අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරයා එය ඉල්ලා අස්කර ගැනීම තමා අනුමත නොකරන බව දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් මහතා ගාල්ලේදී ප්‍රකාශ කළේය. ‘කෙනෙකු අත්සන තැබිය යුත්තේ එහි ඇති දේ කියවා බැලීමෙන් පසුවයි. එසේ නැතුව අත්සන් කර ආයේ ඉල්ලා අස් කර ගැනීමේ තේරුමක් නෑ.‘ ලංකා සමසමාජ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වයි ජී පත්මසිරි මහතා දෝශාභියෝගයට අත්සන් කර පසුව එය ඉල්ලා අස්කරගත්තේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අර සමහරු ඉල්ලා අස්වෙලා ආයෙමත් ආවේ මොකෝ (ස)
ඉතිං අත්සන අයින් කරගත්තහම මොකද වෙන්නේ? ඔහොම දේවල්යැ අද ලංකාවෙ වෙන්නේ? (නි)
අසාධාරණයට කැමති අයට, බොරුවෙන් ප්‍රෝඩාවෙන් ඉන්න කාට වුණත් ඉන්න පුළුවන් කෙටි කාලයයි. මම මේ කියන්නේ එතුමාට නෙමෙයි, පොදුවේ හැමෝටම. (නි)
පින කියන්නේ වාසනාවක්, ඒත් පිනා කියන්නේ මෝඩ වැඩ කරන අයටයි (ස)
සෑම් තමයි වටිනාම අදහස ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉදිරියේදී තව අය මේක කියවාගෙන යද්දී පෙනේවි මේකේ දින වකවානු, ඇතැම් අයගේ නම් ගම් ආදිය වැරදියට නේද ලියලා තියෙන්නේ කියලා. අයියෝ අත්සන්. (නි)
මට මතක නැහැනේ. (නි)
මේක අනෙක් වැරදිත් එක්ක බැලුවහම එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. (නි)
ඔය ඉල්ලා අස්කරගත්තු අය අඩු තරමේ අත්සන් කලාට පස්සේ හෝ කියවල තියෙනවා.. ඒකනේ ඉල්ලා අස්කරගන්නේ??? අත්සන්කරලා බිල්ලෝ වගේ ඉන්න අය ඕකේ තියෙන්නේ මොකද්ද කියලවත් දන්නේ නැතිව ඇති... එමනිසා මම හිතන්නේ අත්සන් කරලා ඉන්න අයගෙන් ගොඩාක් අයට වඩා ඉල්ලා අස්කරගත් පුද්ගලයා බුද්ධිමත් කියලා........ (ස)
ඕකට අත්සන් කළ අය සියල්ලන්ම අත්සන් කරද්දී හොදට කියවලා බැලුවාද දන්නෙ නැහැ? (නි)
කියවන්න දෙයක් තිබුණේ නැද්ද කවුද දන්නේ? (නි)
ඕවා ඔයගොල්ලොම බලාගන්න (ස)
කාටහරි පහරක් ගැසුවට පස්සේ ඒ පහර ඉල්ලා අස්කර ගන්න පුලුවන්ද? (නි)
හිස් කොලේකනේ අත්සන් කරලා තියෙන්නේ .ඉතින් මොනවා කියන්නද ? (ස)
පස්සෙද දන්නෙ නැහැ එතුමා දන්නේ මේක දෝෂාභියෝගයක් කියලා. (නි)
සිග්නල් කණුවල හැටි ඔහොම තමයි (ස)
හුගක් අය හුගක් දේවල් වලට අත්සන් කරලා පසුවට කල්පනා කරනවා. (නි)
ඔයටික දන්නවානම් මෙයා පක්ෂයේ ඉන්නේ නැහැ..!(නු)
එතුමාට පසුව වෙන්න ඇති මේක තේරුම් යන්න ඇත්තේ. (නි)
අපි මේ විහිලු බලල හිනා වෙනව විතරක් නෙමේ ලෝකෙට විහිලු සපයන මේ සෑමට ස්තූති වන්ත වෙනව (ස)