ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල මාතලේ පාරේ යාපාගම තම නිවස හා කාර්යාලය පවත්වාගෙන යන අක්කර හතරක පමණ ඉඩම රන්ගිරි දඹුලූ විහාරය සතු ඉඩමක් බවත් එම ඉඩමට හොර ඔප්පුවක් ලියාගෙන ඇති බවත් ඉනාමළුවේ සුමංගල රන්ගිරි දඹුලූ විහාර පාර්ශ්වයේ මහනාහිමියෝ රහස් පොලිසියට පැමිණිලි කරති. මහනාහිමියන්ගේ පැමිණිලේලේ මෙසේ ද දැක්වේ. ”අදාළ ඉඩම වර්ෂ 1872 ක් වූ ජූලි මස 09 වෙනි දින ලංකාණ්ඩුවේ සර්වේ ජනරාල්වරයා විසින් මැන සහතික කළ අංක 87076 දරන හිමිකම් පිඹුරට ඇතුළත් රංගිරි දඹුලූ රජ මහා විහාරය සතු පරවේණි පංගු දේපලකි. එකී ඉඩම 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතට යටත් දේපලකි.” ”බෞද්ධ විහාර දේවාලගම් පනතේ 27 වෙනි වගන්තියේ (1) උප වගන්තියෙන් සිද්ධස්ථානයක් සන්තක පරවේණි පංගුවට අයත් දේපලක් මිල දී ගැනීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය දක්වා තිබේ.” ”27 (1) සිද්ධස්ථානයකින් ලබාගෙන බුක්තිවිඳින පරවේණි පංගුවක අයිතිවාසිකමක් නිලකාරයා විසින් අන් කෙනෙකුට යම්කිසි විටෙක දෙනු ලැබේ නම්, එසේ දී මාසයක් ඇතුළත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ඒ බව දන්වා පිටපත් දෙකකින් යුත් දැන්වීමක් ලියා යැවීම අයිතිවාසිකම් ලබාගත් අයගේ යුතුකම වේ.” ”අදාළ එකී පරවේණි පංගු ඉඩම මිල දී ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා පනතේ දක්වා ඇති ඉහත යුතුකම ඉටුකර නැත.” ”එසේම ඔහු විසින් සින්නක්කර ඔප්පුක් ද අදාළ ඉඩමට සකස්කර ගෙන ඇති බව මා වෙත දැනගන්නට ඇත. එවැනි ඔප්පුවක් ලියා ඇත්නම් එය හොර ඔප්පුවකි.” ”කරුණු මෙසේ හෙයින් එකී විහාර දේවාලගම් පනතේ 27 (3) යටතේ අදාළ අමාත්‍යවරයා විසින් කර ඇත්තේ නීති විරෝධී ක‍්‍රියාවක් බව ප‍්‍රකාශ කරමි. ඉහත කී අමාත්‍යවරයා තම දේශපාලන බලය හා මන්ත‍්‍රී වරප‍්‍රසාද භාවිත කරමින් කර ඇති මෙම නීති විරෝධී ක‍්‍රියාව පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමි.” ”මෙම පැමිණිල්ල මා විසින් කරනු ලබන්නේ 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් පනතේ 11 (2) යටතේ රංගිරි දඹුලූ රජ මහා විහාරයට විධිමත් ලෙස පත්ව සිටින භාරකාර නායක ස්වාමීන් වහන්සේ වශයෙන් බවත්, එකී විහාරස්ථානයේ නිශ්චල-චංචල දේපල ආරක්‍ෂා කිරීම අදාළ භාරකාර තනතුරේ වගකීමක් ලෙස සලකා බවත් වැඩිදුරටත් ප‍්‍රකාශ කරමි.” අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසුවේ තමාට එරෙහි සියලූ චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බවය. හාමුදුරුවන් එදා ඉඳලම වෛරයෙන් කටයුතු කරනවා. මම ‘නහී වේරාන වේරාණි’ කියා උපේක්‍ෂාවෙන් සිටිනවා. එවැනි ඉඩමක් ගැන රහස් පොලිසියට පැමිණිලි කර තිබේ නම් ඒ ගැන විමර්ශනය කරන්නැයි පොලිසියට ගෞරවයෙන් ආරාධනා කරනවා. මම ඇමැතිවරයෙක්. මම එවැනි දෙයක් කරනවාද? එහෙම දෙයක් කළොත් මම දේශපාලනයේ ඉන්නේ කොහොමද?
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වාසද
වෙන්න බැහැ
නිතිය තියෙන්නේ ඒකට තමයි
හක්කේ බුදු රැස් ,බොක්කේ දඩ මස් (ස)
වැඩේ නම් නියමයි. (ස)
ඒක නීති විරෝදී
ශ්රී ලංකා දේස පාළුවෝ (ස)
විශ්වාස භංගයක් හෝ දෝෂභංගයක් ගෙන එන්න
නිතිය ක්‍රියාත්මක කරන්න
පුහුල් හොරා කරෙන් දැනේ (ස)
හාමුදුරුවරුන්ටත් ඇමති පදවි දෙන්න වැඩපිළිවෙළක් ලැහැස්ති කළොත් හොදයි. (නි)
පන්සලේ හාමුදුරුවෝ කියන්නේ ඇත්තද නැත්තද කියලා බලන්න නීතියට බාර දෙන්න (දී)
එහෙම දේවල් නොකරොත් දේශපාලනයේ ඉන්න බැරි බව හැමෝම දන්නවනේ.ඒ නිසා ගානක් නෑ (ස)
ඔයාට වඩා අපිට හාමුදුරුවෝ විශ්වාසයි (ස)
කීයටවත් වෙන්න බැහැකියලා කොහොමද කියන්නේ (දී)
හරි හාමුදුරුවනේ , දීලා දාන්න . නිකන් තියෙන ඉඩමක්නේ. අපි යනකොට ගෙනියනවයැ ...ඕක දීලා දාන්න (ස)
ඉඩම් එසේ බලෙන් අල්ලා ගන්න කාටවත් බැහැ
තව ආත්ම ගණනාවකටම ඇමති කෙනෙක් වෙන්න මේ පින හොදටම ඇති. (නි)
අමාත්‍යවරයා නිවැරදියි (ස)
හාමුදුරුවෝ නිකන් පැමිණිලි කරන්නේ නැහැනේ (දී)
අපෝ ඇමැතිවරුද? මම ‘නහී වේරාන වේරාණි’ කියා උපේක්‍ෂාවෙන් සිටිනවා. එහෙම ඇමතිවරු ලංකාවේ ඉන්නවා. කීයටවත් වෙන්න බැහැ. බොරු පැත්තක දාලා ඇත්ත කතා කරමු. ඔච්චර ආගම දහම අනුව ජීවත් වෙනවා නම් ඔය අක්කර හතර පන්සලට පුජා කරන්නකෝ. අපේ පරණ රජවරු හැමදෙයක්ම කළේ සම්බුද්ධ ශාසනේ වෙනුවෙන්. දැන් ඉන්න අය ශාසනයට අයත් දේවල් කඩා වඩා ගන්නවානේ. (නි)
පට්ට පල් බොරු මහත්තයෝ
අල්ලපියෝ! (නි)
වැඩේ කැතැයි හොදේ (ස)
හාමුදුරුවනේ නඩු දාන්න...හැබැයි තීන්දුව ලැබෙන්නේ ලබන ආත්මේ (ස)
හාමුදුරුවෝ කියනවානම් බොරුවක් වෙන්නත් බැහැ (දී)
නායක හාමුදුරුවනේ, අපි ඔබවහන්සේ සමගයි. (නි)
අයියෝ ඇමතිතුමා
ලංකාවේ ජනතා පොදු දේපලක් මේ
අපි මැරෙනකොට මේවා අරගෙන යන්නේ නෑනේ (ස)
ලංකාවට නීතියක් තියෙන්නේ ඕවා ගැන සොයා බලන්න තමයි
ඒ කියන්නේ මහජන අයිතියක්
හාමුදුරුවෝ නඩු කියනවා. ඇමති බණ කියනවා. කේතුමතී නුවර වගෙයි දැන්. (නි)
එහෙම කරන්නේ කොහොමද
ඇමතිවරු තමයි කරන තරමක් හොර වැඩ කරන්නේ. (නි)
කොලේ වහල කරන මේ වැඩනම් හොඳ නෑ හොඳේ (ස)
මම ඇමැතිවරයෙක්. මම එවැනි දෙයක් කරනවාද? (නි)
හාමුදුරුවරුන්ට මොනවා වෙලාද මන්දා? (නි)
මෙච්චර ආදායම් තියාගෙන ඇයි පන්සලේ ඉඩම් අල්ලන්නේ? (නි)
උජිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ.....(ස)
තව ටික දවසකින් ලොකු උත්සවයක් කියලා ඕක පන්සලටම පූජ කරාවිද දන්නේ නෑ (ස)
හාමුදුරුවනේ, වෛරයෙන් වෛරය නොසන්සිඳේ (ස)
මොනවාද මේ විකාර වැඩ
දේශපාලකයෝ අතර තමයි හොරු ඉන්නෙත් (ස)
ප්‍රශ්න නැතුවට
මේ හොද බුද්ධාගම් ස්වාමීන් වහන්සේලාට කරන නිගාවකි. (නි)
එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම්. (නි)
මේ වගේ අයත් ඉන්නවත ඇමති මණ්ඩලේ (ස)
මම හිතන්නේ නැහැ
කවුද වගකියන්නේ
මේක ඇහුන ගමන් මට බක බක ගාලා හිනා එන්න පටන්ගත්තා...(ස)
අර බාලවයස්කාර දැරියන් දූෂණය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීත් කිව්වේ ඔය ටිකම තමයි. (නි)
ඇමතිතුමා නිවැරදියි.අස්විය යුත්තේ ඇමතිතුමා නොවෙයි. (නි)
මම එවැනි දෙයක් කරනවාද? එහෙම දෙයක් කළොත් මම දේශපාලනයේ ඉන්නේ කොහොමද? දවසේ කියමන (ස)
රටම ඇත්ත දන්නවා. (නි)
මම හිතන්නේ නැහැ
ගරුතර ස්වාමින් වහන්ස, ඔබවහන්සේ කියන ආකාරයට දඹුල්ල පන්සලට අයත් දේපළවල අයිතිය ගැනීම ගැන අපි සතුටු වෙමු. එසේම, මහනුවර නගරයේ සියලුම ඉඩම්, මාළිගාව සතු පුජා භුමි ඉඩම් වලට අද මොකද වෙලා තියන්නේ? කොහේද ඔය කියන දේවල ගම්බිම් නීතිය? (නි)
ඇමති තුමා ඇත්තද මේ කියන්නේ (දී)
එතුමා එහෙම කරයිද
පන්සලේ,කෝවිලේ,පල්ලියේ දේවල් හොරකම් කරන්නන් මතු ආත්මයේ ඉපදෙන්නේ ගල් පෙරේතයන් වෙලා තමයි. (නි)
මේ දිග කතාන්දර වල තේරුම මොනවා වුණත්, ජනක මහත්තයාටත් කැපිල්ලක් ළඟ එන බව නම් පේනවා. හාමුදුරුවන්ට ඔය තරම් හයියක් තනියම නම් ගන්න බැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
දැන් තමයි දඹුල්ලේ මුස්ලිම් පල්ලියේ රහස එළියට එන්නේ. නුවරට වුණෙත් ඹ්ක තමයි. (නි)
මාර වැඩේ (ස)
කාගේ කාගේත් හැටි අපි දැන් දන්නවා (ස)
තව ඉන්නවා ඉඩම් මංකොල්ල කරුවන් (ස)
මොකද මේ වෙන්න යන්නේ (ස)
දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එනවා (ස)
අයියෝ සල්ලි