ගල්ගමුව ඇහැටුවැවේ බැම්ම කැඩී යාමේ අවදානම වැළැක්වීමට ගම්වාසීහු වැලිකෝට්ට අතුරති. දැනටම ස්ථාන කිහිපයකින් දැඩි සෝදාපාළුට ලක් වී ඇත. මෙම වැව කැඩී ගියහොත් ඇහැටුවැව, වානක්කුලියාගම, වැලියාව, එරියාව, නාකොලගනේ, අතරගල්ල ඇතුළු ගම් ගණනාවක් දැඩි අවදානමකට ලක්ව ඇත. ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ජී.ඩබ්ලිව්. වනසිංහ මහතා වැව බේරාගැනීමේ උත්සහායක යෙදෙයි
මානක්කුලියාවේ කොටුවී සිටි ගොවීහු 18 දෙනෙක් බේරාගැනු ලැබූහ. මී ඔය පාටාර ගැලීමෙන් පාදෙනිය - අනුරාධපුර මාර්ගයේ කළුවිලපතාන යටවිය. ඉඟිණිමිටිය ජලාශය දොරටු හය මින් මොහොතකට පෙර විවෘත කර අතර හුරුළු වැව සහ හොරිවිල වැව ද වාන් දමයි.

ඡායා ක.ග. කරුණැරත්න, සී. චන්දන, කාංචන කුමාර,සංජීව රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැව් ගැන සොයා බලන්න කෙනෙක් පත් කරොත් හොඳයි නේද ? (ස)
අන්න වරුණ කිව්ව නියම අදහසක් (ස)
ස්වභාවික ව්‍යයසන වලින් මිනිසාට කුමක් වුවත් නිසි බලධාරීන් ඇස් කන් පියාගෙන ඉන්නේ කිසිම ගාණක් නැතුවයි. (නි)
සමගිය බලය වේ (ස)
හැමෝම එකතුවීම කොච්චර අගේද ?
අර කොළඹ කාර් රේස් වලට ගෙනාපු වැලි කොට්ට මේ අවස්ථාවට ප්‍රයෝජනයට ගනිමු , (ස)
හදලා දෙයි ඉක්මණටම. (නි)
ලංකාවට ඇතුවත් බැරි නැතුවත් බැරි වැව්.ෙ දේශපාලඥයිනි, අනාගතයේ මේ වැව් සම්බන්ධව වගකීමෙන් යුතුව සොයාබලා වාරිමාර්ග ඉංජිනේරුවන් යොදා ප්‍රමිතියට අනුකුලව මේවා ප්‍රතිසංස්කරණය නොකරන්නේ නම් මීට වඩා විපත්තිදායක තත්ත්වයක් ලංකාවට ඇතිවීමට ඉඩ ඇතිබව මේවා තුළින් අප උගතයුතු පාඩම් වේ. (නි)