සන්ඩේ ලීඩර් පත්‍රයේ හිටපු කර්තෘ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් හා සන්ඩේ ලීඩර් පත්‍රය ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ වරදට රුපියල් කෝටි 25ක වන්දි ගෙවිය යුතු යැයි ගල්කිස්ස දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය. ඊට අමතරව ආරක්ෂක ලේකම්ට එරෙහි ද්වේශ සහගත වාර්තා හෝ ලිපි පළකිරීම වළක්වන ස්ථිර තහනම් නියෝගයක් ද, අදිකරණයෙන් නිකුත් කැරිණි. මිග් යානා ගනුදෙනුවක් ගැන පළවූ ලිපියකින් පසුව ආරක්ෂක ලේකම්ට අපහාස වන ආකාරයේ ලිපි පළ කළැයි ෆෙඩ්රිකා ජෑන්ස්ට හා පුවත්පතට එරෙහිව මේ නඩුව පවරා තිබිණි. ජනාධිපති නීතීඥ එම් යූ එම් අලිසන්ද්‍රි මහතා ආරක්ෂක ලේකම් වෙනුවෙන් පෙනී සිටියේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ පමණයි මේ තරම් මාධ්‍ය නිදහස බොහෝ යුරෝපා රටවල රජයට විරුද්ධව මෙවැනි ප්‍රකාශළු නිකුත් කළොත් එයාට මොනවා වෙයිද කියලා හිතන්නත් බැහැ..!(නු)
ෆෙඩ්රිකාට හොඳ වැඩේ ජෙනරල්ට කළ දේට..(නු)
කුණු තියෙන තැනට තමයි කුණු රැදෙන්නේ කියල කියමනක් තියෙනවනෙ.(නු)
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ , තීන්දුත් හාමුදුරුවන්ගේ .........(නු)
ෆෙඩ්රිකා ඕකට තමයි කියන්නේ දිට්ට දම්ම වේදනීය කර්මය කියලා..!(නු)
කළ කළ දේ පළ පළ දේ... (නි)
අනුන්නට සුදු කොඩි පෙන්වපු ෆෙඩ්රිකාට දැං තමන්ගේම සුදුකොඩි පේනවා ඇති.!(නු)
දැන් අධිකරණය දේශපාලනීකරනය වෙලා. නේද? (නි)
ෆෙඩ්රිකාත් පුවත් මවන්නියක් වෙලා..!(නු)
මේ බොරුකාර කාන්තාවට හොද වැඩේ..!(නු)
හොදට හොයලා බලන්නේ නැතිව පෞද්ගලික වාසියට නැතිනම් වෛරය හිතේ තියාගෙන පත්තර රස්සාව කරන්න ගියොත් ඔකයි වෙන්නේ.. තෝරා මාලු කෑවානම් දුක් විදපං බලලෝ කිව්වලු..!(නු)
අනේ පව් වත්කමක් නැති එක්කෙනෙකුට මේ ගාන හම්බවෙච්ච එක ලොකු පිනක්..!(නු)
බත් ඇති තැනටමයි කොසුත්..!(නු)
අනේ ෆෙඩ්රිකා හොට පැටලුනා නේද? කාට කාටත් ඕවා වියදම් සැර හොද පාඩම්..!(නු)
අනේ සල්ලී..... පත්තරේ වහන්න වෙයිද දන්නේ නැහැ නේද......(නු)
අප්පා දැං කාලෙ යන විදියට පත්තරේට අදහස් දාන්නත් බයයි.. ඇයි නඩු දානවනේ..!(නු)
මේ නෝනා අනුන්ටත් වල කපලා එයා වල පල්ලමට ගියා..!(නු)
රටක් වටින අර මනුස්සයාට කරපු අපරාදෙට නියම දඩුවම.. මේක බෞද්ධ රටක් ෆෙඩ්රිකා..!(නු)
ඔබතුමාට ජය වේවා
ඇයි සරත් ෆොන්සේකා මහත්තයාට බොරු චෝදනා කරපු කෙනෙකුටත් දිට්ට ධම්ම වේදනීය කර්මය පළදුන්නේ. (නි)
කෝටි 25 යි. කීයක් යනවද නඩුව අහපු කෙනාට (ස)
සන්තෝසයි....
ඇත්තනේ වරදක් කරලා තියෙනවා (දී)
අතීතයේ අපි කියවපු කියවීම මිනිසා සම්පුර්ණ කරනවා කියලා කියන එක විශාල මිත්‍යාවක් වෙලා. 1960-70 දශකවල තිබුණු පුවත්පත්වලට වඩා අද ඇතැම් මාධ්‍ය ආවේගය දනවන, හැගීම් දනවන ඒවා තමයි වැඩි වශයෙන් ප්‍රකාශ කරන්නේ. මේ නිසා කියවන සමාජය වෙනස්වෙලා, බලන සමාජය දක්වා අපේ සමාජය වෙනස්වෙලා. (නි)
හොද වැඩේ. (නි)
අනිත් මාධ්‍යකරුවොත් කෝකටත් පරිස්සමින්... (නි)
යන්තම් ඇති. (නි)
මට විරුද්ධවත් අපහාස ලිපියක් පුවත්පතක පළකරවා ගන්න බැරිද? (නි)
නිශාඩ්, තෝරමාළු නෙමෙයි කුම්බලාමාළු කෑවනම් විඳවපන් බළලෝ (ස)
ඔබතුමාට් ජයවේවා
එතකොට ඔය මුදල ගත්තහම වෙච්ච අපහාසය මැකෙනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අනේ අපොයි! (නි)
මම දන්නේ නැහැ මොකුත්
බොරු දාන කොයි පත්තර වලටත් මේවා හොද පාඩම්. (නි)
ප්‍රතිපත්තියක් නැතුව වැඩකරන අයට ඔහොම වෙන්න ඕනෑ තමයි. හොද වැඩේ. (නි)
අපිටත් කවුරුහරි මෙහෙම කරලා අපි නඩු දැම්මොත් කීයක් හම්බුවෙයිද දන්නෙ නැහැ නේද? (නි)
අපේ රට අමාරුවෙ දාන්න හැදුවට හොඳම වැඩේ. (නි)
බොරු කියනවට හොද වැඩේ. (නි)
මගෙන් සුභ පෑතුම් ඔබතුමාට. (ස)
ඕවා කාට කාටත් හොද පාඩම්. (නි)
දැන් කොහෙන්ද කෝටි 25 හොයන්නේ? (නි)
මම දන්නේ නැහැ ඒ කතාව
දැන් ඉස්සර වගේ කර්මය පළවිපාක දෙන්න ආත්ම ගණන් ඉන්න ඕනෑ නැහැ. (නි)
මොකද්ද ඒ
ඔය කෝටි 25 රට වෙනුවෙන් වියදම් කළොත් මොකද? (නි)
නලීන්ට අපිට ගෙවන්නේ කිරුම් බරට. (නි)
අපි දැන් බලන් ඉදිමුකෝ ඊළගට වෙන්නේ මොකක්ද කියලා. (නි)
අනුන්ගේ වුවමනා ඉටු කරන්න යන හැම කෙනාටම මේ බේත හොඳයි. (නි)
පෙඩ්‍රිකා ජෑන්ස් මහත්මිය පිටරට නේද ඉන්නෙ.?(නු)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. රට අපේ(නු)
ඇති ඔයින් ගියා.. මම හිතුවෙ රුපියල් කෝටි 2500ක් කියලා.. මීට පස්සේ ආණුඩුව කරන වැරදි ලියන්නනම් එපා හොදේ.. නිකං මොකටද කාටවත් අපහාස කරන්නෙ..!(නු)
බැරිද අපිටත් කීයක් හරි??? (නි)
එහෙනම් එස්.එෆ්ගෙ නඩුවත් බොරුවක් නේද? තමන්ගේ වාසියට තමයි හැම දේම..!(නු)
ඔය ලොකු අයගේ වැඩ අපට අදාල නැහැ.. ඒවා එයාලම බේරගනීවි..!(නු)
මාධ්‍ය නිදහස, මාෆියා නිදහස පැටලිලා සත්‍ය නිදහස ඔහොමම........ යන් (ස)
අයියෝ සල්ලි
චෝදනාව බරපතලයි (දී)
මම කතාව සම්පුර්ණයෙන් දන්නේ නැහැ (දී)