කොළඹ ආනන්ද විදුහල් වයස 19 න් පහළ ක‍්‍රිකට් පිලේ නායක පසිඳු මධුෂාන් මෙවර පාසල් කි‍්‍රකට් වාරයේදී කඩුලූ 100 සම්පූර්ණ කිරීමට සමත් විය. මෙවර වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේදී , වැනි කොටසේ කණ්ඩායමක ක‍්‍රීඩකයකු දවාගත් පළමු කඩුලූ 100 මෙය වේ.
කොළඹ ශාන්ත ජෝශප් විදුහලට එරෙහිව පෙරේදා (25) අවසන් වූ තරගයේදී කඩුලූ 5 ක් දවා ගනිමින් පසිඳු කඩුලූ 100 කඩයිම පසු කළේය. දකුණතින් පිට දඟ පන්දු යවන පසිදු මධුෂාන් තරග 18 කදී කඩුලූ 101 ක් දවාගෙන තිබේ.
පසිඳුගේ මෙම කඩුලූ 101 ට කඩුලූ 10 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථා පහක් ඇතුළත් වේ. කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 101 කට කඩුලූ 13 ක් දවා ගැනීම පසිඳුගේ මෙම තරගවාරයේ දක්‍ෂතම පන්දු යැවීම වන අතර එහිදී ලකුණු 50 කට කඩුලූ 8 ක් දවා ගැනීම පසිඳුගේ ඉනිමක දක්‍ෂතම පන්දු යැවීම වේ.
කුරුණෑගල මලියදේව (70/12), කොළඹ ලූම්බිණි (76/12), මහනුවර ධර්මරාජ (69/10) සහ පන්නිපිටිය ධර්මපාල (120/10) යන විදුහල්වලට එරෙහිව පසිඳු විශිෂ්ට දස්කම් දැක්වීය. තුන් ඉරියව් දස්කම් දක්වන පසිඳු මේ වන විට තරග 18 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 810 ක් රැස්කර තිබේ. කොළඹ ආනන්ද විදුහල් ප‍්‍රධාන ක‍්‍රිකට් පුහුණුකරු වන ලකී රොජර්ස් මහතා පසිඳුගේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ආනන්ද විදුහලේ පසිඳු කඩුලූ 100 සම්පූර්ණ කරයි