
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දකුණු පළාතේ රසායනාගාර සේවකයින් සහ මුරකරුවන් 261 දෙනෙකු සඳහා වැඩිපුර ගෙවා තිබූ වැටුප් අයකර ගැනීමේ ගැටලුව පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාවේ අවධානය යොමුවිය.
2008 - 2009 වර්ෂවලදී අදාළ වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප් පියවර වෙනුවට 12 වැනි වැටුප් පියවරේ පිහිටුවීම හේතුවෙන් රුපියල් කෝටි 5කට වැඩි මුදලක් වැඩිපුර වැටුප් ගෙවා ඇති බව මෙහිදී අනාවරණය විය.
කෙසේ වෙතත් වැටුප් වර්ධක අත්හිටුවීම සහ වැටුපෙන් අයකර ගැනීමෙන් රුපියල් මිලියන 15.1ක මුදලක් අයකරගෙන ඇති බවද එහිදී සඳහන් විය.
මෙම පරිපාලනමය දෝෂයට සේවකයින් සෘජුව වගකිව යුතු නොවන බවත්, ඔවුන් වෙත නිකුත් කළ පත්වීම් ලිපිවල නිශ්චිත වැටුප් තලයක් සඳහන් කර තිබූ බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. ඒ අනුව, සේවකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ සාධනීය මැදිහත්වීම ලබාගැනීම සඳහා ඔහුගේ අවධානයට ලිපියක් යොමු කිරීමටද කාරක සභාව තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd