ඇතැන්ස් බෞද්ධ විහාරාධිපති, යුරෝපයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත එළුවාපොල පඤ්ඤාරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලාංකික, ග්‍රීක, ඉන්දියා හා බංගලිදේශ ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් ඇතැන්ස් බෞද්ධ විහාරස්ථානයේ කඨික පින්කම පැවැත්විණි.
මෙම පිංකම සඳහා ඉතාලියේ ප්‍රධාන සංඝනායක මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහගම විපුලසිරි හිමි, මෝදනා මෛත්‍රී විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමි, වෙරෝනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානවාසී පූජාපිටියේ සන්තුසිත හිමි ද ඊට සහභාගී වූහ.
ග්‍රීක ජාතික පිරිස සමග ටිබෙට් ජාතික සෝනම් ලාමා තුමාගේ සහභාගීත්වය මෙහි තවත් විශේෂත්වයකි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොවපුරා බෞද්ධ ධර්මය පැතිරවීමට අපේ බුදු පුතුන්ට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
අපේ රටින් සහභාගි වුණේ කවුද? (නි)
යුරෝපා රටේ සංඝනායක හිමිවරු රැසක්ම ඉන්නවා නේද? (නි)
මෙවැනි උතුම් යහපත් පින්කම් කරන ග්‍රීසියේ සියළු දෙනාට අපගේ ආශිර්වාදය! (නි)
බුදු දහමට, සිංහල ජනතාවට නොයෙකුත් හිරිහැර සිදුවන සමයක ශ්‍රී ලංකාවෙන් පිටත සිදුවන මෙවැනි පින්කම් සංවිධානය කළ ඇතැන්ස්වාසි ශ්‍රී ලංකික ජනතාවටත්, ඇතැන්ස් බෞද්ධ විහාරාධිපති, යුරෝපයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත එළුවාපොල පඤ්ඤාරතන හිමියන්ටත් මාගේ ගෞරවපූර්වක ස්තූතිය පුදකරමි. සාදු සාදු සාදු!!! (නි)
සාධු....සාධු....සාධු....