ආදී වේල්ස් කුමරුවන්ගේ ක‍්‍රිකට් පදනම හත්වැනි වරටත් මෙහෙයවන අන්තර් ක‍්‍රීඩා සමාජ ක‍්‍රිකට් තරගාවලිය අද සහ හෙට (24-25) මොරටුව වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශූරයන්ට රුපියල් 100,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන මෙම තරගාවලියේ අනුශූරයන්ට පිරිනැමෙන මුදල් ත්‍යාගය රුපියල් 50,000 කි. දක්‍ෂතම පිතිකරුවා, දක්‍ෂතම පන්දු යවන්නා සහ තරගාවලියේ වීරයාට මෙන්ම වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ලබා ගන්නා පිතිකරුවාට ද මුදලින් ත්‍යාග පිරිනැමේ. සැරසන්ස් ක‍්‍රිකට් සමාජය පසුගිය වසරේදී ශූරතාව දිනාගත් අතර බී. ආර්. සී. පිල අනුශුරතාව හිමිකර ගත්තේය. බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජය සිවුවරක් මෙම තරගාවලියේ ශූරතාව දිනා තිබේ. මෙවර තරගාවලියට ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් 24 ඉදිරිපත්ව සිටිති. ශ‍්‍රී ලංකා ග‍්‍රෑනයිට් සමාගම තරගාවලියට අනුග‍්‍රහය දක්වයි. සැන්වික් සමූහ ව්‍යාපාරය සහ යූ. එස්. එස්. සේවා පුද්ගලික සමාගම තරගාවලියේ සම අනුග‍්‍රාහකයෝ වෙති. තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩා සමාජ: සැරසන්ස්, බදුරලිය, ආදී වේල්ස් කුමර, සෙබස්තියනයිට්ස්, ලන්කන්ස්, වරාය අධිකාරිය, සී. සී. සී., එස්.එස්.සී., පොලිස්, මුවර්ස්, මොරටුව, යුද හමුදාව, බ්ලූම්ෆීල්ඞ්, ගාල්ල, රාගම, එන්.සී.සී., හලාවත මේරියන්ස්, කෝල්ට්ස්, ද්‍රවිඩ සංගම්, ගුවන් හමුදාව, නාවික හමුදාව, පානදුර, කුරුණෑගල සහ බී.ආර්.සී. යන ක‍්‍රීඩා සමාජ
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd