
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඒකාධිපතිවාදයට යන "සිස්ටම් චේන්ජ් එක" කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඉතා හොඳින් කාර්යක්ෂමව රට පාලනය කරන බවත් බාහිරින් එන බලපෑම්වලට කරන්නට දෙයක් නැති බවත් රජය පාර්ශවයෙන් කියනවා.ඔබතුමාලා බලයට ආවේ සිස්ටම් එක චේන්ජ් කරන්න. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිස්ටම් චේන්ජ් එකක්.විධායකය විසින් අධිකරණය තමාගේ වහලෙක්,සුවච කීකරු ගෝලයෙක් කිරීම තමයි සිස්ටම් චේන්ජ් එක.අප රටේ අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරලා, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා අධිකරණයේ විනිසුරුවන් පිළිබඳව තිබෙන විශ්වාසය නැති කරලා. 22 තුළින් එවන් තත්ත්වයක් නිර්මාණය කිරීම සිස්ටම් චේන්ජ් එකක් තමයි. මේ සිස්ටම් එක චේන්ජ් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඒකාධිපතිවාදයට.තනි පක්ෂයක් රට පාලනය කරන සිස්ටම් චේන්ජ් එක තමයි මේ කරන්නේ යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd