සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණු ඔත්තුවකට අනුව වහාම කි‍්‍රයාත්මක වී නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශයේ සැඟවී සිටි අල් කයිඩා ජ්‍යෙෂ්ඨ නායකයකු ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදාව පෙරේදා (8) සමත් විය. ඝාතනය වූයේ අල් කයිඩා නායක අබු සෙයිඞ් බව පාකිස්තාන ආරක්ෂක අංශ පවා නිවේදනය කරයි. අබු සෙයිඞ් සැඟව සිටියේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පිහිටි උතුරු වසිරිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශයේය. අබු සෙයිඞ් අවස්ථා ගණනාවකදී සැඟවී සිටි ස්ථානය වෙනස් කරමින් ඇමෙරිකා හමුදාවෙන් බේරුණු බවත් කෙසේ හෝ අවසානයේදී ඔහු සහ තවත් අල් කයිඩා සටන්කාමීන් 12 දෙනකු මරා දැමීමට හැකිවූ බවත් ඇමෙරිකා හමුදාව පවසයි. අබු සෙයිඞ්ට පෙර එම තනතුරේ කටයුතු කළේ අබු යාහා ලිබීය. ඔහු ද නියමුවන් රහිත ඩ්‍රෝන යානාවකින් ඝාතනය ලක් වූයේ ඉකුත් ජූනි මාසයේදීය. එහිදී තවත් අල් කයිඩා සටන්කාමියෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd