- ගාලු වරායට අයත් ඉඩම් කොටසක් සැහැල්ලු/විනෝදවීමේ රුවල් යාත්‍රා අළුත්වැඩියා කටයුතු සහ නැව් නිෂ්පාදන කටයුතු සඳහා සී/ස සී ගල්ෆ් ෂිප්ටාඩ් පෞද්ගලික සමාගමට වසර 30ක බදු මත ලබාදීමට යයි.
- රෝහල්වලට වාර්ෂිකව අවශ්‍ය ඖෂධ වර්ග හිඟයකින් තොරව අඛණ්ඩව ලබාදීමට සහ ඖෂධ සැපයීමේදී සිදුවන ප්‍රමාද, ඌණතා සහ අපතේයාම වැළැක්වීමට ඖෂධ සම්පාදනය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට යයි. මේ සැලැස්ම අනුව දේශීය නිෂ්පාදකයන්ගෙන් හා සැපයුම්කරුවන්ගෙන් ඖෂධ මිලදී ගැනීමට ප්‍රමුඛත්වයක් ලබා දෙයි.
- 2012 දෙසැම්බර් 10 සිට 17 කාලය ජාතික සෞඛ්‍ය සතිය ලෙස ප්‍රකාශයට පත් කරයි. බෝවන රෝග වැළැක්වීමට ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
- ඇමෙරිකා හයට් රිජන්සි වෙළෙඳ නාමට යටතේ තරු පහේ හෝටල් සංකීර්ණයක් කොල්ලුපිටියේ ඉදිකිරීමට යයි. ඇමෙරිකා ඩොලර් කෝටි 15ක (රුපියල් කෝටි 1980) ආයෝජනයක් වන මෙම හොටල් සංකීර්ණයට සේවා බද්ද නිවාස 90ක් ඇතුළත් වේ.
- ‘සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා‘ යන ප්‍රධාන තේමාව හා ‘දැනුම්වත් වෙමු ආපදා දුරලමු‘ තේමාව යටතේ ජාතික සුරක්ෂිත දිනය දෙසැම්බර් 26 බදුල්ලේදී සැමරීමට යයි.
- රුපියල් කෝටි 30ක වියදමින් සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගන පරිශ්‍රයේ දකුණු පළාත් ක්‍රීඩා සංකීර්ණය, පාපන්දු සහ රගර් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තියෙන 900 කට වැඩි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා ගේට්ටු දැමීම සඳහා මුදල් නැතැයි කියන රජය විසින් රුපියල් කෝටි 30ක වියදමින් සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගන පරිශ්‍රයේ දකුණු පළාත් ක්‍රීඩා සංකීර්ණය, පාපන්දු සහ රගර් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට යාම ගැන මගේ විරෝධය! (නි)
කෝටි 30ක්? ඒගොල්ලෝ තීරනය කරනවා , අපි කට්ටිය ණය ගෙවනවා (ස)
අනේ මන්දා අප්පා (දී)
මම නම් කියා වන්නේවත් නැහැ (දී)
ණය ගනිමු වැය කරමු අපි ගෙවමු... (නි)