ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාගේ නාවල විජය මාවතේ නිවසට එල්ල කළ වෙඩි ප්‍රහාරයට විරෝධය දක්වමින් කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද විරෝධතා පා ගමනක් පැවැත්විණ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජික සාමාජිකාවන් රැසක් මෙම විරෝතාවට එක් වූ අතර ඔවුන් කියා සිටියේ රාජපක්ෂ මහතාගේ නිවසට එල්ල කළ ප්‍රහාරය ඇතුළු සමස්ත නීතීඥ ප්‍රජාවටම දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර වහා නවතා දමන ලෙසත්, අග විනිසුරුවරිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දෝෂාභියෝගය ද වහා හකුලා ගන්නා ලෙසත් ය. විරෝධතා පා ගමන අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ සිට කෙසෙල්වත්ත පොලීසිය අසල ශ්‍රී ලංකා නීතීඥ සංගම් මූලස්ථානය දක්වා ගමන් කැරිණ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලුත් කඩේ කළු කබා විරෝධයක් අදත්
රත්න Friday, 21 December 2012 03:42 PM
වනිතා, වරුණ, කවුද මේ අවුල ඇතිකළේ? (නි)
හේරත් Friday, 21 December 2012 04:19 PM
අපි අපේ පන්තිය රැකගනිමු. (නි)
ප්‍රසන්න Friday, 21 December 2012 04:25 PM
මේවා දැන් අපිය මෙගා නාට්‍ය වගේ පුරුදු වෙලා. (නි)
ශ්‍රීදේවි Saturday, 22 December 2012 11:20 AM
අජිත් මෝඩ කතා කියන්න එපා (ස)
සුනන්ද Saturday, 22 December 2012 10:28 PM
පකිස්ථානෙ ජනාධිපතිත් උසාවි ගියා.. අපේ සහයෝගය...!(නු)
කීර්ති Friday, 21 December 2012 06:27 PM
නීතියක් නොමැති රටක් අපි අපගේ දරුවන්ට දායාද කර දෙමුද? (නි)
හේරත් එස්. Saturday, 22 December 2012 12:43 PM
අහිංසක ගොවියෝ පෙළපාලියට සැරසේවි.. මමත් එනවා උදව්වට... කවුරඅ වෙනුවෙන්ද අපි මේ වැඩකරන්නේ...!(නු)
අජිත් Friday, 21 December 2012 07:52 PM
පොඩ්ඩ එහේ මෙහේ වෙද්දි පාරට බහිනවනේ අනේ ....(ස)
වික්‍රම Friday, 21 December 2012 09:17 PM
මොනවා වෙයිද දන්නේ නැහැ අපිට තියෙන්නේ වෙනදෙයක් බලන් ඉන්න තමයි (දී)
වනිතා Friday, 21 December 2012 03:05 PM
මේ සුදු කබා කලු කබා යුද්දෙ ඉවර වෙන්නේ කවදද ? (ස)
වික්‍රම Saturday, 22 December 2012 05:15 PM
මොනවා වෙලා ඉවර වෙයිද දන්නේ නැහැ මේ ප්‍රශ්නේ (දී)
වරුණ Friday, 21 December 2012 03:21 PM
හැම දේම අවුලෙන් අවුලට පත්වෙනවා. මොනවා වේවිද ?? (ස)