ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර වැඩපිළිවෙළ මානව හිමිකම් ප්‍රශ්නය උඩ කිසිසේත්ම වෙනස් නොවන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාවට දෙන ඇමෙරිකා ආධාර යොදා ගැනෙන්නේ යුද්ධය පැවතී ප්‍රදේශයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා එම ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා සපයාදීම බව ඇමෙරිකාව පවසයි.
මෙම ආධාර වැඩපිළිවෙළ යටතේ දැනට උතුර නැගෙනහිර දැවැන්ත ව්‍යාපෘති විශාල ගණනක් ක්‍රියාත්මක වෙයි.
මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාව මුහුණ දෙන ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩකටයුතු සහ ශ්‍රී ලංකාවේ ඇතැයි සමහරදෙනා චෝදනා කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම අතර සම්බන්ධයක් නැති බැවින් ඇමෙරිකා ආධාර වැඩපිළිවෙලේ වෙනසක් ඇතිකිරීමට අවශ්‍යතාවයක් නොමැතිබව අමෙරිකා ජාත්‍යන්තර ආයතනයේ ආසියානු කාර්යාංශයේ ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂක ඩෙනිස් රෝලින්ස් කියයි.
මානව හිමිකම් පිලිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාව විසින්ම විසඳාගතයුතු බව කලක සිටම කියාසිටි බවත් එසේ වුවද ඇමෙරිකා ආධාර ලබාදීම අඩු හෝ වැඩි කිරීමට එම ප්‍රශ්නය බල නොපාන බවද ඒ මහතා සදහන් කරයි.
ඇමෙරිකා ආධාර යටතේ 2009යෙන් පසුව සරණාගතයන් නැවත පදිංචිකිරීම, නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීම ජල කළමනාකරණ ව්‍යාපෘති, ආධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම වැනි සුවිශාල වැඩපිළිවෙලවල් උතුර නැගෙනහිර ප්‍රදේශවල පිහිටුවාගන්නා ලද පොදු ජන සංවිධාන මෙන්ම පෞද්ගලික අංශයේ ආයෝජිකයන්ද එකතුව ක්‍රියාත්මක කෙරෙයි.
වසරකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 130 (රුපියල් කෝටි 167.7) මුදලක් මෙම ව්‍යාපෘති සඳහා වැයකෙරේ.
මෙයට අමතරව සුනාමි ව්‍යසනයෙන් කඩා වැටුණ අරුගම්බේ පාලම නැවත සෑදීම සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 135 ( රුපියල් කෝටි 1741.5) ඇත.
ඇමෙරිකානු ආධාර මුලික වශයෙන්ම යෝදාගනුලබනේ ජනජීවිත නගාසිටුවීම උදෙසා සහායවන වැඩකටයුතු සඳහා බවද ඩෙනිස් රෝලින්ස් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරට යොදවන හින්දද දෙන්නේ? මේ ආධාර දකුණේ වැඩ වලට යොදවනවානම් නවත්වනවාද? (ස)
ලංකාව මේ ඇමරිකාවෙන් ආධාරත් ගන්න ගමන්ද පළු යන්න බනින්නෙ ඈ ? (නි)
ඇමරිකානු ආදාර නැතුවත් මොකද ඇමරිකාවට බැන බැන ඉන්න අපේ කට්ටියට පවුල් පිටින් එහේ ගිහිල්ලා ඉන්න ලැබුනොත් මදැයි... (ස)
ගන්න ගන්න තව ගන්න (දී)
ඇමරිකාව අපිට නිකං සල්ලි දෙන්නේ නිකං නොවෙයි නේ ? (ස)
ගූගල් එපා කියපු අය දැන් මොනවද කියන්නේ? (නි)
අපට අනෙක් රටවල සහය අවශ්‍යයි (දී)
ආධාර අපිට හරියට වටිනවා (දී)
මොකද කරන කියන හැම දේටම ඕ.කේ සර් කියන අයනේ වැඩි හරියක්ම ඉන්නේ.(නදී)
පුංචි ළමයාගේ සිට මහල්ලා දක්වා ණයයි අපි (දී)
සන්තෝසයි (දී)
අපි කොච්චර ණයද දැන් (දී)
තව තවත් වැඩි වෙනවා (දී)
ඒ වැඩේ නම් හොදයි (දී)
පාලම අවට ඇති හස් කමන්න ඉනේ (දී)
නියමයි,, (දී)
ලංකාව පෙරට (දී)
ආධාර යනු ණය නොවේ. (නි)
අපේ දරුවෙක් අද රටට ඉපදෙන්නේ ලක්ෂ ගාණක් ණයකුත් කරපින්නාගෙනයි. (නි)
අපේ අය ඉදලා හිටලා කෑගැහුවට ගණන් ගන්න එපා ඇමරිකාව. අපිට දිගටම ආධාර දෙන්න හොදේ. (නි)
සුරංග, ඇමරිකාව අපිට නිකන් ආදරේට සල්ලි දෙන‍්නෙ නැහැ. (නි)
අනෙ අමමේ දන්නේ නෑ මේ ගොල්ල මොනව කියනවද කියල...පිස්සු හොදවෙලා ආයෙ හැදෙනව. (ස)
ණයට ඩොලර් ගන්න විට විදේශ කුමන්ත්‍රණ ඩොලර් රහවැටිලා රට පාවාදෙන ඒ කථා මුකුත් නෑ ? (ස)
නය අරගෙන ලංකාව දියුණු කරන්න (දී)
අපේ ඇමතිතුමා මේ ගැන මොකද දන්නෙ නැහැ කියන්නේ. (නි)
පාලමක් හදන්න එච්චර සල්ලියක් මොකටද? (නි)
ඇමරිකාව ඒ පැත්තටත් දෙනවා. මේ පැත්තටත් දෙනවා.... අනේ මන්දා! (නි)
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්. ඇමරිකානු තානාපති කාර්යයාලය ඉදිරිපිට ( බිස්කට් කකා )උපවාසය කරමු! (ස)
ඇත්තට ඇමරිකාව නම් තේරුම් ගන්න බරිම රටක්. චමින්ද කියනවා වගේ පිස්සු හොඳවෙලා ආයේ හැදෙන්නේ දෙගුණ වෙලා... (ස)