
(අංජුල මහික වීරරත්න)
රජයේ ඩිජිටල්කරණ ජාතික වැඩපිළිවෙලට අනූව රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ තවත් ඉදිරි පියවරක් ක්‍රියාත්මක කරමින් රාජ්‍ය නිලධාරීන් සඳහා අනුග්‍රාහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මාර්ගගත(Online) ක්‍රමවේදය ඔස්සේ ලබා දීමට පියවර ගෙන ඇත.
මෙම ජාතික වැඩපිළිවෙල යටතේ ඉදිරියේදී රජයේ ආයතන තම ආයතන වල නිලධාරීන් වෙනුවෙන් දුම්රිය අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර අයදුම් කිරීමට, ප්‍රවේශ මාර්ගගත දුම්රිය ඩිජිටල් වේදිකාවේ ලියාපදිංචි විය යුතු වේ.
ඒ අනුව එහි පද්ධති සඳහා රාජ්‍ය ආයතන ලියාපදිංචි කිරීම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල "Waters Edge" හෝටල් පරීශ්‍රයේදී අද (9) නිල වශයෙන් ආරම්භ කෙරිණ.
පද්ධති සඳහා රාජ්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ සමාරම්භක අවස්ථාවට රාජ්‍ය ආයතන 35ක් නියෝජනය කරමින් නිලධාරිහු එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd