
(සුජිත් හේවාජුලිගේ )
ඇමති බංගලා විවිධ ව්‍යාපෘති සඳහා විධිමත්ව වෙන් කිරීම සඳහා පාලන කමිටුවක්(Steering Committee ) පත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත
ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය
කොළඹ විශේෂ පහසුකම් සහිත දැවැන්ත ඇමැති බංගලා විසිපහක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන තවමත් වසා දමා තිබීම හේතුවෙන් ජරාවාස වෙමින් පවතින බව වාර්තාවේ.
මේවා තව දිගු කාලයක් මෙසේ වසා දැමුවහොත් විශාල වශයෙන් පරිහානියට පත්වීමේ අවදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ඇමැති බංගලා ආයෝජන ව්‍යාපෘතිවලට සහ නිවාස තානාපති කාර්යාල සහ අනෙකුත් කාර්යාල සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඇමති බංගලා 16ක් ආර්ථිකමය වශයෙන් ඵලදායී සහ රැකියා ජනනය වන ආයෝජන ව්‍යාපෘතිවලට ද ඇමැති බංගලා නවයක් තානාපති කාර්යාල නිවාස සහ වෙනත් කාර්යාල සඳහාද වෙන්කිරීමට
අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd