ලන්ඩන් බෞද්ධ විහාරය අන්තර් ආගමික සතිය සැමැරීය. මහා බ්‍රිතාන්‍යයේ සංඝනායක හා විහාරාධිපති බෝගොඩ සීලවිමල නා හිමියෝ සිය දායකයන් හා එක්ව මෙම වැඩ පිළිවෙළ සංවිධානය කළහ.
ආගමික සමගිය හා එකමුතුකම වෙනුවෙන් පැවැති මේ සමුළුවට මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ද සහභාගි විය.
එහිදී සාමයේ පහන දැල්වි‚ බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, යුදෙව්, ඉස්ලාම් ,සීක ආගම් නියෝජිතයෝ දේශන, පිරිත්, යාච්ඤා ආදියෙන් සමගියේ හා ලෝක සාමයේ වැදගත්කම පෙන්වා දුන්හ.
ලන්ඩන් බෞද්ධ විහාර දහම්පාසල් සිසුහු ධම්මපදයේ ගාථා ඉදිරිපත් කළහ. ලෝක සාමය සඳහා බොදු දැක්ම මැයෙන් අසංක මුණසිංහ ද ලන්ඩනයේ ලංකා ක්‍රිස්තියානි සංගමය වෙනුවෙන් චාමේන් ජයතිලක ද, කුසුම් සුබසිංහ හා ඤානිස් සුබසිංහ ද කතා කළහ. කෝන්වැවේ ආරියරතන හිමියයෝ ස්තුති කතාව කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද වැඩක්
ලංකාව ඇතුලු සෑම රටකම සිදුවන මීනිමැරීමි සමුලඝාතන දුෂණ වංචා මෙවැනි දේ සංසන්දනය කර බැලීමේදී මෙයත් ඒක්තරා නාට්‍යයක්දැයි සිතෙන තරම්ය. (ස)
ආගමික සමගිය ලංකාවෙත් තියෙනවා නම් කොච්චර සුන්දරද? (නි)