
(සුජිත් හේවාජුලිගේ)
ඉහළ උසාවිවල නඩුකාරවරුන් අට දෙනාගේ පුරප්පාඩු පිරවීම තවදුරටත් ප්‍රමාද කළහොත් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම සඳහා ආරම්භයක් දීමට මන්ත්‍රීවරුන් 113 ක් නොමැති හෙයින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හැකියාව පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සංවාදයකදීය.
එහිදී එම සංවාදය මෙහෙයවූ මාධ්‍යවේදියකු" එහෙම ගෙනාවොත් කතානායකතුමා බාරගනීවිද" යනුවෙන් විමසූ අතර ඊට පිළිතුරු දුන් අජිත් පී පෙරේරා මහතා පැවසුවේ “අපි ඒක ඒ වෙලාවට බලාගන්නම්" යනුවෙනි
අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බවත් ජනතාවගේ බලය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය හරහා බවත් ඔහු පැවසීය.
නඩුකාරවරුන් පත් නොකිරීමෙන් එම කටයුතු අඩපණ වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමා මෙම කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ප්‍රශ්න කළ බවත් පාර්ලිමේන්තුවේදීද තුන් වතාවක් කතා කළ බවත් පෙරේරා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd