ශ්‍රී ලංකා හොකී සම්මේලනය සංවිධානය කළ 56 වැනි ජාතික ජේ්‍යෂ්ඨ පිරිමි හොකී තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට ආරක්‍ෂක සේවා හොකී සමාජ කී‍්‍රඩකයෝ සමත් වුහ. තරගාවලි තුනකදී සම ශූරතාව හිමිකර ගෙන තිබෙන ආරක්‍ෂක සේවා පිල, 1996 වසරේ සිට මේ දක්වා ජාතික හොකී ශූරතාව රැකගෙන සිටියි.
අවසන් මහ තරගයේදී මාතලේ දිස්ත‍්‍රික් හොකී කණ්ඩායම පරදා ආරක්‍ෂක සේවා හොකී සමාජ කණ්ඩායම ගෝල 5-1 ක පහසු ජයක් ලැබීය.
කොළඹ කෘතිම හොකී පිටියේදී ඊයේ (18) නිමා වු මෙවර තරගාවලියේදී දිස්ත‍්‍රික් සහ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 15 ක් ශුරතාව සදහා තරග කළහ. තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd