(හසිත රංග ගුණතිලක)
මෙරට ගොවීන් සතු සමස්ත බඩඉරිඟු අස්වැන්න මිලදී ගැනීම අවසන් වනතුරු බඩඉරිඟු ආනයනය නවතා දැමූ බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන හා වාරිමාර්ග අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
මේ වනවිට දේශීය බඩඉරිඟු අස්වැන්න වෙළඳපොළට පැමිණෙමින් තිබෙන බවද අමාත්‍යවරයා කීය.
ඉදිරියේදී වෙළඳපොළ තුළ බඩඉරිඟු අස්වැන්න කුමන ආකාරයකට අඩුවේ දැයි නිශ්චිතව කිවනොහැකි යැයි කී අමාත්‍යවරයා සේනා දළඹු මර්දනය පාලනය කළ නිසා බඩඉරිඟු අස්වැන්න හිතූ තරම් විනාශ වී නැතැයි ද පැවසීය.
සේනා දළඹු උවදුරට හසු වූ බඩඉරිඟු ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට හානියක් නොමැති බවට කෘෂි විශේෂඥයින් තහවුරු කර ඇති බවද විදෙස් රටවලින් බඩඉරිඟු ආනයනය කිරීමට කොහෙත්ම වුවමනාවක් නොමැති බවද පී. හැරිසන් මහතා කීය.
රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද(01) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පී. හැරිසන් මහතා මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපනයනය නවත්වන්න අවශ්‍ය නැත. මොලයක් තියෙන එක රටක්වත් විෂබීජ තමන්ගේ රටවලට සල්ලි දීලා ගන්නේ නැත. අපේ රටේ දේශපාලකයින් තමයි ඕන කුණු ගොඩක් සල්ලිදීලා ගන්නේ කොමිස් ලැබෙනවා නම්...
ඔක්කෝම රටින් ගේනවා. ලංකාවේ වගාවෙන් ගොවියන් ඈත්වෙලා.
එළවළු දැන් අලෙවි කරගන්න බැරිව ගොවියෝ අසරණවෙලා. ඇමැතිවරු හදන්න ආණ්ඩු හදන්න තමයි උත්සාහය. ගොවීන්ට විසඳුමක් නැහැ.
ගොවියට... ලංකාවේ රජයේ දෙන සහන දන්නවද? මාසයක් කන්න දෙන ගොවි විශ්‍රාම වැටුප රුපියල් 1200යි.
බොරුවට අවුරුද්දකට සැරයක් රාජ්‍ය වප් මගුල කියලා කෝටි ගණනක් වියදම් කරලා උත්සව තියනවා. ඒත් ගොවීන්ට කරන මගුලක් නැහැ.
අනාගතයේදී ගොවි දූ පුතුන් බිහි නොවනු ඇත
බඩ ඉරිඟු වගාව විනාශ කරේ අපේ දේශපාලකයින් මිසක් වෙන රටක දේශපාලකයන් නෙවෙයි..
අපේ ගොවි පරපුර රැකගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමට පාලකයන්ගේ ඇස් ඇරේවා...!!!