මගීන් 160 දෙනකු සමග අඩි 32000ක් ඉහළ අහසේ ගුවන් යානයක් ගුවන් සේවිකාවන් දෙදෙනකු විසින් විනාඩි 40ක් තිස්සේ පදවා ගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන් නියමුවන් දෙදෙනාගෙන් සහ ගුවන් සේවිකාවන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත.
පසුගිය අප්‍රේල්12 වැනිදා බැංකොක් සිට දිල්ලිය බලා පියාසර කරමින් තිබූ ඉන්දීය ගුවන් සේවයට අයත් බොසිං යානයක නියමුවා ගලුවන් සේවිකාවට කතා කර ඔහුට වැසිකිලියට යාමට අවශ්‍ය බව පවසා ඔහුගේ නියමු අසුනේ වාඩි වන ලෙස දන්වා තිබේ.
පසුව ප්‍රධාන ගුවන් නියමුවාත් තවත් ගුවන් සේවිකාවට කතා කර ඔහුගේ නියමු අසුනේ වාඩි වෙන ලෙස දන්වා යානයේ ව්‍යාපාරික අසුනක් වෙත ගොස් නිදාගෙන තිබේ.
ගුවන් සේවිකාවන් දෙදෙනා යානය පදවමින් සිටියදී එක් සේවිකාවකගේ අත යානයේ ඇති ස්වංක්‍රීය නියමු බොත්තමට වැදීමත් සමග යානයේ නිදා සිටි ගුවන් නියමුවා වහාම නියමු කුටියට පැමිණ ඇත.
වාසනාවකට කිසිදු අනතුරක් සිදු නොවුනත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ඉන්දීය ගුවන් සේවය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බිම ඉදලා කරන දේවල් එයාලා උඩදී හරි කරන්නත් එපායැ.(නදී)
එයාට නිදිමත වෙන්න ඇති .(ස)
කොහොමත් තව කෙනෙක් පුහුණු කරන එකත් හොදයිනේ. (ස)
බලන්නකෝ එකෙත් හැටි. (ස)
ඔය වෙලාවේ මමත් හිටියනම් කාටවත් වැසිකිලි එන්න හම්බ වෙන්නේ නැහැ. බයටම මට දෙකොනෙන්ම පහ වෙයි (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ ඉන්දියාවෙනෙ. ටිකක් හොයලා බලන්න තමිල්නාඩුවෙද කියලා හතර දෙනා (නි)
සනත් හරි.(ස)
ඕවා මොනවද ඉන්දියාවට? (නි)
පිටරට ගුවන් සේවිකාවෝ ට්‍රොලි දෙකෙන් ,දෙපෙත්තේ මගීන්ට ඉක්මනින් සංග්‍ර කරලා කැබින් එකට ගිහින් කයිවාරු ගහනවා, මේක් අප් දමනවා. බෙල් ගෙහෙව්වට එන්නේ නැහැ. මට යකා තද උනා. උපහාසෙට වගේ ගුවන් සේවිකාවට ගුවන් සේවාවල නම් ටිකක් කියලා ඒවායේ සේවය අන්තිමයි කිව්වා. ඒ උනාට ඔබලාගේ සේවය ඉතාමත් අනර්ඝයි කියලා බොරු වර්ණාවක් දැම්මා. ඔබට බොහොම ඉස්තුයි අගය කලාට කියා කෙල්ල කැබින් එකට ගියා. බබාලට දෙන්න කියල ලූඩෝ බෝර්ඩ් 2, කරේඩි පැක් 2 , මට බීම, රේෂර් එකක් දීලා යන්න ගියා අනික් අයට කියන්න එපා කියලා.(සත්‍ය සිද්ධියක්) .(නදී)
ඉතින් වැසිකිළියට යනවා නම් තනියට කාවහරි කැදවාගෙන යන්න තිබුනනෙ (නි)
ඩෙන්සිල් වොෂින්ටන් රගපාන,"ෆ්ලයිට්" කියල අලුත්ම හොලිවුඩ් චිත්‍රපටියක් අවා.කැමති කෙනෙක් ඉන්නවා නම් බලන්න ප්ලේන් වල යන්නත් බය හිතෙනවා නියමුවන් කරන වැඩ දැක්කම.(ස)
අපේ ගුවන් සේවිකාවක් ලගදී අත් අඩංගුවට ගත්තා මත්ද්‍රව්‍ය අරන්. (නදී)
පුද්ගලික බස් වල ලොරිවල සහායකයන් තමන් වැඩ කරන වාහනයෙන්ම තමා රිය පැදවීම පුහුනුවෙන්නේ ඒ වාහනවල රියදුරන්ගෙන් . ගුවන් යානා වලත් ඒකම තමා සිද්ද වෙලා තියෙන්නේ.(ස)
ඉන්දියාවෙනේ. ගණන් ගන්න එපා (නි)
අපේ ගුවන් සේවේ පාඩුව ගිය අවුරුද්දේ පමණක් කෝටි 2050. ළගදීම අයිමත් එමිරේට්ස් ලට දෙන්න වෙයි වගේ.(ස)
මේවා අපේ ගුවන් යනවල නියමුවාට ඒගෙන ගන්න හොද පාඩම්. අපේ ගුවන් නියමුවන් දෙදෙනාට හොඳයි. ගන්න එහෙම එපා ඉන්දියන් කාරයින්ගේ දේවල් එහෙම. (ස)
සමහර අදහස් වලින් පෙනෙන්නේ කොහේ ගියත් ශ්‍රී ලාංකික ගතිය තහවුරු කරන අයත් ඉන්න බවයි. (නි)
තව පොඩ්ඩෙන් ජීවිත කීයක් නම් නැතිවෙනවද? (නි)
ඉන්දියන්කාරයෝ කියන්නේ පිස්සෝ. හොර සහතික සහ පන්දම් වලට දක්ෂම මිනිස්සු. (නි)
එදා එක පව් කාරයෙක් වත් ටිකෙට් අරන් නෑ. හිටියා බර ගානක් කපෝතියි. බුදු පිහිටයි නඩේ කාටත්.(නදී)
නියමයිනේ.(නදී)
පුදුම ජාතියක් තමයි. රස්සාවෙන් දොට්ට දාලා මදි, හිරේ දාන්නත් ඕනෑ. ආයි කිසිම රැකියාවකට නොගන්න තැනට වැඩ කරන්න ඕනෑ හතර දෙනාටම (නි)
මේ ගුවන් සේවය භාවිතා කරන්න එපා .එතකොට එක නිකම්ම වැහිලා යාවි. (ස)
මට එක පාරටම මතක් වුණේ අර නුවරඑළිය පාරේ කාන්තාවක් පදවාගෙන ඇවිත් අඩි 350ක් පල්ලමට පෙරලුන කාර් එක (නි)
ගුවන් යානයට ඇතුල් වෙද්දී ගුවන් සේවිකාවෝ මගීන් පිළිගන්නේ වැදගෙන. ඉන් පස්සේ බලන්න ඕනෑ ඒ අයගේ ලොකුකම. බෙල් එක නාද කළත් ලඟට එන්නේ ප්‍රමාද වෙලා. බත් පලංගාන් කන අයට බත් පීරිසි ,ඒත් කමක් නැහැ කියමුකෝ. බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගිහින් ඇති 160 දෙනා අනිච්චාවත සංඛාරාවෙන් බේරුනු එක! (නි)
අහිංසක ජිවිත 160ක් එක්ක කරපු සෙල්ලම හරි ෂෝක්. ඒකේ ගිය මිනිස්සුන්ගේ වෙලාව හොඳ ඇති. ඒකයි ඔහොම බේරුනේ... (නි)
ඔය වගේ නියමුවන් ගැන හිතලා වෙන්න ඇති ගුවන් ඉංජිනේරුවන් කෝකටත් ඔරොත්තු දෙන්න අනාගතය දෙස බලා දියුණු තාක්ෂණයෙන් ගුවන් යානය නිපදවන්න ඇත්තෙ. (නි)
ඇත්ත තමයි. මේ සෙල්ලම් කරන්නේ ජීවිතත් එක්ක නේද? (නි)
අර පෙරේරාගේ කතාව නම් සහතික ඇත්ත. (නි)
පෙරේරා, ඔයා හරියට හරි. ඉන්දියාවේ ඉන්නේ පිස්සෝ. ඒකනේ ඔය ගෑනු දෙන්නට විනාඩි 40 ක් හරි ප්ලේන් එක ගෙනියන්න පුළුවන් වුණේ.ඒ විතරක් ද ? පිස්සෝ වැහි වැහැලා. දැනටමත් ලෝකය පුරා විද්‍යාවට සේවය කරමින් ලොවට සෙත සලසන කීර්තිමත් විද්‍යාඥයින් .... මේ සියල්ලෝම පිස්සෝ. අපි විතරමයි උතු. පෙරේරා මහතා ඇතුළු මේ දුපතෙන් එහා ලෝකය පහත් සේ සිතන උතුම් සිංහල බෞද්ධ සැම මේ දුපතේම සංසාර ගමනේ සෑම ආත්මයක් පාසාම උපදින බව ඒකාන්තයි. (නි)
මම අහලා තියෙන විදියට නියමුවාට ස්වයංක්‍රීය නියමු උපාංගය ක්‍රියාත්මක කරලා නියමු අසුනෙන් ඉවත් වෙන්න පුළුවන් පියාසර කරන අතරතුර. (නි)
ලංකාවේ කොතරම් මෙහෙම වැඩ වෙනවා ඇද්ද? (නි)
කතාව ඇත්ත වෙන්න ඇති. හින්දි චිත්‍රපටි වල වගේ අර කොල්ලා දුශ්ඨයා එක්ක සටන් කරනකොට කාර් එකේ සුක්කානම දෙන්නෙ කෙල්ලට. ජීවිතේට කාර් පදවලා නැති කෙල්ල ඔය එලවන්නෙ අගේට. ඉන්දියාවෙ නිසා පුදුම වෙන්නවත්,බයවෙන්නවත් වුවමනා නැහැ. අනික කරුමෙට අර බොත්තමේ අත වැදුනෙ නැත්තම් ඔය වැඩේ දිගටම කරගෙන යනවා. අනික කවුද දන්නේ ඔය නියමු කුටිය ඇතුලේ මොන මොන දේවල් වෙනවද කියලා. (නි)
මේ නිසා තමයි අපි මේ කට්ට්ටියට ඉන්දියන් කියන්නේ. (නි)
සෙල්ලම්ද කොල්ලෝ... (නි)
ජීවන්ත, ජාතියක් ඉලක්ක කර ගරහන්න හොද නැතිවග ඇත්ත. නමුත් ඔබ ඉන්දියන්,පකිස්තාන්,බෙන්ගාලි අයත් සමග වැඩ කලොත් වටහා ගනීවි ඔවුන්ගේ මුළු ජීවිතේම ඔවුන්ගේ බොලද චිත්‍රපටියක් හා සමානයි කියා. (නි)
ඉන්දියාව නැත් නම් ත්‍රීවිලරයක්වත් අද නෑ මෙහෙ. ගොන් කරත්තෙන් තමා ගමන්. කාර් තියෙන මිනිසු විරලයි. (ස)
පුදුම වෙන්න දෙයක් නැහැ. මේ ඉන්දියන් ගුවන් සේවයනේ. (නි)
ගාමිණි සිරි, ඔයාගේ කතාව ඇත්ත. පිළිගන්නේ වැදගෙන. සළකන්නේ හරියට එයාලගේ සල්ලි වලින් අපි ටිකට් අරගෙන යනවා වගේ. (නි)
ඉන්දියාවේ වුණ එක හොදයි. චිනේ වුණා නම් අපිට මොන ලැජ්ජවක්ද? නේද මෙයා. (නි)
ගුවන් ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරළිලා... (නි)
ශ්‍රී ලාංකිකයන් වැඩිම පිරිසක් උදේ හවා වැද නමස්කාර කරනු ලබන්නේ ඉන්දියානුවෙකුට බව මෙහි අදහස් පල කරන උදවියට අමතකද? (නදී)
වැරදිලාවත් වෙන බොත්තමක අත වැදුනා නම් බලාගන්න තිබුණා. (නි)
තව මොනවා පුරුදු කරන්න හැදුවද දන්නෙ නැහැ (නි)
ස්වයංක්‍රීය යතුර ඔබලා හතරදෙනාම නිදහසේ ඉන්න හිතුවා වත්ද? මොනවා උනත් පින්වන්ත ගුවන් මගීන් පිරිසක් එම ගුවන් යානයේ ගමන් කරලා තියෙන්නේ.(නදී)
වැඩිය කලබල වෙන්න එපා මේ ගැන (නි)
ඒ දෙන්න නිකන් ඉදගෙන යන්න ඇති හරවන්න බ්‍රෙක් ගහන්න නැහැනෙ. ඉස්සරහින් තව ප්ලේන් එකක් ආවනම් තමයි වැඩේ.(නදී)
ඔයිට කලිනුත් කලාද කවුද දන්නේ. එකමයි මම ඔය උඩ ගමන් යන්නේ නැත්තේ. (ස)
සනත් ඔබගේ වචන කෝටියක් වටිනවා.(ස)
ඔන්න එහෙනම් අහගන්නකෝ කතාව. උප ගුවන් නියමුවා වැසිකිලියට ගිය වෙලාවේ ගුවන් සේවිකාව ප්‍රධාන ගුවන් නියමුවාට නිදිමත හැදෙන්න සැලැස්සුවා.(නදී)
ඉන්දියාවේ කාන්තාවෝ හරි බුද්දිමත් නේද ? (ස)