
(රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා, අජිත්ලාල් ශාන්තඋදය සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)
මැණික් ගල් සොරකමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකුට අයුතු බලපෑම් කර බලයෙන් ලබා ගැනිම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විමර්ශණයකට අදාලව ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨස විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබිය.
ප්රධාන පොලිස් පරික්ෂකවරයකුද වන පොලිස් ස්ථානාධිපතිවරයා ඇහැලියගොඩ ප්රදේශයේදි අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මැණික් පතලක මැණික් ගල් සොරකමක් සම්බන්ධව ඇහැලියගොඩ ප්රදේශයේ මැණික් පතල් හිමියකුගෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකෙරෙන පුද්ගලයකුට මෙම සැකකාර පොලිස් නිලධාරියා තනතුර භාවිතා කර අයුතු බලපෑම් කර ඇතැයි විමර්ශණවලදි හෙළිව් ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd