වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම පිළිබඳ යුරෝපා මාධ්‍ය විවිධ මත පලකරයි. මියගිය හා තුවාල කරුවන් ගැන සංඛ්‍යාත්මකව වෙනස් අගයන් පලවී තිබුණු අතර බන්ධනාගාරයේ අවි ගබඩාව සිරකරුවන් අතට පත්වීම පිළිබඳව ද ඇතැම් මාධ්‍ය විශ්මය පලකරන අතර ම උපහාසාත්මක පුවත් ද පලකොට තිබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගබඩාව කඩලා ගත්තු ආයුධ 80 න් 2 ක් විතරක් අරගෙන හිරකරුවෝ වහලයට නැගලා. හිතාගන්න පුළුවන් නේද...? (නි)
ඔය කියන ඊනියා විදේශ මාධ්‍ය අපට කවදත් හරහට හිටියේ. කවුද දන්නේ සිරකරුවෝ උමගක් හාරගෙන අවි ගබඩාවට ගියාද කියලා. (ත)
ලංකාවෙ සියළුම බන්ධනාගාරවල පාලනය සහ ඉහළ බලධාරින් මේකට වගකිවයුතුයි.. හිර දඩුවම් ලබන්නට යන අයට ආදර්ශයක් විය යුතුය නිලධාරින් සිරකරුවන් නැවත වරක් ඝෘජුවම වරදට පොළඹවනවා..!(නු)
ඔක්කොමත් හරි. කවුරුවත් කියන්නේ නැහැනේ පැනලා ගිය කට්ටිය ගැන. (නි)
බන්ධනාගාර ලොකු මහත්තවරුන් ඉල්ලා අස්විය යුතුයි. ලැජ්ජයි මහත්වරුනි. කෝ අපේ අර දේශහිතෙෂී කට්ටිය? දැන්වත් කට්ටියට ඇත්ත තේරුණොත් හොදයි. පිටරට ඉඳලා සමහරු එරටවලට එරෙහිවත් උද්ඝෝෂණ කරනවා. එතරම් නිදහස තියෙනවා. (නි)
රටේ ආරක්ෂාව ගැන තව මොන කතාද? අවි ගබඩාව කඩද්දී ආරක්ෂක අංශ සිටියේ නින්දේද? (නි)
බන්ධනාගාර රැඳවියන් ළග ජංගම දුරකතන, හෙරොයින් කොහෙන්ද? මේවට උදව් කළ නිලධාරින් ගැන හොයන්නේ නෑ? ඒ අයගේ වත්කම් ගැන හෙව්වොත් මේ සේරම දැනගන්න මුළුවන් වෙයි. (ත)
ත්‍රස්තවාදය සෝදා දැමු රටක හිරගෙවල් කඩන, අගවිනිසුරු පාරට බහින, අලුගෝසුවන් සිටින්නේ කොහොමද? (නි)
ඇයි මේ බොරු කලබලය? අදද දන්නේ ජේලර්වරුන්ගේ, පාලකයන්ගේ තත්ත්වය? බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම්, භාවිතා කරන වාහන දැක්කහම මීට වඩා යමක් වෙන්න ඕනෑ. කැමරා සවිකරලා හිරකරුවන් බලන්න යන දේශපාලකයෝ , මැරයෝ ටික බලාගන්න පුළුවන්නේ. (නි)
කරපු බොරුව මුළු ලෝකෙම දන්නවා.. පොඩි අයත් දන්නවා..! (ත)
මොලේ තියන ඕනෑම පොඩි ළමයෙක් වුනත් සත්‍ය දන්නවා. හරියට කෞතුකාගාරය කැඩුවේ දවසකට රුපියල් විසි පන්දහසක ුටු උරණ කුඩ්ඩෙක් වගේ. (ත)
අපේ බන්ධනාගාරය හොර ගුහාවක් කියලා පාලකයෝ දන්නේම නැත. ඉතාලිය දනී. (ත)
"වසන්ත 2012-11-10 22:46:49 ලංකාවේ දේවල් ගැන අපිට වඩා අමාරුව තියෙන්නේ පිටරට අයට. අපි එයාලගේ දේවල් හොයන්න යනවද? පිස්සු තමයි." අපේ රටේ ඉන්න අයට මොන විගඩමක් වුණත් අමාරුවක් නැහැ වගේ ඔහේ කතිරේ ගහ ගහා ඉන්න සෙයියාව බලා ඉන්න බැරිම තැනලු විදේශික අයට අමාරුව හැදිලා තියෙන්නේ. මේකේ ඕනෑ නාඩගමක් නටන්න හොඳයි, හැබැයි කාටවත් ඒ ගැන වචනයක් කතාකරන්න තමයි හොඳ නැත්තේ. වසන්ත මහත්තයාගේ මතවාදීනායක ලෝකයේ අනෙක් ජාතීන් ඉන්න බව නොසළකා කරගෙන යන වැඩවල ප්‍රතිඵල අපට බලාගත හැකිවෙයි ලබන මාර්තු වලින් පස්සේ. (නි)
බන්ධනාගාරයට ආරක්ෂක අමාත්‍යංශයට ගත්තොත් හොද නැද්ද? මොකද සමහර බන්ධනාගාර නිලධාරින්ට විනයක් නැහැ. හිර කුටි ඇතුලට දුරකථන කුඩු ඇතුළු නොයකුත් දේ ඇතුලට යන්නේ කොහොමද? ඔය නිලධාරින් මොනවාද ගන්නෙ නැත්තේ... අන්තිමයි.. වැරදි හදගෙන ඉදිරියට යන්න...!(නු)
ඒ වැඩේ ඉවරයක් කරන්න වහාම (දී)
වසන්ත අපේ රට ගැන විදේශිකයන්ට අති රුදාවක් නැහැ.. නමුත් අරුම පුදුම දේවල් ගැන කවුරුත් පුදුම වෙනවා..!(නු)
හිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ට වඩා වැඩකරුවන් බව දැං තේරෙනවා නේද? ඒක නිසා හිරකරුවන් එලියට දාලා ජේලර්ලා ඇතුලට දැම්මනම් නරකද? හිරකරුවන්ට පාලනය දුන්නනම් මේ වගේ වැඩ අඩුවෙයි..!(නු)
ඕක කොහොමත් අපි දන්නවා.. පාතාලය මෙහෙයවන්නේ සිරගෙවල්වල සිට බවත් එයට උපරිම සහය නිලධාරින්ගෙන් ලැබෙන බවත් කොටින්ම බන්ධනාගාරය බලය ලත් පාතාලයක් බවත් අපි දන්නවා.. එකම එක බන්ධනාගාර නිලධරියෙක් පමණක් තුවාල වීම මේකට හොදම උදාහරණයක්..!(නු)
මිලානෝ සාන්ත වික්ටර් බන්ධනාගාරයේ ඉන්න ලංකාවෙ අයත් වහලෙට නගීවි මෙය බලලා..!(නු)
ලංකාදීපයට ස්තුති කරනවා මෙවැනි විදේශ මාධ්‍ය උපුටා මෙවැනි ලංකාවට සම්බන්ධ පුවත් වාර්තා කිරීම ගැන..!(නු)
එස්.ටී.එෆ් කියන්නේ යම්තැනක පොලිසියට පාලනය කරන්න බැරි බරපතල දෙයක් උනාම යොදවන හමුදාවක්... උදාහරණයක් කොටි පහරදීමට ලක්වුණු ගුවන්තොටුපල.. නමුත් අද (නු)
ඔය සිද්ධිය වූ වින්නැහියට සම්පූර්ණ වග කියන්න ඕන කෙනා මම දන්නවා.. මොකද කියනවා නම් ඔය ක්‍රියාත්මක කරපු සෝදිසියට විශේෂ ආරක්ෂක නිලධාරින් සංධ්‍යාවක් යොදාගෙන කුඩා කණ්ඩායම් භාවිත කළානම් පස්දෙනෙක් පරීක්ෂාකරන අතර පස්දෙනෙක් පරීක්ෂා කරන අතර තවත් පස්දෙනෙක් ආරක්ෂාව දෙන විදියේ පිලියමක් උපයෝගී කර නොගැනීමයි..!(නු)
අඩු තරමේ රටේ ආරක්ෂාව ගැන කතා කරන්න කලින් ඇත්තටම වුණ දේ හොයලා බලන්න. (නි)
අනේ ඕක ලංකාව නම් වෙන්නම බැහැ. ශ්‍රි ලංකාව කියන්නෙ ලෝකෙන්ම උතුම් රට. ඔය එක එක්කෙනා ඊරිසියාවට කියන කතා. ලංකාවෙ කොහෙද හිරගෙවල්? (නි)
මේක ප්‍රවෘතියක් විතරයි.ඉතාලියෙ වුනත් ඔහොම වුණා නම්,ඒ අය කරන්නෙත් ඔයටිකම තමා. (නි)
සරත් ෆොන්සේකා මේ ගැන මොනවාද කියන්නේ? මහත්යාගේ අදහස දැනගන්න හරි ආසයි..!(නු)
කුමාරි කිව්ව වගේ හරියටම හරි.. කැමරා සවිකරලා ජංගම දුරකථන සංඤා අඩාල කළාම හුගක් රවටල සිරමැදිරිවල කරනවා.. අපේ රටේ නම් කරනවට නිලධාරින් කැමති නැහැ..!(නු)
බන්දනාගාරය කියන්නේ උසාවිය මගින් දඩුවම් පමුණුවන ලද වරදකරැවන් දඩුවම් කාල සීමාව තුල රැක බලාගෙන ඹවුන්ව පුණරුප්පාදණ කරන ආයථනයක් මෙය තුලත් වැරදිකරුවන් වරැදි කරනවනම් මේකට බන්දනාගාර පාලකවරුනුත් ආරක්ෂක අංශත් විශේෂයෙන් රජයත් වග කියන්ට ඹ්නෑ මොකද මේ පලමු අවස්තාව නොවෙයි ('වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියන්නද මේ අවනඩුව')(නු)
කාගෙන්වත් උදවුවක් නැතුව එයාලා අවි ගබඩා කැඩුවේ කොහොමද? (නි)
විදේශ මාධ්‍ය කැමති දෙයක් කියපු දෙන්. හිරකරුවන් ටිකයි එයාලට උදව් කරපු නිලධාරින් ටිකයි හොයලා නිසි දඩුවම් දෙන්න තිබුණා..!(නු)
අනේ අපිට ඉතාලි බැහැනෙ. ඒක සිංහලට හරවල දාන්නකො. (නි)
හෝන්දු මාන්දු අය බන්ධනාගාර පාලනය කරනකොට ඕවා අහන්න ලැබීම අමුතු දෙයක් නෙමෙයි. ලංකාවේ අපිත් බන්ධනාගාර පාලනය, අවනීතිය, වංචා ගැන උපහාසය තමා පළකරන්නෙ. (නි)
මේකෙ කිසිම උපහාසාත්මක එකක් නැහැ... ලියලා තියෙන්නේ ඉතාලි භාෂාවෙන්.. මම ඉතාලියෙ අවුරුදු 40ක සිට ඉන්නා ඉතාලි ජාතික ශ්‍රී ලාංකිකයෙක්..!(නු)
පාලනයට නොගැළපෙන උදවිය යෙදෙවුවහම ඕවා තමා වෙන්නේ... (නි)
හිඩැසක් තිබුණු නිසානේ කැඩුවේ. (නි)
ලංකාවෙ අය හිරගෙදර හිඩැස් ගැන හොදට දන්නවා. (නි)
මාෆියා කල්ලි ගැන අපි දන්නවැයි? (නි)
අවි ගබඩාව කැඩීමට තරම් එය ආරක්ෂිත ගබඩාවක් නොවෙයිද? එපමණක් නොව රැඳවියන්ට සිපිරිගෙයි වහළ උඩට නගින්න පුළුවන් ආකාරයට වහළ තනා ඇත්තේ ඇයි ? ඖෂධාලයෙන් මත් පෙති ගෙන පසුව කලබල කළ බව ඇමතිවරයා කියනවා. හැම තැනම හිඩැස් තබලා දැන් කෑවෝ කෑවෝ කියා කෑගැසීමෙන් තේරුමක් තිබෙනවාද ? (නි)
දන්නෝ දනිති. (නි)
ඕකෙ හිටපු සේරම බන්ධනාගාර නිලධාරීන්ව විශේෂ බලකාය මගින් ප්‍රශ්න කිරීම සදහා පත් කළ යුතුයි.. රහස් පොලිසියට කිසිවක් නොදී හමුදාව මගින් සියළුම තොරතුරු ලබාගැනීමට ඉඩ සළස්විය යුතුයි.. ඔයවගේ ඉන්න අයලා තමයි සල්ලිවලට හිරකරුවන්ට උදව් කරන්නෙ..අවි ගබඩාව කඩනකොට සද්දයක්වත් ඇහුනෙ නැද්ද? (නු)
මේකෙ හිටපු නිලධාරින් සියළුම දෙනාගේ වැඩ තහනම් කරන්න ඕන.. කොච්චරනම් පැමිණිලි තියෙනවාද? ආරක්ෂකයෝ ජේලර්ලාව පරීක්ෂාකරනකොට එක්කෙනෙක්ගේ තොප්පියකින් කුඩු පැකට් එලියට පැනලා තිබුණෙ.. හමුදාවට සේරම හිරගෙවල් බාරදුන්නනම් ඉවරයි.. අපේ වීර කොල්ලො රට රැකලා දුන්නා වගේ අපට අනාගත දරුවන්ගේ ජීවිත ටික ආරක්ෂා කරලා දේවි.. මට ඒක විශ්වාසයි..!(නු)
වැඩිය හිතන්න යන්න එපා. (නි)
ජේලර්ලා හිරකාරුවන් එක්ක එකතුවෙලා කර වැඩක්ද කොහෙද ? (ස)
අපේ දේවල් කොහොමත් පිට රැටියන්ට විශ්මය ජනකයි තමයි.. මේ රටේ තියෙන නාලිකාවල මැරුණු ගනන් හිලව් කිව්වේ ටිකක් වෙනස් ආකාරයකට.. පිටරුටියන්ට විතරක් නෙමෙයි අපිටත් විශ්මය ජනකයි..!(නු)
කතාව ඇත්ත. (නි)
අවි ගබඩාව කඩද්දී ආරක්ෂක අංශ සිටියේ නින්දේද? (නි)
අවි ගබඩාවත් ආරක්ෂා කරගන්න බැරි බන්ධනාගාර නිලධාරීන්ගෙන් වැඩක් තියෙනවද? (නි)
ලංකාවේ දේවල් ගැන අපිට වඩා අමාරුව තියෙන්නේ පිටරට අයට. අපි එයාලගේ දේවල් හොයන්න යනවද? පිස්සු තමයි. (නි)
කරපු බොරුව මුළු ලෝකෙම දන්නවා.. පොඩි අයත් දන්නවා..!(නු)
ලැජ්ජයි තමයි බී.බී.සී.එකේ ලොකුවට කියනවා.!(නු)
අයියෝ සල්ලි කොහොමද එහෙම උනේ
නියම ආරක්ෂාව ගැන තව මොන කතාද? (නි)
මට නම් පේන්නෙ මේක අර ආයුධ පෙන්නන්න එක්ක ගියා වගේ එකක්. මේ වගේ ඒවා අවුරුද්දකට 2 ගණනේ කරගත්තා නම් එල්ලුම් ගහ දෙයියනේ, කියලා ඕනෑම නැහැ. (නි)
බන්ධනාගාර හමුදා අතට පාලනය දුන්නා නම් හරි. (නි)
ලංකාවෙ හොද නම රකින්න කවුරුන් හෝ සිටීද? (නි)
ඕනෑම රටක ඕනෑම දෙයකට නීතියක් තිබේ. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන රටක මහ පාරෙහි වුව මෙවෑනි දේ සිදුවීම අරුමයක් නොවේ. (නි)