(ටී.කේ.ජී.කපිල )

ඇමෙරිකානු සංගීතඥයකු , ගායකයකු , ගීත රචකයකු මෙන්ම 98 ඩිග්‍රීස් ( 98 Degrees ) පදනමේ නිර්මාතෘවරයා වූ ජෙෆ් ටිමන්ස් ( Jeff Timmons ) , ශ්‍රී ලංකාවේ , කොළඹ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගී වීම සදහා අද සවස දිවයිනට  පැමිණියේය .

මෙම සංගීත ප්‍රසංගය එළඹෙන 13 වැනි ඉරිදා , කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී පැවැත්වීමට නියමිත අතර  එහිදී එම ප්‍රසංගයෙන් ඔහුට ලැබෙන් සියලුම මුදල් , ශ්‍රී ලංකාවේ මානසික ආබාධ වලින් පීඩා විදින දරුවන් හට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා යොමු කිරීමට නියමිතය .

ජෙෆ් ටිමන්ස් සමග ඔහුගේ පුත්‍රයා ද පැමිණ සිටියි.  

ඔවුන් පිළිගැනීම සදහා එම ප්‍රසංගයේ මෙරට සංවිධායකවරුන් කීප දෙනකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .