(ජිවක වීරසිංහ ඉතාලියේ සිට ) ඉතාලියේ එමීලියා රෝමාඤ්ඤා පළාතේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගේ එකමුතුවෙන් පැවති නත්තල් උත්සවය පසුගිය 15 වනදා උත්කර්ෂවත් අන්දමින් ෆෙයොරෙන්සොලා නගරයේදී පැවැත්වින. සමන්ත කුරේ පියතුමාගේ පුර්ණ අධීක්ෂණයෙන් සංවිධානය කළ මෙම උත්සවය සිංහල දේව මෙහෙයකින් ආරම්භ විය. අනතුරුව නත්තල් රාත්‍රී භෝජනය ඉතාලි ජාතිකයින්ට විවෘත විය. චිරාගත සම්ප්‍රදායට නත්තල් පහනද දල්වන ලදී. මේ සඳහා ඉතාලි ජාතික පියතුමා, කන්‍යා සොයුරියන්, මෝදනා බෞද්ධ විහාරයේ මෙදේරිපිටියේ විමලරත්න ස්වාමින්වහන්සේ ආරාධිතයන් වුහ. අනතුරුව විවිධ වයස් කාණ්ඩයන් සඳහා විනෝදාත්මක තරගයන්ද පැවැත්වින. කුඩා ළමයින්ගේ සජීවී ගවලෙන පැමිණි කාගේත් සිත් ගත්හ. පාර්මා නගරයේ එක්ස් ස්ට්‍රීම් සංගීත කණ්ඩායමේ මියුරු ගීත නාදයට නටමින් ගයමින් පැමිණි සැම විනෝද වුහ. ෆෙයොරෙන්සොලා නගරයේ රෙශාන්ත ප්‍රනාන්දු ගේ තෙලිතුඩින් වර්ණ ගැන්වූ ගවලෙන හා අකුරු කැටයම් පැමිණි කාහටත් මහත් ආශ්වාදයක් විය. අවසානයේ නත්තල් ලොතරැයියකි. ත්‍යාගද පිරිනමන ලදී. කුඩා ළමයින් සොයමින් නත්තල් සීයාද ඔවුන්ට තෑගි පිරිනැමිය. එමිලියා රෝමාඤ්ඤා පළාතේ මෝදනා, පාර්මා, රෙජ්ජෝ,මිලියා, ෆෙයොරෙන්සොලා,පියචේ සාබුසේතෝ යන නගර වලින් 300කට අධික ශ්‍රීලාංකිකයෝ එහි ආහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අපූරු ගවලෙනක්. (නි)
ආගම් බේධ වලින් තොර පවත්වන මෙවැනි උස්සව අපේ මව් බිමේ වෙසෙන හැමෝටම ලොකු ආදර්ශයක් (ස)
විශිෂ්ට කාර්යයක්. (නි)
හොදයි. නියමයි. (නි)
දහසකුත් එකක් බාධා මැද මෙවන් උත්සව සංවිධානය කිරීම පිළිබදව සංවිධායක මණ්ඩලයට මාගේ ස්තූතිය. (නි)
ගොඩක් ලස්සනයි. (නි)
සැබෑ නත්තලේ අරුත මෙයයි. . සංවිධායක මණ්ඩලයට හද පිරි ස්තූතිය (ස)