IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලියා මැරුවාට ලක්‍ෂ එකහමාරක් දඩ

කන්තලේ සේරුනුවර සුමේධංකරපුරයේදී පසුගිය හත්වැනිදා විදුලිසැර කවා වල්අලියකු මරා දැමූ සේරුනුවර බී.ජී. සුනිල්ට මුතූර් මහේස්ත‍්‍රාත් එම්. පායිස් රසාක් මහතා රුපියල් ලක්‍ෂ එකහමාරක දඩ නියම කෙළේය.



අදහස් (0)

අලියා මැරුවාට ලක්‍ෂ එකහමාරක් දඩ

චමිල Thursday, 15 November 2012 12:06 PM

අපේ නිලධාරීන්ගේ කොන්ද පණ නෑ (ස)

:       0       0

මධූ Wednesday, 14 November 2012 03:45 PM

ලක්ෂ 50 වත් දඩ නියම කරලා අවුරුදු 10 කටවත් හිරේ යවන්න ඔනි (ස)

:       0       0

තාරක Wednesday, 14 November 2012 10:33 PM

මම නම් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ‍දෙනවා බරපතල වැ‍ඩ ඇතුව. (නි)

:       0       0

වරුණ Wednesday, 14 November 2012 04:07 PM

හිරේ යවන්නත් ඕනි මේ කරන වැඩ වලට (ස)

:       0       0

සෑම් Thursday, 15 November 2012 12:01 AM

අලියා වටින්නේ රු.150,000/- යිද? (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 14 November 2012 04:25 PM

දැන් හැමෝම අලි මරාවි. මොකද ලක්ෂ 1 1/2න් බේරෙන්න පුළුවන්නේ (ස)

:       0       0

ජීව Thursday, 15 November 2012 12:30 AM

මේ ගැන වැඩිය සද්ද කරන්න එපා.මොකද සමහර රටවල ඉන්නවා ඉස්සර අපේ රටේ විනෝදයට අලි මරපු අයගෙ මුණුපුරු,මිණිපිරියන්. ඒ අය දැනගත්තොත් පෝළිමේ ලංකාවට එයි අලි මරන්න ලක්ෂ එකහමාරට. (නි)

:       0       0

පෙරේරා Wednesday, 14 November 2012 04:44 PM

දඩුවම මදි, අඩුමගානේ අවුරුදු10 වත් හිරේ යවන්න ඕනි (ස)

:       0       0

සම්පත් Thursday, 15 November 2012 04:08 AM

අලියාගේ වටිනාකමට දඩයක් ගැහැවා නම් හරි. ගෙවන්න බැරි නම් හිරේට යවන්න ඕනෑ. (නි)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 05:06 PM

අපෝ මදි. අලි දළ දෙකම වටිනවා ඇති ලක්ෂ දෙකක් විතර. (නි)

:       0       0

සමන් Wednesday, 14 November 2012 05:18 PM

අලි මරන එකත් මහ වැඩක්ද? ලංකාවේ තියෙන පත්තර ටික බැලුවාම මිනිස්සු මරණ කපන හැටි පුදුම හිතෙනවා.ආගමික නායකයෝත් මේවට නිහඩයි. මෙහෙම ගියොත් ලංකාවෙ මිනිස්සුන්ට මොනවා වෙයිද දන්නෙ නැහැ. ප්‍රශ්නයක් වුණ ගමන් කරන්නේ මරන එක කපන එක......මිනිස්සුන්ගේ මනසවල් විකෘති වෙලා. හරිම කණගාටුයි. (නි)

:       0       0

අජිත් Thursday, 15 November 2012 07:11 AM

කොහෙන් ගෙවන්නද ඉතින් (ස)

:       0       0

සතිෂ් Wednesday, 14 November 2012 06:01 PM

එතකොට හිරගෙදර හිටපු හිරකාරයෝ මැරුවට පවු නැද්ද? අලි මරන එක විතරද පවු? (නි)

:       0       0

වසන්ත Wednesday, 14 November 2012 06:08 PM

අලි අහිංසක ගොවියන් මරලා වගාවන්ට හානි කරලාගෙවල් විනාශ කළාම අලින්ව නොමරා ඉදියිද ? එවැනි දේවලට කවුද වගකියන්නේ. (ස)

:       0       0

මේනක Thursday, 15 November 2012 08:11 AM

වසන්ත, අපි උන්ගේ නිජබිම අයිති කරගත්තහම උන් කොහේද ඉන්නේ? (නි)

:       0       0

ජයන්ත Thursday, 15 November 2012 08:42 AM

දඩේ නම් මදි. අඩුම තරමින් ලක්ෂ 10ක් විතර දඩ ගහලා අවුරුදු 10කට විතර හිරේට යැවුවා නම් හරි. (නි)

:       0       0

බන්දුල Thursday, 15 November 2012 08:32 AM

වසන්ත හරි. නමුත් මේවාට කැළෑ අස්සේ මිනිසුන්ට ඉඩම් ලබාදෙන දේශපාඥයිනුත් වගකිව යුතුයි නේද? (නි)

:       0       0

නසාර් Wednesday, 14 November 2012 06:46 PM

කළ පවු කුමකට පින් සිදුවන්න කරන පවු කුමටද පවු පුරවාගෙන.... (නි)

:       0       0

කුරුවිට Thursday, 15 November 2012 03:40 PM

මාර දඩයක්නේ මට ගෙවනන උනේ සුදු පාන් දෙකකුයි ලොකු සැමන් එකකුයි ගේන්න දුන්නු සල්ලි..!(නු)

:       0       0

ඉන්දික Wednesday, 14 November 2012 07:13 PM

කන්නද දන්නෙ නැහැ මැරුවේ? අල්ලලා කවන්නයි තිබුණේ. තිරිසන් මිනිස්සු. (නි)

:       0       0

සුමුදු Thursday, 15 November 2012 10:30 AM

විදුලි කම්බිය දැම්මේ ආරක්ෂාවට. නැත්නම් ඒ මනුස්සයාගේ දරු පවුල? වගාව? මේවා ගැනත් සිතන්න ඕනෑ නේද? (නි)

:       0       0

සිසිර Thursday, 15 November 2012 03:53 PM

ඔය මිනිහ කරන්ට් එක නොදා තිබුනානම්, අලියා ඔය පවුලම මරල යනවා .එතකොට දඩ ගහන්නේ අලියටද? වැඩිය වටින්නේ මිනිස් ජීවිතද අලියෙක්ද? (ස)

:       0       0

හර්ෂණ Wednesday, 14 November 2012 07:33 PM

අපෝ! දඩය නම් හොදටම මදි. (නි)

:       0       0

ඩොන් Thursday, 15 November 2012 10:53 AM

වන සංරක්ෂණය දැඩි නීතිරීති සහිත වැඩපිළිවෙළක් තිබිය යුතුයි. කැළය රැකුණොත් සතා සීපාවනුත් රැකෙයි. (නි)

:       0       0

සම්පත් Wednesday, 14 November 2012 08:26 PM

සිල්ව මහතයො අලින්ට කොහෙද දල.................? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site