අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පිටවුණැයි පිළිගන්නා අධ්‍යාපන ඇමැති සහ විභාග කොමසාරිස් අනෙක් විෂයන්හි ප්‍රශ්න පත්‍ර පිට නොවිණියැයි දෙන සහතිකය කුමක්දැයි ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ මේ වන විට අධ්‍යාපනගේ අර්බුධ රැසක් ඇති අතර විභාග ගැන විශ්වාසය නැති වී ගොස් ඇති බවයි. මෙවැනි තත්ත්වයක් තුළ අධ්‍යාපන ඇමැති හා විභාග කොමසාරිස් ඉල්ලා අස් විය යුතු බව ද ස්ටාලින් හෙතෙම කියයි.