ශ්‍රී ලංකා චෙස් සංගමය සංවිධානය කළ ජාතික ආධුනික චෙස් තරගාවලියේ (2012) ශූරතාව දිනා ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉසුරු කොඩිතුවක්කුආරච්චි සමත්විය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 172 නෙක් සහභාගි වු මෙම තරගාවලිය පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේදී නිමාවිය. තරග වට හතකින් ස්විස් ක‍්‍රමය යටතේ පැවැති මෙම තරගාවලියේදී ඉසුරු තරග වට හතම සම්පුර්ණ කරමින් ලකුණු 7.0 ක් ලබා රන් පදක්කම ලැබීය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සිවු දෙනෙක් ලකුණු 6.0 බැගින් ලබා රිදී පදක්කම දිනා ගැනීමට තියුණු සටනක් දුන්හ. එහිදී වැඩි ලකුණු හිමිකර ගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පරදවමින් ඉදිරියට පැමිණි ජයනි බලපිටිය රිදී පදක්කම හිමිකර ගත්තාය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පී. ජී. වික‍්‍රමසුරිය, යාපනය හින්දු විද්‍යාලයේ ඒ. ඇන්ඩෘ සහ ඞී. එස්. සේනානායක විද්‍යාලයේ ඞී. ආර්. නාඔටුන්න පිළිවෙලින් ලකුණු 6.0 බැගින් ලබා තෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය ලබා ගැනීමට සමත්වුහ. තරගාවලියේදී ලකුණු 5.0 ට වැඩියෙන් ලබාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 33 දෙනෙක් ජාතික ප‍්‍රවීණ චෙස් තරගාවලියට සුදුසුකම් ලැබුහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd