝාතන වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයින් පිරිසක් ඉතාලියට පැන මිලානෝ නුවර ආශ්‍රිතව ජිවත් වන බවත් ඔවුන්ගෙන් නොයෙක් අවස්ථාවල සාමකාමි ශ්‍රි ලාංකිකයින්ට හිරිහැර සිදුවන බවත් වගකිව යුත්තන්ට මේ පිලිබඳව දන්වා සිටියත් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවු බව මිලානෝ නුවර ශ්‍රි ලාංකිකයෝ පිරිසක් එසැණට පැවසුහ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට බොහෝ හිතවත් බව පවසමින් එමගින් අනිසි බලයක් උපයෝගි කර ගනිමින් මොවුන් මැරකම් වලට පාර කපා ගන්නා බවද එම ශ්‍රි ලාංකිකයෝ කියති. ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගෙඩියර් රුවන් වනිගසුරීය මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම භාවිතා කරමින් මොනයම් හෝ මැර ක්‍රියාවක යෙදෙන ලංකාවේ පාතාලයට සම්බන්ධ පුද්ගලයින් වෙතොත් ඔවුන් පිළිබදව වහාම ආරක්ෂක අමාත්‍යංශයේ 0094112396072 දුරකථන අංකයට දන්වන ලෙසයි.
තොරතුරු ලබා දෙන අයගේ රහස්‍ය භාවය රකින බවද නමගිය පාතාල සාමාජිකයින් ලොකයේ කොහේ සිටියද ඔවුන් කොටුකර ගැනිමට විදෙස්ගත සාමකාමී ශ්‍රි ලාංකිකයින්ගේ සහයෝගය අපෙක්ෂා කරනා බවද ඒ මහතා එසැණට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලානෝ වල ඉන්නේ නිවට සිංහලයෝ ටිකක්. (නි)
අපි බයවෙන්න ඕනෑ නැහැ. ගිය අය ඉතාලියේ ඉන්න මාෆියා කල්ලි වලටත් මෙහෙකරපු වැඩ උගන්නලා ගනියි (නි)
ඔව් ඉන්නවා, මෙස්සිනා වල සුපුන් චාමර.(නදී)
චන්ඩි සේරම රට යැව්වේ කවුද? අනික ඔය මිනීමරලත් ඉන්නේ ලංකාවේ ජයට! (නි)
නියම අදහස ඉෂ්ට කරනවා නම්. ප්‍රබා එක්ක මාත් එකග වෙනවා. මේ සිංහ හමවල් පොරෝගත්තු නරි අල්ලන්න මොන අංශයෙන් හරි ඇවිත් බලන්න. (නි)
මෙන්න හොද වැඩක්. පසුගිය දවස්වල එක්තරා පන්සලක දායක සබාවට මේ ගොඩක් අය ආවා. වීඩියෝ එකක් හොයාගෙන බලන්න. මිලානෝ කිසිම වැඩක් කරන්න මේ බොරු වීරයෝ ඉඩ ඩෙන්නේ නැහැ. මේ කරදරකාරයෝ ටික පන්නලා දැම්මානම් ලොකු පිනක්. (නි)
ලුකස්, පන්සල් යන්න පින් දහම් කරන්න. පව් පුරවාගන්න එපා .ඔයාලා නොදන්නා පැත්තක් සිංහයන්ට තිබෙනවා.රිලවු වන්න එපා, අහිකුන්ටිකයන්ට ඕනෑ විදියට නටන (නි)
ඔය කට්ටියව එව්වෙත් ලංකා ආන්ඩුවෙන්මයි.(නදී)
මගේ ලඟ ඔක්කොම නොම්මර තියෙනවා, මම දෙන්නම්. (නි)
අපොයි ඔව්. රහස්‍යභාවය නම් රකී තිතටම මතට තිත වගේ (නි)
ආණ්ඩුවට අවශ්‍ය නම් ඉතාලි රජයෙන් ඉල්ලීමක් කලොත් ඉතාලිය බොහොම කැමැතෙන් අපරාධකාරයෝ බාර දේවි. (නි)
රටේ ඉන්නකන් අල්ලන්න බැරි අය දැන් පිටරට වලදීද අල්ලන්නේ? මුලින්ම ඔය සාමාන්‍ය ජනතාවගෙන් අහනවට වැඩිය රටේ පාලක මැති ඇමතිලා සහ ඔවුන්ගේ පුත්තු එක්කලා සිටින මැර පාතාලයන් අල්ලා නීතියට ගෙනෙන්න. ඒවා නොකර නීතියෙන් හොයනකොට ,හොයපු පොලිස් නිලධාරීන් අමාරුවේ. ලොක්කන්ගේ බලපුලුවන්කාරකම් වලින් විසා ලබා දීලා එයාර්පොර්ට් එකටම ගෙනල්ලා පිට කරනවා. රටේ හරියට මේ රටවල වගේ නීති තියෙනවා නම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ (නි)
යන්න ඇරලා දැන් අපිට කියනවා හොයලා කියන්නලු (නි)
ඉතාලියේ දැන් රෝස්කුකුල්ලු කෑවාට ලංකාවේදී දේශපාලුවන්ගේ කටු කාපු අය ඔය (නි)
98 සොයාගත් ඉංග්‍රීසි එලිසබත් රැජින නමින් නම් කළ විශාල ග්‍රාහකය මැයි 31 පෘතුවිය ආසන්නයට එනවා. නැවත එන්නේ ශතවර්ෂ දෙකකින් පරම්පරා 8ක් ගතවුනහම. ඒ වෙනකොටවත් අපේ අයට පුළුවන් වුණොත් ඉතාලියේ ලොකුම මාෆියා කල්ලිය හදාගන්න ඒකත් ලොකුදෙයක්. (නි)
ඔය අහිංසක මිනිසුන්ට ජිවත් වෙන්න දෙන්නේ නැති පාතාලේ කියන අය මරලා වැඩක් නැහැ. විදවලා මැරෙන්න දෙන්න ඕනෑ. (නි)
කොස්ගොඩ, මට පෙනෙන්නේ ඔයත් පාතාලේ වගේ (නි)
මෙහෙ ඉන්න ඔරිජනල් පාතාලයෝ ටික මේ පාර වෙසක් එකට පලමු වතාවට හෝල් එකක් කුලියට අරන් සිල් ගනී. ඇවිත් කුදලන් යන්න.(නදී)
අයියෝ සල්ලි
අගය කල යුතු වැඩක්
මිලානෝ ඉන්න අපිත් සහයෝගය දෙන්නම්
අතට අහු වුණ මිනීමරුවන් ඇතුළු දරුණු අපරාධකාරයින්වත් නිදහස් කරන එකේ වෙන රටවල ඉන්න අය ගැන මොනවට වෙහෙසෙනවද..? (නි)
මිලානෝ ඉන්න ශ්‍රී ලාංකිකයින් මඩ ගා ගන්න වැඩක්.බුද්ධිමත්ව නිහඩ වෙන්න. නිශ්ශබ්දකමයි හැම ප්‍රශ්නයකටම හොඳම පිළිතුර. මිලානෝ මිනිසුන් අතර මෙහෙම ප්‍රශ්න නැහැ.හැමෝම මේ රටේ හොඳින්,නීතිගරුකව ජීවත් වෙන්න බලන්නේ. (නි)
මේකට එකම පිළිතුරයි තියෙන්නේ. ඒ සරත් ෆොන්සේකාව බලයට ගෙනෙන එක (නි)
නන්දන පනාගොඩ කියන විදිහට පන්සල් වලත් ඉන්නෙ පාතාලෙ පාලකයොනෙ. ප්‍රභා කියන විදිහට එතකොට විස්කි සහ රෝස් කුකුල්ලු අරගෙන යන්නෙ පන්සලට වගේ (නි)
මොකද ඉතාලියටම යන්නේ
අනේ අපෙන් අහන්නේ ඇයි, අර අහවලාගෙන් අහන්නකෝ. (නි)
මිලානෝ වල ඔය කියන පන්සලේ බෞද්ධ සංගමයේ සභාපති පත් කලේ සාමාජිකයෝ නොවෙයි. හාමුදුරුවෝ පාතාලේ සහයෝගය අරන් පත් කලේ. සාමාජිකත්වය නැති අයත් ඉන්නවා. සේප්පු හොරු වගේ අය නිලතල වලට පත් වෙන්න හොඳ නැත.(නදී)
කට්ටියගේ නැට්ට තමයි අල්ලන්න වෙන්නේ.(ස)
ඉතාලියේ විතරක් නෙමෙයි ලෝකය පුරාම සිටින අය ගැන මම කියන්නම්. මට දෙන්න ඊ-මේල් ලිපිනයක් සහ ෆැක්ස් අංකය්ක. (නි)
ඔහේ නීතියක් ලංකාවේ තරම්වත් නැද්ද? (නි)
මේ පුද්ගලයින් මිලානොහී ශාන්ත අගෝස්තීනෝ පොළ ආශ්‍රිත ලංකාවේ කඩ සාප්පු අවට සහ එක්තරා පන්සලක නිතරම ගැවසෙනවා. කඩවලට තර්ජනය කිරීම්, මුදල් එකතු කිරීම, එක්තරා පන්සලක නීත්‍යානුකූල දායක සභාවට තර්ජනය කර එලවා දැමීම ප්‍රසිද්ධව සිදු වුන දේවල්. බුද්ධි අංශ නිලධාරියෙක් ආවා නම් කට්ටියව හොඳට බලාගන්න පුළුවන්. (නි)
ජයවේවා මසුරන් වැඩක්
මෙහෙත් පැරිසියේ ඉන්නවා ඔය වගේ පොරවල් (නි)
'පිටිගල මිලානෝ', කෝ ඔබතුමාගේ වැදගත් අදහස් අද? මේ පල් හොරුන්ව කුදලලා ලංකාවට අරින්න ක්‍රමයක් යෝජනා කරන්න. (නි)
කොස්ගොඩ මොකද බයද? (ස)
ඔය පාතාලය වෙන කාගෙවත් නෙමෙයි. අපි දන්නවා ඔක්කොම (නි)
නැට්ටත් අහුවෙයි ඔහොම යද්දී,(ස)
රටේ නම හදා ගන්න හොද වැඩක්
මේ මිනිස්සු කියන්නේ වෙන කතාවක්. ඒත් මෙයාලා මරා කන්න හදන්නේ සාමකාමී ශ්‍රී ලාංකිකයනුයි. බුද්ධි අංශයේ නිලධාරියෙක් වහාම එවන්න. (නි)
කන්නේ අනුන්ගෙන් නම්, බොන්නේ අනුන්ගෙන් නම් කොහොමද චන්ඩි වෙන්නේ? මෙහෙ පාතාලේ කියන අය අනුන්ගෙන් කන්න බොන්න තමා ඔය නමවල් දාගෙන ඉන්නේ . (නි)
බොරු එපා අපිට. (නි)
මිලානෝ ඉන්නේ මොන ජාතියේ අයද? මෙච්චර දෙයක් වෙත්දී ,මෙයාලා නිදිද? (නි)
ලංකාවෙන් පිටවෙලත් නිදහසේ ජීවත් වෙන්න බැරි හැටි? (නි)
මේ වගේ ලිපියක් පළකිරීම ගැන චමින්ද මහතාට මල්මිටක් ,සත්‍යය එලි කළාට! (නි)
අපි හැමෝම එකට එකතුවෙලා පාතාලේ කියා කියා ගන්න අයට අම්මා තාත්තා මතක්වෙන්න වැඩක් කරන්න ඕනෑ. බුද්ධි නිලධාරීන් ,අරධාරින්, මේධාරීන් ඕනෑ නැහැ අපි එකා වගේ ඉන්නවා නම්. අපි සිංහයෝ. මතක තියාගන්න හොඳට (නි)
ඔව් මිලාන් වල ලංකාවෙන් ආපු ගොඩක් පාතාලේ කියන අය ඉන්නවා. ඒ අතර කොස්ගොඩ සහ මාදම්පේ අම්බලන්ගොඩ පදිංචි නදුන් ධර්මවක්‍රම මුල් වෙනවා. ඔහු ලංකාවේ මිනීමැරුම් මංකොල්ලා කම් දුෂණ ගොඩකට සම්බන්ද කෙනෙක්. නමුත් ඔහු කොහොමහරි සිංගප්පුරුවට ගිහින් පස්සේ ඉතාලි ආවා. දැන් ඔහු මහමෙවුනා උයන කියන පන්සලේ හාමුදුරුවෝ එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ලංකාවේ ඇමතිවරු, මන්ත්‍රීලා ආවම නදුන් එක්ක කාලා බීලා විනෝද වෙලා යන්නේ. නමුත් නදුන් අල්ලන්න කිසි කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ. නදුන් කාලෙකට ඉස්සර අහුන්ගල්ල බලපිටිය අම්බලන්ගොඩ කොස්ගොඩ ඉඳුරුව මිනිස්සුන්ටේ කෝල් කරලා ගොඩක් කප්පන් ගත්තා. කප්පන් එකතු කරන්න නදුන්ට ලංකාවේ ගමේ කොල්ලෝ ටිකක් ඉන්නවා. ඒ අතරේ පොඩි මාස්ටර්, ඇන්ටන්, සුජීව මුලීකයි. නමුත් අද නදුන් මිලාන් වල හොදින් ඉන්නවා. පොඩි පොඩි වෙළදාමක් කරගෙන ඉන්නවා. නමුත් නදුන්ට ලංකාවේ ගොඩක් නමගිය ඇමති කෙනෙක්ගේ උදව් එහෙමත් ලැබෙනවා. සමහර වෙලාවට නදුන් හිතනවා ඇති අද එයා පන්සල් ගිහින් එයා කරපු ඔක්කොම අපරාද අමතක කරන්න. නැහැ ඒක කොහොමත් කරන්න බැහැ. ඔහු කරපු පෙර වැරදි වලට නදුන් වන්දි ගෙවිය යුතුයි. නැත්නම් නදුන්ගෙන් මැරුම් කාපු අහිංසක මිනිස්සුන්ට ඒක කරන ලොකු අසාදාරනයක්. අනිත් ඒක නදුන් මිලාන් ඉන්න අහිංසක රස්සාවක් කරන හිටපු ගොඩක් අයගෙන් කප්පන් ගත්තා. ඒවා හරිම දුක්බර කතා.ලංකාදීප මේක සත්‍ය කතාවක්. කොහොමහරි දාන්න. නදුන් ගැන ලංකාවේ පත්තර හැම එකකම වගේ ගීයා.(නදී)
ජගත්, කථාව ඇත්ත ප්‍රංශයේ ඉන්නවා බොරුවට නමට පැරිස් කෑල්ලක් එක්කාසුකර ගනිමින් සිංහල ජාතියට සහ ආරක්ෂක ලේකම්තුමාට සහා ජනාධිපතිතුමාට විරුද්ධව මඩ පත්තරවලට ලියමින් ලැබෙන මුදල්වලින් යානවාහන ගනිමින් යහමින් ජිවත්වෙන පුද්ගලයෙක්. මේ ගැන සොයාබලන්න. (නි)
ලේක්කෝ ලාල් ගලබඩ බයේ හැංගිලාද? කෝ අදහස්? (නි)
ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ යයි කියන මේ 'පාතාලයෝ' ටික එහාටම කුදලාගෙන යන්න.(නදී)
කුඩු ලාල් එංගලන්තෙට යවන්න ගුවන්තොටුපලට ගෙනිච්චේ කවුද? (නි)
සමහර අයට මේ අපරාදකාරයෝ පෙනෙන්නේ වීරයෝ වගේ. හවසට විස්කි බෝතලේ රෝස කුකුළා අරගෙන යන්නේ වන්දනාවේ යනවා වගේ. ඉස්සෙල්ලම කුදලාගෙන යන්න ඕනෑ මේ කොන්දක් නැති අයව (නි)
ඉස්සරවෙලාම ඔය මිලානෝ වල පන්සල් යන රස්තියාදුකාරයෝ ඉස්කෝලෙකට අරින්න ඕනෑ.එයාලා ළඟ සල්ලි හැර වෙන කිසිම දෙයක් නැහැ . (නි)
ඉතාලියේ ඉන්න අයව පස්සේ අල්ලමු. මෙහෙ ඉන්න කුඩු රජවරු අල්ලමු ඉස්සෙල්ලම. (නි)
කරනවානම් හොද වැඩක්
නඩුවලින් වැරදිකරුවන්නා වූ පුද්ගලයන්ට දඩුවම් කල යුතුයි. අගවිනිසුරුතුමියට, හිටපු යුද හමුදාපතිට දඩුවම් කල ආකාරයට අනිත් හොරුන්ටත් විරුද්ධව කරන්න. තීරණය ඔබ අතේ. කැමති නම් රපොත්තු කරන්න.(නදී)
ලංකාවේ නම තමයි කැත වෙන්නේ
ඒ ගොල්ලන්ගෙම අය තමා මෙහෙ එවලා තියෙන්නේ (නි)
අහ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා වැඩක් නැහැ (නි)
ඉතාලි ගිය සේරම සිංහලයන් ආපසු ගෙන්වනු!! ඒ වෙනුවට වැලිකඩ නේවාසිකයන් යවනු. (නි)
මෙයාලට වීසා හම්බවුනේ කොහොමද? සාමාන්‍ය මනුස්සයෙකුට පොඩ්ඩක් වැරදුනොත් වීසා රිජෙක්ට්. මෙතන පාතාලයින්ට පදිංචි වෙන්නම විසා ලැබිලා. (නි)
මමත් දන්නා කිහිප දෙනෙක් ඉන්නවා දෙන්නද
සමහර විට මීට වඩා හොද රටකට අරින්නද දන්නේ නැහැනේ (නි)
ලංකාවෙ ඉන්දැද්දි අල්ලගන්නෙ නැතුව දැන් එක එක කතා කියවනවා. ඔක්කොටම කලින් ලංකාවෙ ඉන්න අය ටික අල්ලන්න බැරිද? (නි)
ඉස්සෙල්ලාම මෙහෙන් යන්න හේතුව දැන ගන්න (දී)
සාමකාමී ලාංකිකයන් ඉතා සාමකාමීව මිලානෝ වල ඉන්නවා. මේ තනිකර මඩ සහ ඊර්ෂ්‍යාවට කරන දේවල්. (නි)
අපේ අහවලාගෙන් ඇහැව්වා නම් දැනගන්න තිබුනා (නි)
පිටිගල මිලානෝ ට මොකද වුණේ? අහුවුණාවත්ද? (නි)
සාමකාමී ලාංකිකයන් ඉතා සාමකාමීව මිලානෝ වල ඉන්නවා. මේ තනිකර මඩ සහ ඊර්ෂ්‍යාවට කරන දේවල්. (නි)
කොහොමද නම් හොයන්නේ
ඉස්සරවෙලාම ඔය මිලානෝ වල පල්ලි යන රස්තියාදුකාරයෝත් ඉස්කෝලෙකට අරින්න ඕනෑ (නි)
රජයට අවශ්‍ය නම් මේ අයව අල්ල ගත හැකියි.(නදී)
අහිංසකලාත් අංගුලිමාලලා වුණාලු (නි)
මොනවා වුණත් දැන් නම් නන්දන හොඳ ප්‍රතිචාරයක් දීලා තියෙනවා. (නි)
මේ කරන්නට යන වැඩේ ගැන ආරක්ෂක ලේකම්තුමාට ස්තූතිවන්ත වන අතර බුද්ධි නිලධාරියෙක් එව්වා නම් වීඩියෝ කරගන්න පුළුවන් මේ ඔක්කොම. (නි)
මිලානෝ අයගේ ඇති දැන්වත් ඇස් අරුනා! නිවටයෝ වගේ ජීවත් වෙනවට වඩා වීරයෝ වගේ මැරියල්ලා. ඒක නම්බුයි. (නි)
අල්ලලා දාන්න හිරේ
ලංකාව හොද නැතුවද ගියේ
දෙන්න..දෙන්න.. හොයා හොයා දෙන්න
ආ රොෂාන් නම් ඉන්නවා ,පිටිගලයට මොකද වුණේ? මෑන් මාට්ටුද? (නි)
රටේ මිනිස්සු රවටන්න වැඩි කාලයක් බැහැ. (නි)
මෙහි ඉන්න 'නමට පමණක්' චන්ඩි බූරුවෝ දෙතුන් දෙනෙක් මේ අයට ඇප උපස්ථාන කරනවා වහල්ලු වගේ. (නි)
මෙම පුද්ගලයින් මෙහි සිටින ශ්‍රී ලාංකික ජනතාවට මහා හිරිහැරයකි. රජයේ ප්‍රබල පුද්ගලයන්ගේ නම් මේ අය ඉතා 'තාත්විකව' භාවිත කරන බැවින් ඉතාලියේ රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ ශාඛා වල ප්‍රධානීන්ටද සාමාජිකයන්ගෙන් නොයෙක් බැනුම් අසන්නට බොහෝ විට සිදුවේ. (නි)
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙය සමත. (නි)
අන්න හොද වැඩක්
මේ අය බයේ හැන්ගිලද?