කන්තලේ සේරුනුවර සුමේධංකරපුරයේදී පසුගිය හත්වැනිදා විදුලිසැර කවා වල්අලියකු මරා දැමූ සේරුනුවර බී.ජී. සුනිල්ට මුතූර් මහේස්ත‍්‍රාත් එම්. පායිස් රසාක් මහතා රුපියල් ලක්‍ෂ එකහමාරක දඩ නියම කෙළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් දෙනවා බරපතල වැඩ ඇතුව. (නි)
ඔය මිනිහ කරන්ට් එක නොදා තිබුනානම්, අලියා ඔය පවුලම මරල යනවා .එතකොට දඩ ගහන්නේ අලියටද? වැඩිය වටින්නේ මිනිස් ජීවිතද අලියෙක්ද? (ස)
මාර දඩයක්නේ මට ගෙවනන උනේ සුදු පාන් දෙකකුයි ලොකු සැමන් එකකුයි ගේන්න දුන්නු සල්ලි..!(නු)
අපේ නිලධාරීන්ගේ කොන්ද පණ නෑ (ස)
වන සංරක්ෂණය දැඩි නීතිරීති සහිත වැඩපිළිවෙළක් තිබිය යුතුයි. කැළය රැකුණොත් සතා සීපාවනුත් රැකෙයි. (නි)
විදුලි කම්බිය දැම්මේ ආරක්ෂාවට. නැත්නම් ඒ මනුස්සයාගේ දරු පවුල? වගාව? මේවා ගැනත් සිතන්න ඕනෑ නේද? (නි)
වසන්ත හරි. නමුත් මේවාට කැළෑ අස්සේ මිනිසුන්ට ඉඩම් ලබාදෙන දේශපාඥයිනුත් වගකිව යුතුයි නේද? (නි)
දඩේ නම් මදි. අඩුම තරමින් ලක්ෂ 10ක් විතර දඩ ගහලා අවුරුදු 10කට විතර හිරේට යැවුවා නම් හරි. (නි)
වසන්ත, අපි උන්ගේ නිජබිම අයිති කරගත්තහම උන් කොහේද ඉන්නේ? (නි)
කොහෙන් ගෙවන්නද ඉතින් (ස)
අලියාගේ වටිනාකමට දඩයක් ගැහැවා නම් හරි. ගෙවන්න බැරි නම් හිරේට යවන්න ඕනෑ. (නි)
මේ ගැන වැඩිය සද්ද කරන්න එපා.මොකද සමහර රටවල ඉන්නවා ඉස්සර අපේ රටේ විනෝදයට අලි මරපු අයගෙ මුණුපුරු,මිණිපිරියන්. ඒ අය දැනගත්තොත් පෝළිමේ ලංකාවට එයි අලි මරන්න ලක්ෂ එකහමාරට. (නි)
අලියා වටින්නේ රු.150,000/- යිද? (නි)
ලක්ෂ 50 වත් දඩ නියම කරලා අවුරුදු 10 කටවත් හිරේ යවන්න ඔනි (ස)
සිල්ව මහතයො අලින්ට කොහෙද දල.................? (ස)
අපෝ! දඩය නම් හොදටම මදි. (නි)
කන්නද දන්නෙ නැහැ මැරුවේ? අල්ලලා කවන්නයි තිබුණේ. තිරිසන් මිනිස්සු. (නි)
කළ පවු කුමකට පින් සිදුවන්න කරන පවු කුමටද පවු පුරවාගෙන.... (නි)
අලි අහිංසක ගොවියන් මරලා වගාවන්ට හානි කරලාගෙවල් විනාශ කළාම අලින්ව නොමරා ඉදියිද ? එවැනි දේවලට කවුද වගකියන්නේ. (ස)
එතකොට හිරගෙදර හිටපු හිරකාරයෝ මැරුවට පවු නැද්ද? අලි මරන එක විතරද පවු? (නි)
අලි මරන එකත් මහ වැඩක්ද? ලංකාවේ තියෙන පත්තර ටික බැලුවාම මිනිස්සු මරණ කපන හැටි පුදුම හිතෙනවා.ආගමික නායකයෝත් මේවට නිහඩයි. මෙහෙම ගියොත් ලංකාවෙ මිනිස්සුන්ට මොනවා වෙයිද දන්නෙ නැහැ. ප්‍රශ්නයක් වුණ ගමන් කරන්නේ මරන එක කපන එක......මිනිස්සුන්ගේ මනසවල් විකෘති වෙලා. හරිම කණගාටුයි. (නි)
අපෝ මදි. අලි දළ දෙකම වටිනවා ඇති ලක්ෂ දෙකක් විතර. (නි)
දඩුවම මදි, අඩුමගානේ අවුරුදු10 වත් හිරේ යවන්න ඕනි (ස)
දැන් හැමෝම අලි මරාවි. මොකද ලක්ෂ 1 1/2න් බේරෙන්න පුළුවන්නේ (ස)
හිරේ යවන්නත් ඕනි මේ කරන වැඩ වලට (ස)