එක්සත් ජාතික පක්‍ෂය දියවී යන බව පෙනෙන්නට ඇතැයි ද රජය අත්තනෝමතික ක‍්‍රියා කරනුයේ එක්සත් ජාතික පක්‍ෂයේ දුර්වලතාව නිසා යැයිද තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නාහිමියෝ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා සමග පැවසූහ. උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමියන් මහනුවර අස්ගිරි විහාරයේදී බැහැදුටු ජයසූරි මහතා මල්වතු විහාරයට ගොස් මහා නාහිමියන් හමුවිය. එහිදී අදහස් දැක්වූ මල්වතු මහා නාහිමියෝ ”පක්‍ෂයේ තනතුරුවල රැඳී සිටියාට පලක් නැහැ. ජනතාව ගැනත් පක්‍ෂයේ සාමාජිකයන් ගැනත් සිතා බැලිය යුතුයි” උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියෝ කලබලවී ඉදිරියට යන්න හදන්න එපා. ක‍්‍රමාණුකුලව ඉහලට යන්න ඕනෑ. හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා බලයට පොරකෑවේ නැහැ. පොරකෑමෙන් බලයට ආවට වැඩක් නැහැ. කරු ජයසූරිය මහතා කීවේ පක්‍ෂය ශක්තිමක් කර ආණ්ඩුවක් පිහිටුවීම තම අරමුණ බවයි. ජාතික භික්ෂු පෙරමුණේ හිමිවරුද ලක්‍ෂ්මන් කිරිඇල්ල, ඒ.එච්.ඒ හලීම්, තලතා අතුකෝල, සුජීව සේනසිංහ, අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද රුක්මන් සේනානායක, රංජිත් අළුවිහාරේ නෙරංජන් විජේරත්න මහත්වරුද මීට සහභාගිවූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් අය තේරුම් ගන්නේ නැති දෙයක් කියා දුන්න එක හොදයි.
මහනාහිමියන්ගේ වදන් මසුරන් වටී.