(නිමල් ජයරත්න)

පොළොන්නරුව වැලිකන්ද වඩමුනේ පාලම අසලදී වටිනා ඇත් දළ ජෝඩුවක්, බෙහෙත් කොටන තුවක්කුවක් සමග අවුරුදු 44 ක් වයසති පුද්ගලයකු සැකපිට  අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු,වාලච්චේන, ජයන්තියාය, පූනානී ප්‍රදේශයේ පදිංචි අයකු බව පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මෙම ඇත්දල දෙක දිගින් අඩි තුනයි අඟල් 09 කින් යුක්ත බවද ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

කොට්ඨාශ බුද්ධිංශ නිලධාරියකුගෙන් ලද තොරතුරකුට අනුව මෙම ඇත්දල ජෝඩුව අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි.