IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉතාලි නත්තල් හමුව මහ ඉහලින්

(ජිවක වීරසිංහ ඉතාලියේ සිට ) ඉතාලියේ එමීලියා රෝමාඤ්ඤා පළාතේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගේ එකමුතුවෙන් පැවති නත්තල් උත්සවය පසුගිය 15 වනදා උත්කර්ෂවත් අන්දමින් ෆෙයොරෙන්සොලා නගරයේදී පැවැත්වින. සමන්ත කුරේ පියතුමාගේ පුර්ණ අධීක්ෂණයෙන් සංවිධානය කළ මෙම උත්සවය සිංහල දේව මෙහෙයකින් ආරම්භ විය. අනතුරුව නත්තල් රාත්‍රී භෝජනය ඉතාලි ජාතිකයින්ට විවෘත විය. චිරාගත සම්ප්‍රදායට නත්තල් පහනද දල්වන ලදී. මේ සඳහා ඉතාලි ජාතික පියතුමා, කන්‍යා සොයුරියන්, මෝදනා බෞද්ධ විහාරයේ මෙදේරිපිටියේ විමලරත්න ස්වාමින්වහන්සේ ආරාධිතයන් වුහ. අනතුරුව විවිධ  වයස් කාණ්ඩයන් සඳහා විනෝදාත්මක තරගයන්ද පැවැත්වින. කුඩා ළමයින්ගේ සජීවී ගවලෙන පැමිණි කාගේත් සිත් ගත්හ. පාර්මා නගරයේ එක්ස් ස්ට්‍රීම් සංගීත කණ්ඩායමේ මියුරු ගීත නාදයට නටමින් ගයමින් පැමිණි සැම විනෝද වුහ. ෆෙයොරෙන්සොලා නගරයේ රෙශාන්ත ප්‍රනාන්දු ගේ තෙලිතුඩින් වර්ණ ගැන්වූ ගවලෙන හා අකුරු කැටයම් පැමිණි කාහටත් මහත් ආශ්වාදයක්  විය. අවසානයේ නත්තල් ලොතරැයියකි. ත්‍යාගද පිරිනමන ලදී. කුඩා ළමයින් සොයමින් නත්තල් සීයාද ඔවුන්ට තෑගි පිරිනැමිය. එමිලියා  රෝමාඤ්ඤා පළාතේ මෝදනා, පාර්මා, රෙජ්ජෝ,මිලියා, ෆෙයොරෙන්සොලා,පියචේ සාබුසේතෝ යන නගර වලින් 300කට අධික ශ්‍රීලාංකිකයෝ එහි ආහ.



අදහස් (0)

ඉතාලි නත්තල් හමුව මහ ඉහලින්

තිලක් Wednesday, 16 January 2013 09:50 PM

හරිම අපූරු ගවලෙනක්. (නි)

:       0       0

කාන්ති Sunday, 30 December 2012 11:40 PM

ආගම් බේධ වලින් තොර පවත්වන මෙවැනි උස්සව අපේ මව් බිමේ වෙසෙන හැමෝටම ලොකු ආදර්ශයක් (ස)

:       0       0

සොලමන් Thursday, 17 January 2013 12:00 PM

විශිෂ්ට කාර්යයක්. (නි)

:       0       0

සමන්ත Friday, 21 December 2012 07:00 PM

හොදයි. නියමයි. (නි)

:       0       0

රනිල් Wednesday, 26 December 2012 05:48 PM

දහසකුත් එකක් බාධා මැද මෙවන් උත්සව සංවිධානය කිරීම පිළිබදව සංවිධායක මණ්ඩලයට මා‍ගේ ස්තූතිය. (නි)

:       0       0

ගයාන් Thursday, 27 December 2012 11:01 AM

ගොඩක් ලස්සනයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 22 December 2012 02:44 PM

සැබෑ නත්තලේ අරුත මෙයයි. . සංවිධායක මණ්ඩලයට හද පිරි ස්තූතිය (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site