කඩා වැටුණු ගොල්ඩන් කී සමාගමේ රුපියල් ලක්ෂ 305ක් තැන්පත් කළ බව කියන රඹුක්කන ශාන්ත නම් පුද්ගලයකු අලුත්කඩේ ප්‍රේමදාස පිළිරුව ඉදිරිපිට ඉපිල් ඉපිල් ගසක නැග විරෝධය පළ කරයි.
තම ප්‍රශ්නය විසඳන තුරු ගසෙන් නොබසින බව අඩි 30ක් 40ක් මුදුනේ සිට ඔහු පොලිස් නිලධරයකුට කීවේය.
මීට කලකට පෙර ඔහු කෑගල්ලේදී ද විරෝධතාවක් පැවැත්වීය.
ගොල්ඩන් කී සියලු තැම්පත් කරුවන් වෙනුවෙන් මේ විරෝධය දක්වන බව ඔහු සඳහන් කරයි.
ඔහුගේ දුක්ගැනවිල්ල රජයට ඉදිරිපත් කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවසීමෙන් පසුව ඔහු ගසෙන් බැස්සේය.

1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් දැක්කා අද උදේ.. මෙයාට උදව් කරන අය ගහ යට හිටියා..!(නු)
මෙයා ගහට නගිනවා කියලා කලින් මාධ්‍ය දැනුවත් කරලා වගේ..!(නු)
ඉපිල් ගස කප්රුකක් කියලා මෙයා හිතන්න ඇති.. මේකට බෙහෙත් නැත..!(නු)
අගවිනිසුරුවරියටත් තියෙන්නේ මේ වගේ වැඩක් කරන්න..!(නු)
තැන්පත් කරපු අයයි තැන්පත් භාර ත් අයයි දෙගොල්ලම හිරේ අරින්න ඕන.. හැමෝටම පාඩමක් විදියට..!(නු)
අපෝ ඔයිට වඩා ලාබයි සක්විතිට දුන්නනම්.... 30% දෙනවා අදම ගිහින් දෙන්න.... වැලිකඩ ඔෆිස් එක තියෙන්නේ. (නු)
රජ්ජුරුවෝ..උඩයි උඩයි, මිටි කොල්ලෝ බිමයි බිමයි .. (ස)
මෙයාලට නඩු කියන්නේ මොකටද? මෙයාලා සල්ලි දුන්නේ මොකටද? රජයේ බැංකු තියෙන්නෙ ඒකට තමයි.. මෙයාලට අපේ සල්ලි දෙන්න ඕන නැහැ.. (නු)
අනේ අසරණයා (දී)
කාගෙන්ද දන්නෙ නැහැ මේක ඉගෙනගත්තේ? (නි)
අද මෙය සිදුවන බවට අනාවැකියක් ඊයෙ දැනගන්නට ලැබුණා (ස)
හරිහමන් විසදුමක් දෙන්න පුලුවන් කට්ටියක් ප්‍රශ්න හමුවේදී පස්ස ගහද්දී අපි කොළ නැති ගහට නැග්ගත් වැඩක් තියෙයිද? (නි)
නගිනවිට කෙසේ නැග්ගත් බහින විට කල්පනාවෙන් බැසිය යුතුයි. (නි)
මෙතන හුගක් අය කතාකරන්නේ ඊර්ෂ්‍යාවෙන්. කෙනෙකුගේ දුකේදී මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. (නි)
ආදායම් බදු එකේ අයත් ඔන්න දැන් එයා ගැන දැනගත්තා. (නි)
අපි දැනගෙන හිටියා ඕක ඔහොම වෙන බව. (නි)
මට පොල් කඩන කෙනෙක් හොයාගන්න හරිම අමාරු උනා.. මෙයාගේ සම්බන්ධකරන අංකයක් ලබාගන්න ඕන..!(නු)
සල්ලි නිසා දුක් විඳින මිනිස්සු (ස)
බලන් යනකොට වැඩේ ඇත්තනේ. (නි)
හා හා නීතියට අත තියන්න එපා (ස)
ලයිට් කණුවකට නැග්ගනම් ලබන ආත්මෙදි අධික තන්හාව අඩු වේවි (ස)
මමත් දන්නව මේ ගැන කලින්ම ..... (ස)
ශාන්ත ඔයා යනකොට ගෙනියන්නේ නැහැනේ ඔය සල්ලි.. ගහෙන් බිමට බහින්න.. ගෙදර යන්න..!(නු)
ශාන්ත, ඔයා යනකොට ඔක්කොම අරන් යනවද? (නි)
මේ තරම් විශාල මුදලක් රජයේ බැංකුවක තැන්පත් කළානම් හෝ ඒ මුදලින් රටේ කොහෙ හරි වතුපිටි දේපලක් මිලයට අරගෙන දමන්නයි තිබුණෙ.. වැඩි පොලිය බලන්න ගිහිල්ලා තියෙන දෙයත් නැති කරගත්තා.. කණගාටුයි..!(නු)
හා හා බලාගෙනයි (ස)
එයාට ඒකට සල්ලි දාන්න කියලා අපි කිවුවේ නැහැනේ. (නි)
මම ඕක ඊයෙම දැන ගත්තා (ස)
මුලදි හරි උජාරුවෙන් ඉන්න ඇති. දැන් පසුතැවෙනවා. (නි)
ප්‍රසාද්, ඔයාට ඔහොම වුණා නම් ඔයා නිකන් ඉන්නේ නැහැ නේද? (නි)
එයා අද ගහට නගිනවා කියලා අපි ඊයේ දන්නවා. (නි)
මීට වැඩිය හොදයි අහවලාගේ ගෙදර වහළය උඩට නැග්ගානම්. (නි)
එයා ගහට නැගලද? නැත්නම් කවුරුහරි නග්ගලද? (නි)
කවුද මේක පිටුපස ඉන්නේ? (නි)
දැන් වෙන දේවල් වල හැටියට ගහකටවත් නගින්නේ නැතුව හරි විසදුමක් ගන්න අමාරුයි. (නි)
එයාව වැටුණේ නැති එක පුදුමයි. (නි)
ප්‍රශ්නේ විසදීම කොහොම වෙතත් ගහෙන් බහින්න නම් ඒපා කවුරු හරි බස්සනකම් ඉන්න. (ස)
මෙ අර පින්නවල ශාන්තද? පව් හොද මනුස්සයා.. අමාරුවෙන් හම්බකරපු සල්ලි.!(නු)
ගහෙන් වැටේවි (ස)
තණ්හාය ජායතී සෝකෝ . වැඩි තණ්හාවට කවුරුත් පලි නෑනේ . (ස)
ඔය මොනවා කියලා දැනුවත් කළත් හෙට "සිල්වර් කී" කියලා හරි අලුත් එකක් ලංකාවේ පටන්ගත්තොත් ලක්ෂ ගාණක් මිනිස්සු අහුවෙනවා. (නි)
අපි මේක කලින්ම දැනගත්තා. (නි)
අපි දැනගෙන හිටියා ඔහොම වෙන බව. (නි)
මෙයාලා නිසා රෑට යක්කුන්ට හදිස්සියකට නගින්න ගසුත් නැතිවෙනවා. (නි)
මෙයා නම් තැන්පත් කරුවෙක් වෙන්න බැහැ.. මෙයා පොල් ගස් නගින්නෙක් වෙන්න ඕන... අනික මෙයා මොකද මේ හදිස්සියෙන්ම ඇවිල්ලා තියෙන්නෙ..?(නු)
මේ එක්කම මේ අයගේ පසුගිය ආදායම් වාර්තාත් පරීක්ෂා කොලොත් නරකද? (ස)
මේකෙන් බැට කෑව මදිවට අලුතෙන් දාන බැංකුවලටත් අහුවෙන්නලා.!(නු)
සල්ලි තැන්පත් කරේ මෙහෙම ගස් උඩ නගින්නද ? මෙහෙමත් මෝඩ මිනිස්සු (ස)
තමන් අමාරුවෙන් රැකියාව කරලා, හරියටම අදායම් බදු ගෙවල, අමාරුවෙන් ඉතුරුකරගත් ලක්ෂ 305 නැති උනාම ඔහොම කරන්න හිතෙනවා. (ස)
මේකට මෝඩ විදියට අදහස් ලියන්න එපා. කීයක් නැති වුණත් ඒකෙ වේදනාව දන්නෙ මුදල අහිමිවුණ කෙනයි. ඔහු මෝඩ විදියට ආයෝජනය කළේ නැහැ. අනුමත කළ ආයතනයකයි ඔහු ආයෝජනය කළේ. මේකට වගකිවයුත්තන් අනිවාර්යෙන් වග කියන්න ඕනෑ. (නි)
ඉස්ලාම් ආගමේ පොලී ගැනීම සහ පොලියට දීම තහනම් කරලා තියෙන්නේ මේ වගේ දේවල් වෙන බව දන්නා නිසයි. (නි)
දැන් සල්ලි දීලද අනේ එයාට? (නි)
ඔය ප්ලෑන් එක ඊයෙ හෙලිවෙලත් අද කරානෙ මෝඩ මිනිස්සු. (ස)
අනේ පුතේ, ඔය ගමන්ම් අපේ තැඹිලි වල්ලත් කඩල දීලා යන්නකෝ.... (නි)
මේකේ අදහස් දාලා තියෙන අය කෙසේවෙතත් ඒ සල්ලි හම්බකරන්න විදපු දුක දන්නේ ඒ මනුස්සයා පමණයි. (නි)
හිතේ තියෙන චිත්ත බලබලය (දී)
මේවා ප්‍රශ්න වලට විසදුම්ද (දී)
තමන්ගේ සල්ලි වටින්නේ තමන්ට (දී)
මම හිටියා නම් ඒ ගහ කපනවා. (නි)
මේ නඩුව කලින් බාර විනිසුරුතුමිය මේක ක්‍රමවේදයකට විසදුවා.. නමුත් එයාව ඉවත් කළා..(නු)
අද එයාට වුණා. හෙට තව කෙනෙකුට වෙන්න පුලුවන්. (නි)
රහස එළිවුණා..!(නු)
ඇයි මේ වගේ මෝඩ වැඩ කරන්නෙ..?(නු)
ගෝල්ඩන්කී සමාගමට ව්‍යාපාර කටයුතුවල නියැලීමට අවසරදුන් අයව තමයි මුලින්ම ගස් නග්ගන්න ඕනේ. (ස)
ගහට නගිනවට එයාට කවුරු හරි සල්ලි දුන්නද දන්නෙ නෑ නේද? (ස)
අනේ රටකට ගිය කල... (නි)
මේක වෙනවා කියලා දන්නවා..!(නු)
ඉපිල් ඉපිල් කියන්නේ සල්ලි ගහක් කියලා හිතුවද .? (ස)
අපි ඕක දැනගෙන හිටියා එයා නගින්නත් ඉස්සරවෙලා..!(නු)
මොනවා වුණත් හොදින් සොයා බැලිය යුතුයි. (නි)
ලක්ෂ 305ක් . හිතන්නවත් පුළුවන්ද ? මෝඩ මිනිස්සු.. තණ්හාව නිසයි මේ සේරම (ස)
ඒ මනුසයාගේ තියෙන ආවේගය තමයි ඒ (දී)
දැන් හැමදේකටම ගස් නගින්න පුරුදුවෙලා වගෙයි කට්ටිය. (නි)
පාට කණ්ණාඩියකින්ම බලන්න එපා මිනිසුනේ.. සල්ලි නැතිවුණ මිනිසාට ඒකෙ වේදනාව තියෙනවා. අපිට සල්ලි තිබුණෙ නැති නිසා අපි ඕකෙ සල්ලි දැම්මෙ නැහැ.. තිබුණනම් අපිත් දන්න ඉඩතිබුණා..මේ මිනිසුන්ට ඉක්මනට සාධාරණයක් වෙනවානම් හොදයි..!(නු)