අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධ විභාගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟදැයි අර්ථ නිරූපණයක් ඉල්ලා අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් දෝෂ සහගත යැයි නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා නිමල් ගාමිණී අමරතුංග මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිෂ්ච මණ්ඩලය හමුවේ අද විරෝධතා ඉදිරිපත් කළේය. අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් හතක් සම්බන්ධයෙන් මෙම අර්ථ නීරූපනය ඉල්ලා තිබිණි. අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් පැමිණිල්ලේ සහ නීතිපති යන දෙපාර්ශවයේම කරුණු විමැසිය යුතු වුවත් මෙහිදී එය සිදුවී නැතැයි තර්ක කළ නීතිපති එහෙයින් මෙම පෙත්සම් විභාගයට ගැනීමට ඉඩක් නැතැයි ද තර්ක කළේය. විභාගය සිකුරාදාට කල් තැබිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම බැහැ. එතකොට අපේ ආණ්ඩු විරෝධයට මොකද වෙන්නේ? (නි)
අයියෝ සල්ලි
මේකෙ දැං වැරදි තියෙනවා කියලා මග අරින්නයි යන්නේ..!(නු)
අයියෝ සල්ලි
අපිට නම් ගොඩක් ලැජ්ජයි අපේ නීතිය ගැන. (නි)