IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ආසියානු මේසපන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල හෙට චීනයට යයි

චීනයේ මැකාවෝ නුවර පෙබරවාරි මස 23 සිට මාර්තු මස 1 දක්වා පැවැත්වෙන 20 වැනි ආසියානු මේස පන්දු තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (21 වැනිදා) දිවයිනෙන් පිටත්ව යයි. ජාතික ශූර රොහාන් සිරිසේන, නිර්මල ජයසිංහ  සහ දිනේෂ් දේශපි‍්‍රය පිරිමි ඉසව් සඳහා සහභාගි වෙති. පසුගියදා මෙම ආසියානු තරග සංචාරය ඉලක්ක කරමින් ඉන්දීය තමිල්නාඩු ප‍්‍රාන්ත මේස පන්දු පිලට එරෙහිව ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ තරගාවලි දෙකකට සහභාගි වූහ. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා මේස පන්දු කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ඉෂාරා මධුරංගි,  උමායා තාරකි සහ එරන්දි වරුෂවිතාන තෝරා ගනු ලැබ ඇත. මේ වසරේ ජාතික මේස පන්දු ශූරිය වන ඉෂාරා මධුරංගි අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර ඇය දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන්නීය. අනෙක් කී‍්‍රඩිකාවෝ දෙදෙනාම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවියෝ දෙදෙනෙකි.



අදහස් (0)

ආසියානු මේසපන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල හෙට චීනයට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site