දීපාවලී උත්සවය වෙනුවෙන් මේ වසරේදීද ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී උත්සවයක් පැවැත්විණි.
මහ බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් විශාල පිරිසක් සහභාගී වූ උත්සවය ආරම්භකෙරුනේ ශිවාසිරි රාමනාත කුරුක්කල් පුජක තුමන් පැවැත්වූ ආගමික වතාවත් වලින් අනතුරුවය.
පුජාව අතරතුර පැමිණසිටි පිරිස අමතා රාමනාතකුරුක්කල් පුජකතුමා සිංහලෙන් හා දෙමළෙන් කතා කළේය. ඔහු කියාසිටියේ " දීර්ඝ කාලයක් පුරා පැවති ව්‍යසනයකින් පසුව අපගේ මුබිම දැන් නව දිව්නුවක් කරා සීග්‍රයෙන් ගමන්කරනා මෙවන් කාලයක
විදෙස්රටවල ජීවත්වන ශ්‍රී ලාංකික සියලුදෙනාම එකමුතුවී දේශපාලන ජාතික හෝ වෙනයම් හෝ මත වාද අමතකකර මව්රටේ දියුණුව උපකාරී වීම සඳහා ඉදිරිපත්විය යුතු" බවයි.
කුඩා අවදියේ සිය දෙමව්පියන්සමඟ යාපනයේ කල සංචාරයන් සහ එවන් එක ගමනකදී නල්ලූර් කෝවිලේ පුජාවට සහභාගීවීම වැනි සුන්දර සිහිවටන තවමත් සිය මතකයේ තැන්පත්ව ඇතිබවත්, ත්‍රස්තවාදයේ නිමාවෙන් පසුව ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින වේගවත් දිවූණුව සඳහා සම්මාදම්වීමට විදෙස්ගතව ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්හට දැන් ඉඩප්‍රස්තාව එළැඹී ඇති බවත් පැමිණසිටි සියලුදෙනා පිළිගනිමින් මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් පැවසීය.
එන්ගලන්තයේ හින්දු දේවස්ථාන මඩුල්ලේ සභාපති බ්‍රිජ් මොහාන් ගුප්තා කතාකරමින් " දීපාවලී උත්සවයේ නිම අර්ථය එකමුතුකම" බවත් "එංගලන්තයේ ඉන්නා ශ්‍රීලාංකිකයන් එකමුතු කිරීම උදෙසා ක්‍රිස් නෝනිස් මහ කොමසාරිස් සිදුකෙරෙන මෙහෙය අගය කල යුතු බවත්" පැවසීය.
ශ්‍රී ලාංකික දරු දැරියෝ නැටුම් අංග කිහිපයක් ද ඉදිරිපත් කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් ආඩම්රයි ජාතියේ එකමුතුකමට හරිම ලස්සනයි පොටෝ ටික..!(නු)
අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතික දියුණ පතා..!(නු)
ඇත්තෙන්ම ක්‍රිස් නෝනිස් මහ කොමසාරිස්තුමා අවංක පුද්ගලයෙක්. (නි)
පිරිත් පින්කමට වැඩිය දීපවලියට පිරිස ඇවිත්නේ .(නු)
ගොඩක් හොද අදහසක්. (නි)
අයියෝ සල්ලි
හොද වැඩක්
ජාතික එකමුතුකම... (නි)
සිංහල සහ දෙමළ ජාතීන් අතර තියෙන්නේ ලොකු බැදීමක්. (නි)
නම සම්පත් වුණාට ලංකාවෙ සම්පතක් නෙමෙයි වගේ. නැත්නම් ඔය වගේ කතා කියයිද? (නි)