IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ආසියානු කාන්තා බොක්සිං ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මොන්ගෝලියා යයි

හයවැනි ආසියානු බොක්සිං තරගාවලියට (කාන්තා) සහභාගිවීම සඳහා ක‍්‍රීඩිකාවන් හය දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා බොක්සිං කණ්ඩායම ඊයේ (14) පස්වරුවේ මොන්ගෝලියාව බලා පිටත්ව ගියේය. අන්තර්ජාතික තරග අත්දැකීම් තිබෙන අනුෂා කොඩිතුවක්කු සහ නිල්මිණී ජයසිංහ මෙවර තරගාවලියට සහභාගිවන්නේ නව බර පංති දෙකකිනි. අනුෂා කිලෝග‍්‍රෑම් 51 ෆ්ලයි බර පංතියෙන්ද, නිල්මිණී කිලෝග‍්‍රෑම් 60 ලයිට් බර පංතියෙන් ද තරග කරති. ආසියානු බොක්සිං පදක්කම් ලාභිණියක් වන අනුෂා 2010 වසරේදී බාබඩෝස්’හි පැවැති ලෝක කාන්තා බොක්සිං තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩිකාවකි. 2009 වසරේදී රුසියාවේ පිල්ස්ටෙන් නුවරදී පැවැති ලෝක කාන්තා ආරාධිත බොක්සිං තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 51 බර පංතියෙන් රන් පදක්කම දිනාගත් නිල්මිණී ජයසිංහ ආසියානු තරගාවලියට සිවුවරක් සහභාගිවී පදක්කම් දිනාගෙන තිබේ. තරගාවලියට චීනය, ඉන්දියාව, උස්බෙකිස්ථානය, පිලිපීනය, කාම්බෝජය, මොංගෝලියාව, සිංගප්පුරුව, ශ්‍රී ලංකාව, තුර්ක්මෙනිස්ථානය හා  කසකස්තානය ඇතුළු රටවල් 15 කින් ක‍්‍රීඩිකාවෝ 120 දෙනෙක් සහභාගිවෙති. පොලිස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ශිරෝමාලි වීරරත්න හැරුණු විට සෙසු ක‍්‍රීඩිකාවෝ මාස් සදර්න් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරති. සංචාරක ශ්‍රී ලංකා කාන්තා බොක්සිං පිල: අනුෂා කොඩිතුවක්කු (කි.ග‍්‍රෑ. 51 ෆ්ලයි), නිල්මිණී ජයසිංහ (කි.ග‍්‍රෑ. 60 ලයිට්), සිතාරි සඳලේඛා (කි.ග‍්‍රෑ. 57 ෆෙදර්), කෝසලා නිල්මිණී (කි.ග‍්‍රෑ. 48 ලයිට් ෆ්ලයි), විදුෂිකා ප‍්‍රබාදි (කි.ග‍්‍රෑ. 54 අඩු බැන්ටම් *, ශිරෝමාලී වීරරත්න (කි.ග‍්‍රෑ. 75 වෙල්ටර්*, චම්පක මාතරආරච්චි මහතා (පුහුණුකරු), දිල්හාර සීමන් මහතා (කළමනාකරු), අනුරුද්ධ රත්නායක (සහාය පුහුණුකරු)



අදහස් (0)

ආසියානු කාන්තා බොක්සිං ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මොන්ගෝලියා යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 738 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2396 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site