IMG-LOGO

අබුඩාබියේ වද විඳි 12ක් එති

අබුඩාබියේ මුසාෆා නගරයේ පෞද්ගලික පිරිසිදු කිරීමේ සමාගමක බලහත්කාරයෙන් සේවයේ යොදා ගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 12 දෙනෙක් එරට කම්කරු උසාවියේ නියෝගයකට අනුව මුදාහරිනු ලැබ කටුනායකින් දිවයිනට පැමිණියහ.

මීගමුව, වෙන්නප්පුව, ගම්පහ, පූගොඩ සහ හංවැල්ලේ පදිංචි එම කාන්තාවන් වසර දෙකක සේවා ගිවිසුමකට යටත්ව එම ආයතනයේ සේවයට ගොස් ඇති අතර සේවා ගිවිසුම අවසානයේ ලංකාවට ඒමට නොදී බලහත්කාරයෙන් රඳවාගෙන සේවයේ යොදවාගෙන ඇත.

තමන්ට මෙරටට ඒමට හැකිවූයේ අබුඩාබි තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරුන් වන එම් ඊ ජී සමරවීර, විශ්ව දිසානායක සහ තෙවන ලේකම් රුවන් ගුණතිලක මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් බව කටුනායකදී එම කාන්තාවෝ පැවසූහ.



අදහස් (0)

අබුඩාබියේ වද විඳි 12ක් එති

ෂෙරීෆ් Monday, 24 December 2012 10:08 PM

ලංකාවෙන් යන අය අන්තිමට කරන්නේ හම්බකරගෙන බැණලා එන එකයි. (නි)

:       0       0

මෝරාළ Monday, 24 December 2012 04:24 PM

මෙහේ ඉදගෙන අපි කොච්චර කෑගැහුවත් එයාලා නැත්නම් ලංකාවේ ආර්ථිකයට මරු පහරක් වදිනවා. (නි)

:       0       0

අරුණ Monday, 24 December 2012 04:27 PM

අමාරුවේ වැටුණු කෙනෙකුට හිනාවෙන එක මහ කැත පුරුද්දක්. (නි)

:       0       0

හිල්මි Monday, 24 December 2012 04:44 PM

මම කැමතියි මේ අයගෙන් එක්කෙනෙක්ව භාරගන්න. (නි)

:       0       0

හිල්මි Monday, 24 December 2012 04:51 PM

මේ අයට අසරණයි කිවුවොත් අසරණ අයට කියන්නේ මොකක්ද කියලයි මට නම් තේරෙන්නෙ නැත්තේ. (නි)

:       0       0

කොස්වත්ත Tuesday, 25 December 2012 01:20 AM

සිල්වා හරි. අපි එයාලව සාදරයෙන් පිළිගනිමු. (නි)

:       0       0

සුසිල් Monday, 24 December 2012 05:44 PM

මීට වඩා ප්‍රශ්න තිබෙන අය මෙහේ ඉන්නවා. මෙයාලා මහන්සිවෙලා හොදට හම්බකරලා සතුටින් හිටපු අය වගේ. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 25 December 2012 01:46 AM

අනතුරුදායක අවවාදයයි. ඔය අක්කලා ඒ රට තුළදී රත්තරන් මාල පැළදෙගන ගමන් බිමන් ගියාට ප්‍රශ්නයක් නොමැත. නමුත් ලංකාව තුළ ගමන් බිමන් යෑමේදී ඔබගේ මාලය සහ බෙල්ල පරිස්සම් කරගැනීමට වග බලාගන්න. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 25 December 2012 01:44 AM

ප්‍රසන්න, ඒ රටේ අයට බුද්ධිය අඩුයි. අපේ රටේ අයට බුද්ධිය වැඩිනිසා තමයි එම රටවලට ගිහින් ඒ අයට සේවය කරන්නේ. (නි)

:       0       0

කීර්ති Monday, 24 December 2012 05:58 PM

යන්න නොදී හිටිය එකයි වැරැද්ද? මම හිතුවේ පඩිත් නොදී යවල කියල.(අ)

:       0       0

සෝමා Tuesday, 25 December 2012 02:38 AM

දන්නෝ දනිති.... නොදන්නෝද දනිති... (නි)

:       0       0

හිල්මි Tuesday, 25 December 2012 03:25 AM

අංජන කරන්නේ අංජනම් එළි බලන එකද දන්නෙ නැහැ. (නි)

:       0       0

සිල්වා Monday, 24 December 2012 12:06 PM

නැවත මවු බිමට සාදරයෙන් පිලිගන්නවා (දී)

:       0       0

ප්‍රසන්න Monday, 24 December 2012 12:15 PM

මෙහේ තියෙන දෙයක් කරලා කීයක්හරි හොයාගන්නෙ නැතුව මොකට එහේ යනවද මන්දා? (නි)

:       0       0

චමල් Monday, 24 December 2012 12:27 PM

රට ඉන්නා කාන්තාවන් විදිනා දුක බලන්න එම රටවලටම යායුතුය. ලංකාවට වෙලා වීර කතා කිවුවට වැඩක් නැත. (නි)

:       0       0

ෂිරාස් Monday, 24 December 2012 12:31 PM

ගොඩක් බඩු පුරවගෙන එන්න වෙලා නෑ නේ ?? (ස)

:       0       0

ගාමිණි අබුඩිබි Monday, 24 December 2012 07:29 PM

මීට වඩා මානුෂිකව හිතලා ප්‍රතිචාර කරන්න. (අ)

:       0       0

මුතු Monday, 24 December 2012 01:01 PM

හැබැයි මේ නංගිලාගේ ෆොටෝ ටික බලද්දී ලංකාවට වඩා හොදින් ඉදලා තියෙනබව පේනවා. (ස)

:       0       0

ෂාෆික් Monday, 24 December 2012 01:17 PM

ඔවු මුතු, එහෙම එකක් තමයි පෙනෙන්නේ. (නි)

:       0       0

ජසීම් Monday, 24 December 2012 01:24 PM

අනේ පවු. (නි)

:       0       0

තිලක් Monday, 24 December 2012 01:31 PM

මමත් දැනට අවුරුදු 7ක ඉදන් අබුඩාබියේ සේවය කරනවා. අබුඩාබි කියන්නේ අනෙක් ගල්ෆ් රටවලට වඩා හොද රටක්. (නි)

:       0       0

අශාඩ් Monday, 24 December 2012 01:34 PM

අනේ මන්දා, එයාලා දිහා බලද්දි මට නම් හිතාගන්න බැහැ. (නි)

:       0       0

ෂිරාශ් Monday, 24 December 2012 01:36 PM

එයාලා දිහා බලද්දී අපිට හැමදේම හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

අකිල Tuesday, 25 December 2012 09:12 AM

මොන දුකක් විදලා හරි මව්බිමට එනකොට තියෙන සතුට ඒක විදපු නැති අයට තේරෙන්නෙ නැහැ.. එහෙම බලන්න එපා. මිනිසුන් කොතරම් දූෂිත වෙලාද කියලා මේ අදහස් දැක්කාම තේරෙනවා.. (නු)

:       0       0

සරත් Tuesday, 25 December 2012 09:07 AM

මිනිසුන් මේ තරම් පිරිහිලාද කියලා මේ අදහස් දැක්කාම පේනවා.!(නු)

:       0       0

සුමිත් Tuesday, 25 December 2012 09:08 AM

කොතරම් දුක් විදලා හරි තමන්ගේ රටට ආවාම තියෙන සතුට අනිත් අයට තේරෙන්නෙ නැහැ..!(නු)

:       0       0

අනුර Monday, 24 December 2012 01:49 PM

හොදින් සතුටින් සිට පැමිණි ඇති බවයි මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

ධම්ම Monday, 24 December 2012 01:56 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මෙය එම ලේකම්වරුන්ගේ පෞද්ගලික මැදිහත්වීමක්ද? රාජකාරියක්ද? (නි)

:       0       0

ප්‍රසන්න Monday, 24 December 2012 08:23 PM

ඒ රටේ අයට සල්ලි තිබුණට බුද්ධිය අඩුයි. (නි)

:       0       0

බන්දුල නුවර Tuesday, 25 December 2012 09:34 AM

වැරදි විදියට මේ අය දිහා බලන්න එපා.. අවුරුදු දෙකක් තිස්සේ දෙමාපියන්ගෙන් සැමියාගෙන් දරුවන්ගෙන් සහ නෑ හිතමිතුරන්නේ ‍ඈත් වෙලා ඒ මිනිසුන් ඔය ආපහු සිය රටට එන්නෙ..? ඒ එනකොට බඩු පුරවාගෙන එනවා කියන අයටයි මේ කියන්නේ.. ඒ අය ගියපු දවසෙ ඉදලා ටිෂූ එක පවා එකතු කරලා තමයි ඔය මළු පුරවාගන්නෙ..? මේ මළුවල වටිනාදේවල් බොහොම ටිකයි.. ඒක දන්න අය දන්නවා. අහිංසක මිනිසුන්ට ගරහන්න එපා.. මේ අයගේ අහිංසක කම මං ඇහින් දැකලා තියෙන නිසයි කියන්නේ...(නු)

:       0       0

නිශා Monday, 24 December 2012 02:06 PM

දම්ම, ඒත් හැම රටකම ඉන්නවා කැමැත්තෙන් රැදී සිටින කට්ටියකුත්. (නි)

:       0       0

පද්මි Monday, 24 December 2012 02:18 PM

සමහරු බලන්නේ කැත සිතින්නේ . ඔයාල කැමති මේ අය වැරහැලි ඇඳගෙන එනවටද ?? (ස)

:       0       0

බන්දු Monday, 24 December 2012 02:14 PM

මේක නම් විශ්වාස කරන්නත් අමාරුයි වගේ. (නි)

:       0       0

නිමල් Monday, 24 December 2012 02:16 PM

මේ අයගේ සේවා කාලය ඉවර වෙලා ලංකාවට යන්න නුදුන් නිසා තමයි මේ ප්‍රශ්නෙ. (ස)

:       0       0

ලලිත් - කටාර් Monday, 24 December 2012 02:19 PM

මොනවද මේ මිනිස්සු කියන කතා? අම්මපා! පුදුම ඊර්ෂ්‍යාවක්නේ තියෙන්නේ. (නි)

:       0       0

ජගත් Monday, 24 December 2012 02:38 PM

ධම්ම, මෙය එම ලේකම්වරුන්ගේ රාජකාරියයි. (නි)

:       0       0

ලක්මාල් Monday, 24 December 2012 02:38 PM

සත්‍ය සැමදා ජය ගනී (ස)

:       0       0

රිස්වි Monday, 24 December 2012 02:54 PM

LED එහෙම ගේන්නේ ...සරුයි වගේ (ස)

:       0       0

අංජන Monday, 24 December 2012 03:16 PM

වැඩිපුර අදහස් දාලා තියෙන්නේ අපේ තම්බි මල්ලිලානේ. මොකෝ දන්නෙ නැහැ. (නි)

:       0       0

හිෆාස් Monday, 24 December 2012 03:48 PM

අනේ මන්දා (ස)

:       0       0

යොවුන්සලවි Monday, 24 December 2012 04:02 PM

යන්න නොදී හිටිය එකයි වැරැද්ද? මම හිතුවේ පඩිත් නොදී යවල කියල.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 141 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 429 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site