බලපත් නැති ගිනි අවියක් තබා ගත් දඹානේ ඌරුවරිගේ පුංචි බණ්ඩා හෙවත් ”අත බැරි කිරියා”ට මහියංගන වැඩබලන මහේස්ත‍්‍රාත් වයි.බී. අබේරත්න මහතා රුපියල් පන්දහසක දඩයක් නියම කළේය. මාදුරුඔය වනෝද්‍යානයේදී අත්අඩංගුවට ගත් ඔහු බේරා ගැනීමට ආ ආදිවාසි නායකයා සහ ඔහු පුත‍්‍රයකු වන ජීවි නිලධාරීන්ට පහරදි සැකකරු හා තුවක්කුවද පැහැරගෙන ගිය බව වනජීවී නිලධරයෝ අධිකරණයට කීහ. ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් හා ඔහුගේ පුත් ඌරුවරිගේ මුතු බණ්ඩාද ඌරු වරිගේ ගුණතිලක හා ඌරු වරිගේ පුංචි බණ්ඩා ඇප මත මුදා හරිනු ලැබ සිටිති. මේ සිද්ධියෙන් වනජීවී නිලධරයෝ දෙදෙනෙක් තුවාල ලදහ.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආදිවාසියා දඩයමේ ගිහින් දඩ කයි
මධූ Friday, 30 November 2012 09:24 PM
අහිංසක සත්තුන්ට ගිනි පිඹින එක නම් හොඳ වැඩ (ස)
චාමර Friday, 30 November 2012 03:10 PM
ඒ මනුස්සයා එදා ඉදං ජිවත් උනේ මෙහෙම මොකද දැන් ඒක වෙනස් කරන්න හදන්නේ (දී)
ප්‍රසන්න Friday, 30 November 2012 04:33 PM
ආදිවාසීන් දඩයමේ යන්නේ නැතුව ලැප්ටොප් අරගෙන ඔෆිස් යන්නද? (නි)
වරුණ Friday, 30 November 2012 11:26 AM
දුන්න වෙනුවට බැට් එකක් දෙමු. එතකොට දඩයම වෙනුවට ක්‍රිකට් ගහවි. ආශ්චර්‍යමත් දිවයින (ස)
සංක Friday, 30 November 2012 11:47 AM
අයියෝ වැද්දා (දී)
කෝලිත Friday, 30 November 2012 12:16 PM
ආදී වාසීන්ටත් ඉස්සර වගේ වැඩ කරන්න බැහැ දැන් සමාජය වෙනස් . නීති වෙනස් (දී)
මහිලාල් Friday, 30 November 2012 12:27 PM
අතීත නීති හා සිරිත් දැන් වලංගු නැත (දී)
ෂෙරීෆ් Friday, 30 November 2012 12:32 PM
පරිස්සමින් ආධිවාසියෝ එක්ක හැප්පෙන්නේ.. හෙට අනිද්දා වෙනකොට ටී 56 අවි වලින් වැඩ පෙන්වයි (ස)
අජිත් Friday, 30 November 2012 07:35 PM
ඒ මිනිස්සුන්ගේ පුරුද්දවත්කර ගන්න නැද්ද (දී)
යොවුන්සලවි Friday, 30 November 2012 02:27 PM
ආදි වාසීන්ට ඔවුන්ගේ සංස්කෘතිය රැකගන්න හම්බ වෙන්නේ නෑ.ඇයි ලොකු පුටු කියන විදිහට තමයි දැන් ඔක්කොමලාට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.....(ස)